HNB, 2024 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී සම්මාන රැසකින් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා නිමාව දුටු 23 වැනි SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලැබීය. ඒ සමඟ සිය සන්නාමයෙහි විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කිරීමට HNB සමත් විය.
මෙම සම්මාන උළෙලේදී වසරේ සන්නාමය (සේවා කාණ්ඩය) සඳහා වන රිදී සම්මානය සහ වසරේ දේශීය සන්නාමය සඳහා වන ලෝකඩ සම්මානය ඇතුළු සම්මාන 4ක් තමන් සතු කරගැනීමට HNB හට හැකි විය. ඊට අමතරව මෙහිදීි ‘Agile Brand of the Year (HNB Youth)’ සඳහා රන් සම්මානය ‘Agile Brand of the Year (HNB Investment Plans)’ සඳහා ලෝකඩ සම්මානයත් දිනා ගනු ලැබුවේද HNB විසින් වීම විශේෂත්වයකි.
මෙම සම්මාන උළෙලේදී බැංකු, රක්ෂණ, විදුලි සංදේශ, අධ්‍යාපන, විනෝදාස්වාද, දේපොළ වෙළෙඳාම, සීඝ්රයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදන (FMCG), හෝටල් හා ප්‍රවාහන යනාදී ක්ෂේත්රවල මෙරට ඉහළ පෙළේ සමාගම් සමඟ උරෙනුර ගැටෙමින් සිය විශිෂ්ට කාර්යසාධනය වෙනුවෙන් සම්මාන හිමි කර ගැනීමට HNB හට හැකි විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ “පරම්පරා ගණනාවක් තිස්සේ සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ප්රගතියේ සහකරු ලෙස කටයුතු කරන HNB හිමි කරගත් මෙම පිළිගැනීම තුලින් ගනුදෙනුකරුවන් පෙරටු කොටගත් නවෝත්පාදන මත පදනම් වූ සන්නාමයක් බවට පත් කිරීමේ අපගේ උපායමාර්ගික ප්රයත්නයෙහි සාර්ථකත්වය පෙන්නුම් කරනවා. එසේම ගනුදෙනුකරුවන් වෙත අසමසම බැංකු අත්දැකීමක් උරුම කරදීම සහ ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන මූල්‍ය විසඳුම් ලබා දීම මඟින් ශ්‍රී ලාංකිකයින් සවිබල ගැන්වීම සඳහා වන අපගේ අවධානයද මේ තුළින් වඩාත් පිළිබිඹු වනවා” යනුවෙනි.
සිය සන්නාම අනන්‍යතාව ඉහළ නැංවීම වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන HNB ඒ තුලින් පාරිභෝගිකයින් වෙත ලබා දෙන සෑම සේවාවකදීම ඔවුන්ට පහසුවක්, සහනයක් මෙන්ම නව්‍යකරණ සේවාවක් ලබා දීමේ විශිෂ්ටත්වයද මෙම ඇගයීම තුළින් මනාව තහවුරු කරනු ලබයි.
‘Agile Brand of the Year (HNB Youth)’ සඳහා රන් සම්මානය හිමි කරගැනීම තරුණ පරම්පරාව සවිබල ගැන්වීමෙහිලා HNB හි කැපවීම පිළිබඳ කදිම සාක්ෂියකි. තවද HNB Investment Plans සඳහා වන ලෝකඩ සම්මානය ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අනාගතය සුරක්ෂිත කිරීමේ HNB දරන උත්සාහය මැනවින් පිළිබිඹු කරයි.