
රාජගිරියේ සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීම සඳහා කොමර්ෂල් බැංකුවෙන් මූල්‍ය පහසුකම්
තම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා පිළිබඳ හොඳින් අවබෝධ කරගත් කොමර්ෂල් බැංකුව රාජගිරියේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට නම්‍යශීලී නිවාස ණය පහසුකම් ලබා දීම සඳාහා බයිලි ඉන්වෙස්ට්මන්ට්ස් ලංකා පුද්ගලික සමාගම සමඟ හවුල්කාරීත්ව ගිවිසුමකට (MoU) එළඹ ඇත.
මෙම ගිවිසුම මගින් කොමර්ෂල් බැංකුව තම ගැණුම්කරුවන්ට, රාජගිරිය නගරයේ අති නවීන පහසුකම් සහිතව ඉදිවන මෙම සුඛෝපභෝගී මහල් නිවාස මිල දී ගැනීම සඳහා බැංකුව, සංවර්ධකයා සහ ගැණුම්කරු අතර ත්‍රෛපාර්ශවික ගිවිසුමක් මගින් විකුණුම් මිලෙන් 75% අගයක් දක්වා නිවාස ණය ලබා ගැනීමට හැකියාව ඇති බව බැංකුව පැවසීය.
බයිලි ඉන්වෙස්ට්මන්ට්ස් ලංකා පුද්ගලික සමාගම විසින් මෙම සංකීර්ණය ඉදි කරනුයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක ආයෝජනයකින් වන අතර එහි සුඛෝපභෝගී මහල් නිවාස ඒකක 1,000 ක් යුත් නවීන ආකෘතියේ ගොඩනැඟිලි 6ක්, සාප්පු සංකීර්ණයක්, සිනමා ශාලාවක් සහ උසස් තත්ත්වයේ ජීවන රටාවකට අවශ්‍ය අනෙකුත් පහසුකම් සියල්ල ද ඇතුලත් වේ. මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ මෙගාපොලිස් හා බටහිර සංවර්ධන දැක්මට අනුකූල වන ලෙස සැලසුම්
ඇති අතර මෙහි ඉදිකිරීම් 2023 මැයි මාසයේ සිට සිදුවෙමින් පවතින අතර දැනටමත් ගොඩනැගිලිවල ව්‍යුහය හයවන මහල තෙක් ඉදිකර ඇත. ව්‍යාපෘතිය 2029 සැප්තැම්බර් මස සම්පූර්ණයෙන් සාදා නිම කිරීමට අපේක්ෂා කරන අතර එහි පූර්ව විකිණුම් දැනටමත් ආරම්භ කර ඇත.
සීඝ්‍රයෙන් සංවර්ධනය වන රාජගිරියේ පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය නාගරික සුවපහසුව සහ නිස්කලංක හරිත පරිසරයේ අද්විතීය සම්මිශ්‍රණයක් වන අතර, එය දැනට කොළඹ තදාසන්න ප්‍රදේශවල ඇති ව්‍යාපෘති අතරින් වඩාත් ම යෝග්‍ය වූ නේවාසික ව්‍යාපෘතිය වනු ඇත.
වෙළඳපලේ අඩුම පොලී අනුපාත යටතේ පහසුකම් සැපයීම, වසර පහක් දක්වා සහන කාල සීමා ලබා දීම සහ ව්‍යුහගත මෙන්ම නම්‍යශීලී ගෙවීම් ඇතුළත් ආපසු ගෙවීමේ සැලසුම් සමඟින් කොමර්ෂල් බැංකුව මෙම හවුල්කාරීත්වය හරහා තම නිවාස ණය කළඹ පුළුල් කිරීමට අපේක්ෂා කරයි. මෙසේ ලබාදෙන සහන හරහා ගනුදෙනුකරුවන්හට තම මූල්‍ය කටයුතු වඩාත් නම්‍යශීලීව සහ විශ්වාසයෙන් සැලසුම් කිරීමේ හැකියාව ලබා දෙයි. තව ද, පළමු වරට නිවාස මිලදී ගන්නන් සඳහා නොමිලේ නිවාස ණය රක්ෂණාවරණයක් හෝ ණය ආරක්ෂණ ඔප්පුවක් බැංකුව විසින් නොමිලේ ලබා දෙනු ඇත. අනපේක්ෂිත සිදුවීමක් වුවහොත් රක්ෂණ ඔප්පුව හරහා නිවාස ණය පියවීම සඳහා මෙමගින් ගැනුම්කරුගේ ජීවිතය ආවරණය කරයි.
ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.