
කීර්තිමත් මහාචාර්ය පිලිප් කොට්ලර්ගේ ‘Essentials of Modern Marketing’ කෘතියේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් සංස්කරණයේ සිද්ධි අධ්‍යයනයක් ලෙස INSEE සංස්ථා සිමෙන්ති තෝරා ගැනේ
ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීයතම සිමෙන්ති සන්නාමය වන INSEE සංස්ථා, මහාචාර්ය පිලිප් කොට්ලර්ගේ ‘Essentials of Modern Marketing’ යන පර්‌යේෂණ කෘතියේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින පිළිබඳ සංස්කරණයේ ප්‍රධාන සිද්ධි අධ්‍යයනයක් ලෙස ඉදිරිපත් කිරීම සඳහා Kotler Impact Inc. සමාගම විසින් තෝරාගෙන ඇත. මෙම ගෞරවණීය පිළිගැනීම INSEE සංස්ථා සිමෙන්ති, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්නාමයක් ලෙස පෙන්නුම් කළ විශිෂ්ට ඔරොත්තු දීමේ හැකියාව සහ වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස දිනා ඇති ස්ථානය නැවත වරක් තහවුරු කිරීමකි.
මීට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පසුගිය දා සිදු කෙරුණු අතර, මෙම අවස්ථාවට INSEE නියෝජනය කරමින් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තුසිත් ගුණවර්ණසූරිය, වෙළඳ අධ්‍යක්ෂ සෆීඛාන් සිද්දික්, අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ගයානි පෙරේරා සහ Kotler Impact Inc. නියෝජනය කරමින් එහි දේශීය නියෝජිත ඩෙන්සිල් පෙරේරා යන මහත්ම මහත්මීන් සහභාගී විය.
මෙම ප්‍රකාශනයට INSEE සංස්ථා සිමෙන්ති ඇතුළත් කිරීම, සමාගමේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සේ සැලකිය හැකි අතර, වසර ගණනාවක් පුරා ක්ෂේත්‍රයේ සිදු වූ සැලකිය යුතු වෙනස්කම් සහ හිමිකාරිත්වයේ සිදු වූ වෙනස්වීම් මධ්‍යයේ වුවද, නොසැලෙන වෙළඳපොළ විශ්වාසයක් පවත්වා ගනිමින් පැමිණි සන්නාමයේ ආකර්ෂණීය ගමනට දිය හැකි මනා නිදසුනක් ද වේ. ශ්‍රී ලංකාවේ සිමෙන්ති වෙළඳපොළේ ප්‍රමුඛතම සන්නාමය ලෙස INSEE සංස්ථා සිමෙන්ති, රට පුරා පෙදරේරුවන්, කොන්ත්‍රාත්කරුවන් සහ නිවාස ඉදිකරන්නන් අතර ප්‍රියතම තේරීම ලෙස නිරන්තරයෙන් රැඳී සිටීමට සමත් විය.
Kotler Impact Inc. වෙතින් ලැබුණු මෙම පිළිගැනීම, INSEE සංස්ථා සිමෙන්ති සන්නාමයේ විශිෂ්ටත්වය සහ ගුණාත්මක බව සඳහා දක්වන කැපවීම තහවුරු කරන සාක්ෂියක් බඳුය. සන්නාමය මෙතෙක් ආ ගමන්මග පුරාම, INSEE සංස්ථා සිමෙන්ති නිෂ්පාදනවල ගුණාත්මකභාවය මෙන්ම ශ්‍රී ලාංකික ඉදිකිරීම් ප්‍රජාවට ලබා දෙන පොරොන්දුව අඛණ්ඩව සුරැකීමට සමත්ව ඇත. පාරිභෝගිකයින් සමඟ ඇති සමීප සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් කර ගනිමින්, පැමිණි සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණ දීමට ද සන්නාමයට හැකි වී ඇත.
පාරිභෝගික විශ්වාසය ආරක්ෂා කිරීම අතින් මෙන්ම සංකීර්ණ පුළුල් පාරිසරික වෙනස්කම්වලට පවා සාර්ථකව මුහුණ දීමට සමාගමට ඇති හැකියාව නැවත වරක් තහවුරු කරමින් INSEE සංස්ථා සිමෙන්ති, නූතන සන්නාම කළමනාකරණය පිළිබඳ ආදර්ශමත් උදාහරණයක් බවට පත් වී තිබීම ආඩම්බරයට කරුණකි. ශ්‍රී ලංකාවේ සිමෙන්ති නිෂ්පාදනයේ සහ බෙදා හැරීමේ පුරෝගාමියා බවට පත් වෙමින්, විවිධ වෙනස්කම්වලට සාර්ථකව මුහුණ දීම සම්බන්ධයෙන් සන්නාමය සතු හැකියාව, ගෝලීය වශයෙන් අලෙවිකරණ වෘත්තිකයන්ට වටිනා දැනුමක් ලබා දෙනු ඇති බව නොඅනුමානය.
මහාචාර්ය පිලිප් කොට්ලර්ගේ ප්‍රකාශනය සමඟ INSEE සංස්ථා සිමෙන්ති ඇති කරගත් මෙම සහයෝගීතාවයෙන් තුළින් සමාගම, තිරසර සන්නාම ගොඩනැගීම පිළිබඳ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට තහවුරු කර ඇත. මෙම අධ්‍යයනය ශ්‍රී ලංකාව සහ මාලදිවයින පුරා විවිධ ව්‍යාපාර, සිසුන් සහ අලෙවිකරණ වෘත්තිකයන් සඳහා වටිනා අධ්‍යාපනික දායාදයක් ලෙස මෙන්ම සාර්ථක සන්නාම උපායමාර්ග පිළිබඳ දේශීය වශයෙන් දිය හැකි මනා අවබෝධයක් ද සපයයි.
ඉදිකිරීම් කර්මාන්තය තුළ කොන්ක්‍රීට් සහ අනෙකුත් සිමෙන්ති විසඳුම් සඳහා විශ්වසනීය හවුල්කරුවෙකු ලෙස දශක පහකට වැඩි කාලයක් පුරා ලාංකික වෙළඳපොළට සහ පාරිභෝගිකයින්ට සේවය සලසමින් INSEE සංස්ථා සිමෙන්ති පෙන්නුම් කළ නොසැලෙන කැපවීමට ද මෙම පිළිගැනීම තවත් එක් සාක්ෂියකි.
එපමණක් නොව, මේ තුළින් අලෙවිකරණ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට, දැනුම බෙදාහදා ගැනීමට මෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයේ යහ-භාවිතයන් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වීමට INSEE සංස්ථා සිමෙන්ති සතු කැපවීම තවදුරටත් තහවුරු කරන්නට සමත්ව ඇත.