September 8, 2024
නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් සඳහා පහසු ලීසිං පහසුකම් පිරිනැමීමට HNB, ඇසෝසියේටඞ් මෝටර්වේස් සමඟ ඇති හවුල්කාරීත්වය නැවත අලූත් කරයි
පුවත්

නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් සඳහා පහසු ලීසිං පහසුකම් පිරිනැමීමට HNB, ඇසෝසියේටඞ් මෝටර්වේස් සමඟ ඇති හවුල්කාරීත්වය නැවත අලූත් කරයි

Jan 24, 2024

කෘෂිකාර්මික අංශයට සහාය දැක්වීමේ උපායමාර්ගික පියවරක් ලෙස, නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් රථ මිල දී ගැනීමේ දී ගොවීන්ට පහසු ලීසිං වාරික සහ අසමසම ප‍්‍රතිලාභ ලබාදීම සඳහා ශ්‍රී ලංකා ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ඇසෝසියේටඞ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඞ් (AMW) සමාගම සමඟ ඇති සිය හවුල්කාරීත්වය නැවත අලූත් කළේය.

පසුගිය වසරේ අත්කර ගත් සාර්ථකත්වයත් සමඟින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ වර්ධනයට දායක වීමට HNB සහ AMW යන දෙපාර්ශවයේම කැපවීම මෙම හවුල්කාරීත්වය මගින් අවධාරණය කෙරේ. මෙම හවුල්කාරිත්වයට එළඹීම සඳහා පැවති විශේෂ උත්සවය HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරිභෝගික බැංකුකරණ සමූහ සංජේ විජේමාන්න මහතා සහ ඇසෝසියේටඞ් මෝටර්වේස් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ Andre Bonthuys යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරිභෝගික බැංකුකරණ සමූහ සංජේ විජේමාන්න මහතා පැවසුවේ ‘‘රට මුහුණ දෙන විවිධ අභියෝග මධ්‍යයේ වුවද, කෘෂිකාර්මික අංශයෙන් මෙරට ආර්ථිකයට 2024 වසරේදී රුපියල් මිලියන 250,940 ක දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙම තත්වයන් සැලකිල්ලට ගෙන මෙම ඉලක්ක සපුරා ගැනීමේ අරමුණින් කෘෂිකාර්මික අංශයට දැරිය හැකි පහසුකම් ලබා දීම සඳහා AMW සමඟ අපගේ දිගුකාලීන හවුල්කාරිත්වය අපි නැවත අලූත් කරනු ලැබුවා. අපගේ ගනුදෙනුකාරභවතුන් මෙම අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කරගනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.’’ යනුවෙනි.

ගනුදෙනුකාරභවතුන්ට නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් මිලදී ගැනීම පහසු කරවීම සඳහා බැංකුව විසින් දීප ව්‍යාප්ත HNB ශාඛා හරහා නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් සියයට 30ක් හෝ ඊට අඩු මූලික ගෙවීමේ පහසුකමක් හඳුන්වා දී ඇත.

තවද HNB විසින් දිවයින පුරා සිටින සිය පුළුල් වෙළඳ ජාලය හරහා ගනුදෙනුකාරභවතුන්ට අගය එකතු කළ නිෂ්පාදන සහ සේවා සඳහා වට්ටම් සහ ප‍්‍රතිලාභ භුක්ති විඳීමට Credit කාඞ්පතක් ද ලබා දෙනු ඇත. මෙම ණයපත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇතx මීට අමතරව මෙම පැකේජය තුළින් HNB General Insurance වෙතින් ආකර්ෂණීය වට්ටම් සහිත මාසික වාරික සහ හදිසි මරණයකදී නොමිලේ රුපියල් මිලියන 4.5ක ජීවිත රක්ෂණාවරණයක් ද ස්වභාවික මරණයක් සඳහා රු. 600,000ක රක්ෂණාවරණයක් ද ලබා දෙයි.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් ඇසෝසියේටඞ් මෝටර්වේස් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ Andre Bonthuys මහතා පැවසුවේ, ”HNB සමඟ වන අපගේ හවුල්කාරීත්වය දීර්ඝ කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙම සුවිශේෂී දීමනා තුළින් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට සහයෝගය දැක්වීමට සහ ධනාත්මකව කටයුතු කිරීමට අපගේ ඇති කැපවීම පෙන්නුම් කරනවා. එමෙන්ම අපගේ ගනුදෙනුකාරභවතුන්ගේ ජීවිතවලට බලපෑමක් ඇති කිරීමට සහ ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා දායක වීමට අපි අපේක්ෂා කරනවා.’’ යනුවෙනි.

දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 254කින් හා ස්වයං සේවා යන්ත්‍ර (SSMs) 800කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත HNB තාක්ෂණික වශයෙන් වඩාත් ශක්තිමත් ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ බැංකුවකි. නිරන්තරයෙන් ආයතනික තිරසාරබව, යහපාලන හා විශිෂ්ටත්වය තුළින් සිය අභිමානය යළිත් තහවුරු කිරීමට සමත්ව ඇති HNB, ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද 2022 වසරේ හොඳම ආයතනික පුරවැසියා (Best Corporate Citizen) ලෙස සම්මාන දිනා ගැනීමට සමත් විය. එහිදී හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රේණිගත වෙමින් බැංකු ක්ෂේත‍්‍රයේ සිය පුරෝගාමීත්වය සනිටුහන් කළ HNB පාලන කාණ්ඩයේ ජයග‍්‍රාහකයා මෙන්ම ‘තිරසාර ශුරතා’ සම්මාන යටතේ මූල්‍ය අංශයේ සම්මානය ද ඇතුළුව සම්මාන 4ක් ද තමන් සතු කර ගැනීමට සමත් විය.

තවද එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව මගින් අඛණ්ඩව හයවන වරටත් 2022 වසරේ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට HNB සම්මානයට පාත‍්‍ර කර ඇති අතර ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2023 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 13 වැනි වරටත් මෙරට විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් ද HNB අභිසෙස් ලැබීය.

1 Comment

  • I loved even more than you will get done right here. The overall look is nice, and the writing is stylish, but there’s something off about the way you write that makes me think that you should be careful what you say next. I will definitely be back again and again if you protect this hike.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *