සැම්සුන්හි Hospitality TV නිෂ්පාදන පෙළ ස්මාර්ට් හෝටල් පද්ධතියක් නිර්මාණය කරයි
ඩිජිටල් තාක්ෂණය පදනම් කරගනිමින් අමුත්තන් වෙත නවමු අත්දැකීම් හිමි කර දීමට කටයුතු කරමින් සිටින මෙරට හෝටල් ක්ෂේත්රය අද වන විට විවිධ අංග සමඟින් වර්ධනය වී ඇත්තේ නව්‍ය තාක්ෂණය භාවිත කරමිනි. එම වර්ධනය මනාව ප්‍රදර්ශනය කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස සැම්සුන් HU8000F Hospitality TV නිෂ්පාදන පෙළ සඳහන් කළ හැකිය. හුදෙක් විනෝදාස්වාදය උදෙසා වූ රූපවාහිනී තිරයක් පමණක් නොව මෙහෙයුම් කළමනාකරණ හා cloud තාක්ෂණය එකට සම්බන්ධ කළ ඒකාබද්ධ පද්ධතියක් ලෙස හෝටල් ක්ෂේත්රයේ සාර්ථකත්වයට දායක වෙමින් තිබේ.
අඟල් 43 සිට 85 දක්වා ප්‍රමාණ 6කින් නිර්මාණය කර ඇති මෙම සැම්සුන් HU8000F මාදිලිය විවිධ වර්ගයේ හෝටල් කාමරවලට ගැලපෙන අයුරින් විශේෂයෙන් නිෂ්පාදනය කර ඇත. සැම්සුන්හි Crystal Processor 4K තාක්ෂණය සමඟින් වඩාත් සුපැහැදිලි හා සජීවී රූප රාමු නැරඹීමේ පහසුව උදා කර දෙන මෙම නිෂ්පාදන පෙලෙහි ඇති HDR10+ සහ Dynamic Crystal Color තාක්ෂණය හරහා වර්ණ බිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් ඉතා සියුම්ව දැක ගැනීමේ අවස්ථාවද හිමි වේ. මෙහි ඇති AirSlim නිමාව හේතුවෙන් ඉතා තුනී පෙනුමක් ගන්නා අතරම ඕනෑම නවීන කාමර අලංකරණයක් සඳහාද මනාව ගැලපේ. සැම්සුන්හි Tizen OS මඟින් මෙම රූපවාහිනී ක්‍රියාත්මක වන බැවින් Netflix, Prime Video සහ YouTube වැනි සේවාවන් සඳහා ඉතා පහසුවෙන් පිවිසීමේ හැකියාවද පරිශීලකයින්ට උදා වේ. තවද ස්වයංක්‍රීය ආකාරයෙන් ශබ්දය පාලනය කිරීම සඳහා වන Adaptive Sound තාක්ෂණය තුලින් ආකර්ෂණීය ශබ්ද රටාවන් පරිශීලකයා වෙත ගෙන ඒමටද එය සමත් වනු නිසැකය.
මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඒ තුල Google Cast සහ AirPlay තාක්ෂණයන් ඇතුළත් කර තිබීමයි. ඒ හේතුවෙන් අමුත්තන්ට තම Android හෝ iOS ජංගම දුරකතන හරහා වෙනත් උපාංග භාවිතයකින් තොරව ඍජුවම වීඩියෝ සහ තවත් බොහෝ දේ නැරඹීමට හැකි වේ. මේ හේතුවෙන් රූපවාහිනී තිරය යොදා ගනිමින් තමන්ගේ පුද්ගලික ගිණුම් වෙත ඇතුලත් වීමේ අවශ්‍යතාවයක් නොවීම විශේෂත්වයකි. තවද හෝටල්වලට අමතර උපකරණ මිලදී ගැනීමට සිදුවන වියදමද අවම වන අතර උපකරණ අස්ථානගත වීමේ හෝ සොරකම් කිරීමේ අවදානමද නොමැති වේ. මෙහි ඇති තවත් පහසුවක් වන්නේ මෘදුකාංග යාවත් කාලීන කිරීම තුලින් දිගු කාලීනව පහසුකම් පවත්වාගෙන යාමට හැකියාව උදා වීමයි.
අමුත්තන්ගේ සුව පහසුව සමඟින් ඔවුන් රැඳී සිටින කාමරයේ ඇති HU8000F රූපවාහිනී යන්ත්‍රය හෝටල් කළමනාකරණ මධ්‍යස්ථානයක් බවට පත් කරනු ඇත්තේ පද්ධතිය Samsung LYNK Cloud සමඟ පහසුවෙන් සම්බන්ධ වෙමිනි. LYNK Cloud හරහා ඕනෑම තැනක සිට රූපවාහිනිය පාලනය කිරීමටත් අමුත්තන්ගේ කාමර වෙත විශේෂ පණිවිඩ හෝ ප්‍රවර්ධන දැන්වීම් යැවීමටත් හැකි වේ. තවද SmartThings Pro තාක්ෂණය තුලින් කාමරයේ ඇති අනෙකුත් පහසුකම් පාලනය කිරීමේ හැකියාවද ඊට ලැබෙන අතර විශේෂ දුරස්ථ පාලක භාවිතය හේතුවෙන් අසල කාමරවල රූපවාහිනී යන්ත්‍රයන්ට බාධාවක් නොවන අයුරින් එය සිදු කිරීමටද හැකි වේ.
හෝටල් පද්ධති සඳහා මනාව ගැලපෙන RJ12 connectors, LAN output ports, නාන කාමරවල ස්පීකර් සඳහා පහසුකම් සහ HDMI හා USB ports ද මෙහි අන්තර්ගත වේ. තවද තාක්ෂණය මගින් හෝටල් දත්ත සහ අමුත්තන්ගේ තොරතුරු සඳහා ඉහළ මට්ටමේ ආරක්ෂාවක් සලසා ගැනීමටද හැකියාව උදා වේ.
වත්මන් හෝටල් කර්මාන්තය තුළ අමුත්තන්ගේ කාමරයන්හි ඇති රූපවාහිනී යන්ත්‍ර විනෝදාස්වාදය සඳහා පමණක් නොවිය යුතුය. බාධාවකින් තොරව වීඩියෝ නැරඹීමට හැකි 4K තාක්ෂණය සහ Samsung LYNK Cloud පද්ධතිය සමඟ සම්බන්ධ වෙමින් අමුත්තන්ට නවමු අත්දැකීමක් එක් කිරීමටත් හෝටලයේ වැඩකටයුතු කාර්යක්ෂමව සිදු කර ගැනීමටත් සැම්සුන්හි නවතම HU8000F රූපවාහිනී නිෂ්පාදන පෙළ සුවිසල් ශක්තියක් වනු ඇත.

