August 15, 2025
IIBM Campus වසරේ විශිෂ්ටම නැගී එන අධ්‍යාපන ආයතනය ලෙස People’s Excellency සම්මාන දිනයි
පුවත්

IIBM Campus වසරේ විශිෂ්ටම නැගී එන අධ්‍යාපන ආයතනය ලෙස People’s Excellency සම්මාන දිනයි

Jan 23, 2025

මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වන IIBM Campus People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නැගී එන අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. මෙම ජයග්‍රහණය තුළින් එම ආයතනයේ ශීඝ්‍ර වර්ධනය, ගුණාත්මක අධ්‍යාපනය සහ නව්‍යකරණය සඳහා වන කැපවීම පිළිබිඹු වේ. IIBM Campus සමග සම්බන්ධ වී එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා සහ ආසියානු රටවල් රැසක කීර්තිමත් විශ්ව විද්‍යාල පිරිනමන ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඩිප්ලෝමා සහ උපාධි ලැබීමට සිසුන්ට අවස්ථාව ඇත. එම අධ්‍යාපන සුදුසුකම් සපුරන සිසුන්ට දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් රැකියා වෙළෙඳපොළ තුළ ඇත්තේ ඉහළ ඉල්ලුමකි.

විදේශීය විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට අපේක්ෂා කරන සිසුන්ටද IIBM Campus වෙතින් සේවා ලැබිය හැකිය. සිසුන්ට රටවල් 23ක් අතරින් කැමැති රටක් තෝරා ගැනීමට අවස්ථාව ලැබේ. අධ්‍යාපනය ලැබීමට සුදුසු රටක් තෝරා ගැනීම, සුදුසු අධ්‍යාපන වැඩසටහනක් තෝරා ගැනීම, අයැදුම් ක්‍රියාවලිය සහ ශිෂ්‍ය වීසා ගැනීම වැනි සියලු කටයුතුවලට අදාළ මාර්ගෝපදේශනය එම ආයතනයෙන් ගත හැකිය. විදේශයක අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්ගේ අධ්‍යාපන ඉලක්ක, මූල්‍ය තත්ත්වය සහ අනෙකුත් පෞද්ගලික තෝරා ගැනීම් ඇතුළු සියල්ල සළකා බලා අවශ්‍ය උපදේශන සපයන අතර ඒ සඳහා ගාස්තුවක් අය නොකෙරේ. ඉහළ සුදුසුකම් සහ දීර්ඝකාලීන පළපුරුද්ද සහිත IIBM Campus කාර්ය මණ්ඩලය සිසුන්ට සුහදශීලී සහ කාර්යක්ෂම සේවාවක් සපයයි. “නිරන්තරයෙන් වෙනස් වන ගෝලීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉලක්ක ජය ගැනීමට සිසුන්ට නිසි මග පෙන්වීමක් අවශ්‍යයි. අප සපයන උසස් තත්ත්වයේ ගුණාත්මක සේවාව නිසා කෙටි කාලයකින් විශාල සිසු පිරිසක්  IIBM Campus සමග සම්බන්ධ වුණා. People’s Excellency සම්මානයෙන් පිදුම් ලැබීම අපට විශාල ගෞරවයක්.” IIBM Campusහි ප්‍රකාශකයෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close