
HNB ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය සහ 2025 වසරේ ඉදිරි දැක්ම පිළිබඳ විශේෂ සංසදයක් පවත්වයි
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 වසරේදී ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කිරීමට ඉහළ පෙළේ සේවාදායකයින්, ව්‍යාපාරිකයින්, විවිධ ක්ෂේත්‍රවල කීර්තිමත් පුද්ගලයින් සහ පාර්ශවකරුවන් සඳහා පසුගියදා විශේෂ සංසදයක් පැවැත්වීය. මෙම අවස්ථාවට මෙරට ඉහළ පෙළේ ආර්ථික හා මෝටර් රථ කර්මාන්තයට අදාල ප්‍රතිපත්ති පිළිබඳ විද්වතුන් සහභාගී විය. ඔවුන් මෝටර් රථ කර්මාන්තයට බලපාන නවතම ප්‍රවණතා, අභියෝග සහ අවස්ථා මෙහිදී සාකච්ඡා කළ අතර ඒවා කර්මාන්තයේ වර්ධනයට, ප්‍රගතියට හා සමස්ත ව්‍යුහයට බලපාන ආකාරය පිළිබඳව පැමිණි සිටි පිරිස සමඟ වටිනා අදහස් හා දැනුම බෙදාහදා ගත්තේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “ලීසිං ක්ෂේත්‍රයේ වසර 35ක අත්දැකීම් සහිත ආයතනයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ දෛනික ජීවිතය තුළ මෝටර් රථ කර්මාන්තයේ වැදගත් කාර්යභාරය පිළිබඳව HNB හොඳින් දන්නවා. මෙම සංසදයේ අරමුණ වන්නේ රජය, ව්‍යාපාර සහ පුද්ගලයින් අතර මෝටර් රථ වාහන කර්මාන්තයේ අනාගතය පිළිබඳව අර්ථවත් මතවාදයන් ඇති කිරීමයි. පසුගිය වසර පහ තුළ වූ අභියෝග මධ්‍යයේ වුවද මෙරට වාහන වෙළඳපොළ කැපී පෙනෙන ලෙස නොනැසී පැවතීමට හා යථා තත්වයට පත්වීමට සමත්ව තිබෙනවා. අපි ඉදිරිය දෙස බැලීමේදී කර්මාන්තයේ දිගුකාලීන වර්ධනය සහ ස්ථාවරත්වය සඳහා ප්‍රායෝගික හා තිරසාර වන්නේ කුමක්ද යන්න සාකච්ඡා කිරීම ඉතා වැදගත්.” යනුවෙනි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා විසින් මෙහි ප්‍රධාන දේශනය පැවැත්වූ අතර මෝටර් රථ වාහන කර්මාන්තය රටේ සමස්ත ආර්ථික වර්ධන සැලසුම් සඳහා සහාය වන බව සහතික කිරීමට උපායමාර්ගික ප්‍රතිපත්තිවල අවශ්‍යතාවය ඔහු අවධාරණය කළේය. ඉදිරි වසරවලදී කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා නවෝත්පාදන හඳුන්වා දීම සහ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමේ අවස්ථාද ඔහු පෙන්වා දුන්නේය.
Daily FT පුවත්පතේ කර්තෘ සහ ප්‍රධාන විධායක නිලධාරී නිස්තාර් කාසිම් මහතා විසින් මෙම විද්වත් මණ්ඩල සාකච්ඡාව මෙහෙයවන ලද අතර එයට ඇඩ්වොකාටා ආයතනයේ සභාපති මුර්තාසා ජැෆර්ජි, ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක, ශිරාන් ප්‍රනාන්දු, මෝටර් රථ වාහන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කොමසාරිස් ශිරෝමි ජීවමාලා, යුනයිටඩ් මෝටර්ස් ලංකා සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සහ සිලෝන් මෝටර් ටේ්‍රඩර්ස් සංගමයේ හිටපු සභාපති, චාරක පෙරේරා, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සහ ජනාධිපති ආර්ථික ප්‍රතිපත්ති උපදේශක, දුමින්ද හුලංගමුව සහ HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළත් විය. මෙහිදී නීති රීති සහ ප්‍රතිපත්තිවල වෙනස්කම්, වාහන ආනයනයට බලපාන ආර්ථික සාධක සහ ශ්‍රී ලංකාවේ විද්්‍යුත් වාහන සහ පරිසර හිතකාමී ප්‍රවාහනයේ අනාගතය පිළිබඳව සාකච්ඡා කෙරිණි.
“ලීසිං ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස ව්‍යාපාර සහ පුද්ගලයන් යන දෙඅංශයෙන්ම සවිබලගන්වන නව්‍ය මූල්‍ය විසඳුම් ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ මෝටර් රථ අංශයේ වර්ධනයට සහාය වීමට ්‍යභඊ කැපවී සිටිනවා.” යනුවෙන් දමිත් පල්ලෙවත්ත මහතා වැඩි දුරටත් පැවසීය.
තවද මෙම සංසදය මගින් මෝටර් රථ කර්මාන්තයේ ප්‍රගතිය ඉදිරියට ගෙන යාමේදී එහි කාර්යභාරය ශක්තිමත් කරමින් කර්මාන්තයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා සහ හවුල්කාරිත්වයන් දිරිමත් කිරීමට HNB හි කැපවීම මැනවින් පෙන්නුම් කළේය. අර්ථවත් සංවාද සඳහා අවස්ථා නිර්මාණය කිරීමෙන් HNB ආර්ථික වර්ධනයට සහාය වීම සහ එහි ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීම අඛණ්ඩව සිදු කරයි.
8 Comments
купить читы в кс го – приватные читы лучшие, чит на кс го
helpful site Virtual number for receiving code
top article SBA
интернет горшки кашпо
investigate this site [url=https://surfwallet.io/]surf tech[/url]
additional hints [url=https://jaxxblog.io/]jaxx wallet[/url]
можно проверить ЗДЕСЬ http://maps.google.vg/url?q=https://travelanswer.ru/questions/gde-na-ostrove-diffushi-mozhno-pokormity-skatov.html
university of birmingham north east car park of East
London Moodle supports flexible online learning.