
HNB2024 වසර සඳහා තිරසාර කාර්යසාධනයක් වාර්තා කරයි
හැටන් නැෂනල් බැංකුවේ සියලු අංශවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2024 වසර සඳහා බැංකුව ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. 2023 වසරේදී රු. බිලියන 23.6 ක් වූ HNB සමූහයේ බදු පසු ලාභය (PAT) 2024 වසරේදී රු. බිලියන 44.8 දක්වා වර්ධනය වී ඇත. මේ අතර හැටන් නැෂනල් බැංකුවේ බදු පසු ලාභය පසුගිය වසරේ රු. බිලියන 20.3 සාපේක්ෂව රු. බිලියන 41.3 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් HNB සභාපති නිහාල් ජයවර්ධන මහතා පැවසුවේ “2024 දී වැඩිදියුණු වෙමින් පවතින ආර්ථිකය ව්‍යාපාර විශ්වාසය සහ මූල්‍ය අංශයේ වර්ධනය ඉහළ නැංවීමට සමත් වීමත් සමඟින් දේශීය බැංකු කර්මාන්තයට නායකත්වය දීම සඳහා HNB එහි ශක්තිමත් පදනම උපරිම ලෙස භාවිත කරනු ලැබුවා. ඩිජිටල් නවෝත්පාදනයන් කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රමාණවත් ප්‍රාග්ධනය සහ ශක්තිමත් ද්‍රවශීලතාවය මගින් බැංකුවට නව ව්‍යාපාර අවස්ථා ඉක්මනින් ප්‍රයෝජනයට ගැනීමට හැකි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2024 දී HNB හට කැපී පෙනෙන මූල්‍ය ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වුනා. අභියෝගාත්මක කාලවලදී අප කෙරෙහි විශ්වාසය තැබූ සහ අඛණ්ඩ සහයෝගය ලබා දුන් සියලුම කොටස්කරුවන්ට මම ස්තූතිවන්ත වනවා.” යනුවෙනි.
2024 වසර තුළ ණය සහ අත්තිකාරම් සේවා පෙර වසරට සාපේක්ෂව 11.3%ක ප්‍රශස්ත වර් ධනයක් පෙන්නුම් කර ඇත. මූල්‍ය වසර තුළ මූල්‍ය ප්‍රතිපත්තින්වල සිදු වූ ලිහිල්කරණය මත රජයේ සුරැකුම්පත්වල සිදු කළ ආයෝජනයන්හි ඉපැයීම් 45%කින් සහ බැංකුවේ ණය පොලී ආදායම පෙර වසරට සාපේක්සව 21.6%කින් අඩු විය. එහෙත් ශුද්ධ පොලී ආදායම් හි අඩු වීම වසරේ අවසාන භාගයේදී සමනය කර ගැනීමට හැකි වූ අතර ඉතුරුම් තැන්පතු සඳහා ගෙවන පොලී වියදම් ද පොලී ආදායමට සාපේක්ෂව අඩු වීම මත තැන්පතු මත පොලී ගෙවීම් සහ ණය සේවා පොලී ඉපැයීම් අතර පරතරය සමතුලිතව පවත්වාගෙන යෑමට බැංකුවට හැකිව තිබේ.
ඩිජිටල් බැංකු සේවා භාවිතය වැඩි වීම සහ ඉහළ ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු හේතුවෙන් බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම පසුගිය වසරට සාපේක්ෂව 12.7%කින් වර්ධනය වී රුපියල් බිලියන 17.8 ක් විය. කෙසේ වෙතත්, බදු ගාස්තු අඩුවීම සහ විදේශ මුදල් ද්‍රවශීලතාවය වැඩිවීම හේතුවෙන් වෙළෙඳ ගනුදෙනුවලින් ලද කොමිස් ආදායම පසුගිය වසරට සාපේක්ෂව 25% කින් පහත වැටුණු අතර විදේශ විනිමය ගනුදෙනු සඳහා රජය මගින් අය කරන බදු අනුපාතයන්ගේ සිදු කළ අඛණ්ඩ වෙනස්වීම් මත විදෙස් විනිමය සඳහා වානිජ බැංකු පද්ධතිය තුළ නිර්මාණය වූ ඉහළ ද්‍රවශීලතා අවශ්‍යතාව මේ සඳහා හේතු විය. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් රුපියල් බිලියන 2.9 ක විනිමය අලාභයක් සිදුවිය.
වැඩිදියුණු කළ ආර්ථික තත්ත්වයන් මෙන්ම ආර්ථිකය නැවත ගොඩනැගීමට සහ ශක්තිමත් කිරීමට ගනු ලැබූ සහයෝගී ක්‍රියාමාර්ග වත්කම්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට උපකාරී විය. මෙය stage 2 සහ stage 3 ණයවල ධනාත්මක වෙනස්කම්වලට හේතු විය. කෙසේ වෙතත්, ඉතා කල්පනාකාරීව බැංකුව ණය සහ ලැබිය යුතු දේ සඳහා හානිපූරණය ලෙස රුපියල් බිලියන 11.5 ක් වෙන් කළේය. ඒ අනුව බැංකුවේ Net Stage 3 අනුපාතය පසුගිය වසරේදී 3.76% සිට 1.88% දක්වා අඩු වූ අතර Stage 3 ප්‍රතිපාදන ආවරණ අනුපාතය 2023 වසරේදී 57.5% සිට 74.4% දක්වා ඉහළ ගියේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “2024 වසරේ අපගේ මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අපි සතුටු වන අතර එමගින් ආර්ථිකය ස්ථාවර වීමත් සමඟ අපගේ උපායමාර්ගික ක්‍රියාමාර්ගවල ධනාත්මක බලපෑම පෙන්නුම් කරයි. ප්‍රධාන ආර්ථික අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට අමතරව ආන්තික පීඩනය කළමනාකරණය කිරීම සහ ශක්තිමත් වත්කම් ගුණාත්මකභාවයක් පවත්වා ගැනීමෙන් අපගේ මූලික බැංකු මෙහෙයුම්වල ශක්තිමත් ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වුණා. ශ්‍රී ලංකාවේ MSME අංශය නංවාලීමේ ජාතික ඉලක්කයට අනුකූලව විවිධ වැඩසටහන් හරහා මෙම ව්‍යාපාර නැවත යථා තත්වයට පත් කිරීමට අපි උදව් කරනු ලැබුවා. ග්‍රාමීය ආර්ථිකයේ කොඳු නාරටිය වන අත්‍යවශ්‍ය කෘෂිකාර්මික අංශයට සහාය වීම අරමුණු කරගත් HNB සරුසාර වැනි මුලපිරීම් ද අපි හඳුන්වා දෙනු ලැබුවා. මෙම වැඩසටහන ගොවීන් දේශීය හා අපනයන වෙළඳපොළට සම්බන්ධ කළා පමණක් නොව, ඩිජිටල් වේදිකා හරහා මුදල් රහිත ක්‍රමවේදයක් ප්‍රවර්ධනය කළා. මෙම උත්සාහයන් කෘෂි ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට අවශ්‍ය ශක්තිය ලබා දී තිබෙනවා.”
”ඉදිරි වසරවලදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වර්ධනයක් අපේක්ෂා කරන බැවින් මම අනාගතය ගැන ශුභවාදීව සිතනවා. බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම, අපේක්ෂිත ස්වෛරීභාවය ඉහළ නැංවීම සහ ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය යන සියල්ලම ආයෝජක විශ්වාසය ඉහළ නංවන ධනාත්මක සලකුණු වන අතර එමඟින් රටට සහ බැංකු අංශයට ප්‍රතිලාභ ලැබෙනවා. ඒවගේම අපි අපගේ බැංකු ශාඛා සහ ඩිජිටල් වේදිකා හරහා පුළුල් පරාසයක නිෂ්පාදන සහ සේවා ලබා දීමෙන් ඉදිරි වර්ධන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට සූදානම්. අපි මෑතකදී Acuity Partners Pvt Ltd හි පාලනය සම්පූර්ණයෙන් අත්පත් කරගනිමින් එය HNB Investment Bank Private Ltd (HNBIB) ලෙස ප්‍රති සන්නාමකරණය කරනු ලැබුවා. මෙම පියවර මගින් මූල්‍ය අංශයේ අපගේ ස්ථානය ශක්තිමත් කරමින් HNB, investment banking සේවාවලට පිවිසීම පෙන්නුම් කරනවා. අපගේ ගනුදෙනුකාරභවතුන් සඳහා අපි විශ්වාසදායක ‘ප්‍රගතියේ සහකරුවෙකු‘ ලෙස අඛණ්ඩව කටයුතු කරන අතර බැංකුවට සම්බන්ධ සෑම කෙනෙකුටම වැඩි වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ඇති අවස්ථා ගවේෂණය කිරීමට ද අපි සැලසුම් කරනවා.”
5 Comments
Website Scam Penipu Indonesia, KONTOL SEXS SITUS SEXS
Hi! Would you mind if I share your blog with my facebook group? There’s a lot of folks that I think would really appreciate your content. Please let me know. Many thanks
Hey there just wanted to give you a quick heads up. The words in your post seem to be running off the screen in Opera. I’m not sure if this is a format issue or something to do with web browser compatibility but I thought I’d post to let you know. The design and style look great though! Hope you get the problem fixed soon. Thanks
Having read this I thought it was very informative. I appreciate you taking the time and effort to put this article together. I once again find myself spending way to much time both reading and commenting. But so what, it was still worth it!
Thanks for sharing excellent informations. Your site is so cool. I’m impressed by the details that you¦ve on this blog. It reveals how nicely you perceive this subject. Bookmarked this web page, will come back for more articles. You, my pal, ROCK! I found simply the information I already searched all over the place and just could not come across. What a perfect website.