August 15, 2025
HUTCH, මෙවරඇසළ පෙරහැරට සමගාමීව බැතිමතුන් වෙනුවෙන් ප්‍රජා සත්කාර සේවාවන් රැසක්
පුවත්

HUTCH, මෙවරඇසළ පෙරහැරට සමගාමීව බැතිමතුන් වෙනුවෙන් ප්‍රජා සත්කාර සේවාවන් රැසක්

Aug 5, 2025

HUTCH සමාගම, ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකමක් සහිත සංස්කෘතික උරුමයක් වන මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය සැමරීම සඳහා, මෙවරත් සේවාවන් රැසක් සමගින් දායකත්වය ලබාදෙනවා. ඇසළ පෙරහැර සමය පුරාවටම ක්‍රියාත්මක වන පරිදි, මෙම පූජනීය උත්සවය දැකබලා ගැනීමට එක්වන දහස් ගණනක් වූ බැතිමතුන් සඳහා HUTCH මෙම  වැඩසටහන් මාලාව දියත් කර තිබෙනවා.

මහජනතාවගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් HUTCH සමාගම පෙරහැර සමයේදී ප්‍රධාන වැඩසටහන් දෙකක් හඳුන්වා දී ඇත. පළමුවැන්න වන්නේ, ළමුන් සහ වැඩිහිටියන් සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද wristbands බෙදා දීමයි. මෙම wristbands, HUTCH සමාගමේ හදිසි සේවා ඇමතුම් අංකයක් සමඟ සම්බන්ධ වන අතර, එමගින් අතරමං වූවන් සොයා ගැනීමට හෝ හදිසි අවස්ථාවලදී පොලිස් හදිසි සේවා වෙතට සෘජුවම සම්බන්ධ වීමට උපකාරී වනවා. මෙම wristbands, HUTCH වෙළඳ කුටියෙන් සහ පෙරහැර මාර්ගයේ පිහිටි නිල පොලිස් මුරපොලවලින් ලබා ගත හැක.

එසේම අධික ජනතාවක් පැමිණෙන සංස්කෘතික උත්සවයකදී දුරකථන සම්බන්ධතා පවත්වා ගැනීමේ වැදගත්කම හඳුනාගෙන HUTCH සමාගම විසින් මහජනතාව සඳහා නොමිලේ ජංගම දුරකථන ආරෝපණ ස්ථාන සහිත විශේෂ කුටියක් පෙරහැර පරිශ්‍රයේ ස්ථාපිත කර ඇත. මෙම ජංගම දුරකථන බැටරි ආරෝපණය කර ගැනීමේ ස්ථානය ආරක්ෂිත wristbands බෙදා හැරීමේ මධ්‍යස්ථානයක්ද වනවා.

HUTCH සමාගමේ, ප්‍රධාන අලෙවි නිලධාරී හම්දි හසන් මහතා ප්‍රකාශ කළේ “ඇසළ පෙරහැර සදහා සම්බන්ද වීමෙන් පිළිබිඹු වෙන්නේ අපගේ දේශීය සංස්කෘතිය කෙරෙහි ඇති ධනාත්මක ප්‍රතිචාරය මෙන්ම සංස්කෘතිය පිළිබඳව අප දක්වන දැඩි ගෞරවය හා අවධානයයි. විදුලි සංදේශන සේවා සපයන්නෙකු  ලෙස ජනතාව සම්බන්ධ කිරීමේ අරමුණට එහා ගිය, ජනතාවට වගේම සම්ප්‍රදායට ඉටුකරන වගකීමක් විදියට මෙය හදුන්වන්න පුලුවන්.මෙහිදී අපගේ අරමුණ වන්නේ පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ සිදුකරන ආගමික පිළිවෙත් සමඟ සම්බන්ධ වන බැතිමතුන්ට මෙම සුවිශේෂී සංස්කෘතික මංගල්‍යයේ අසිරිමත් අත්දැකීම ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමයි.

මෙහිදී HUTCH සපයන සුවිශේෂි සමාජ කාර්යභාරය සේවා සැපයීමෙන් ඔබ්බට ගොස් ජාතික අභිමානය සහ ආගමික සහජීවනය සංවර්ධනය කරමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවලට සැබෑ සහකරුවෙකු ලෙස, තම කැපවීම තහවුරු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close