August 15, 2025
IIBM Campus ජාත්‍යන්තරව පිළිගත් විශිෂ්ටම විදේශ අධ්‍යාපන සරසවිය ලෙස සම්මාන දිනයි
පුවත්

IIBM Campus ජාත්‍යන්තරව පිළිගත් විශිෂ්ටම විදේශ අධ්‍යාපන සරසවිය ලෙස සම්මාන දිනයි

May 16, 2025

මෙරට අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයෙකු වන IIBM Campus ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශිෂ්ටම විදේශ අධ්‍යාපන විශ්ව විද්‍යාලය ලෙස තායිලන්තයේ බැංකොක් නුවර පැලස් හෝටල් පරිශ්‍රයේදී පැවැති International Sapphire සම්මාන උළෙලේදී සම්මාන දිනුවේය. මෙම සම්මානය තුළින් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයකට ඇතුළත් වී අධ්‍යාපනය හැදෑරීමේ අපේක්ෂාවෙන් සිටින සිසුන්ට අවශ්‍ය සහයෝගය සහ මඟ පෙන්වීම සැපැයීමට එම ආයතනය සතු කැපවීම යළි තහවුරු වේ.

IIBM Campus සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා යාමට බලාපොරොත්තු වන රටවලට වීසා ගැනීමේ කටයුතුවලදී සපයන සහාය එහිදී විශේෂ ඇගැයීමට ලක් විය. එම ආයතනයේ උපදේශකයන් සෑම සිසුවෙකුම වීසා අයැදුම් කිරීමේදී පිළිගත් ප්‍රමිතිවලට සහ නිර්ණායකවලට අනුව පිළියෙළ කළ ලිපිගොනු ඉදිරිපත් කරන බව සහතික කරයි. සිසුන්ට එම උපදේශකයන් වෙතින් වෘත්තීය ඉලක්ක කරා ළඟා වීමට අවශ්‍ය නිසි මඟ පෙන්වීම ගත හැකිය. අධ්‍යාපනය සඳහා විදේශගත වීමට අදාළ සෑම අදියරකදීම සිසුන්ට සහාය වන ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශකයන් කණ්ඩායමක් එහි සේවය කරයි. සෑම සිසුවෙකු කෙරෙහිම ඔවුන්ගේ සුවිශේෂ අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයෙන් අවධානය යොමු කරන IIBM Campus එකිනෙකට වෙනස් අධ්‍යාපන පද්ධති, සංස්කෘතික වෙනස්කම් පිළිබඳව උගත යුතු දෑ සහ අවශ්‍ය බඩු බාහිරාදිය සූදානම් කර ගැනීම වැනි සෑම අංශයකටම අදාළ උපදෙස් ඉතා නිවැරැදිව සහ පැහැදිලිව සැපැයීම සිසුන්ට විශාල පහසුවකි. එම ආයතනය ඉහළ පෙළේ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන සමඟ ඇති කර ගෙන ඇති හවුල්කාරිත්ව තුළින් උසස් තත්ත්වයේ ගෝලීය වශයෙන් පිළිගත් පාඨමාලා හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close