February 28, 2026
ඉහළ ණය වර්ධනයක් සහ ශක්තිමත් ශේෂ පත්‍රයක් සමඟින් HNB 2025 වසරේදී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි
පුවත්

ඉහළ ණය වර්ධනයක් සහ ශක්තිමත් ශේෂ පත්‍රයක් සමඟින් HNB 2025 වසරේදී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

Feb 28, 2026

HNB සමූහය 2025 වර්ෂයේදී බදු පසු ලාභය (PAT) ලෙස රු. බිලියන 49.8ක අඛණ්ඩ ප්‍රගතියක් පිළිබිඹු කරමින් ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කර ඇත. මේ අතර හැටන් නැෂනල් බැංකුවේ බදු පසු ලාභය (PAT)  රු. බිලියන 45.4 ක් වූ අතර ශක්තිමත් ශේෂ පත්‍ර වර්ධනය සහ වත්කම් ගුණාත්මකභාවයේ අඛණ්ඩ වැඩිදියුණු වීම මෙයට හේතු විය.

මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් HNB සභාපති නිහාල් ජයවර්ධන මහතා පැවසුවේ ‘’2025 වසර ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන් මගෙහි තීරණාත්මක වෙනසක් සනිටුහන් කළ වසරක්. මෙයට සාර්ව ආර්ථික මූලධර්ම වැඩිදියුණු වීමල පෞද්ගලික අංශයේ විශ්වාසය නැවත ඇති වීම සහ ජාතික ප්‍රතිසංස්කරණ ප්‍රයත්නවල අඛණ්ඩ ප්‍රගතිය හේතු වුනා. HNB මූල්‍යමය වශයෙන් ශක්තිමත් වීමල ඉතා ප්‍රවේශමෙන් අවදානම් කළමනාකරණය සහ ඩිජිටල් හා මෙහෙයුම් වැඩිදියුණු කිරීම් සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීම මගින් ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත් කිරීමට සහාය වීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට බැංකුව ශක්තිමත් ස්ථානයක සිටිනවා.” යනුවෙනි.

‘’දිට්වා සුළි කුණාටුව දැඩි බලපෑමක් ඇති කළද ඒ අවස්ථාවේදී ජනතාව හා රටේ අනෙකුත් ආයතන ශක්තිමත්ව සිටි ආකාරය මගින් බැංකු අංශය ද ඉක්මනින් ප්‍රතිචාර දැක්විය යුතු බවත්, වෙනස්වන තත්ත්වයන්ට අනුවර්තනය විය යුතු බවත් මෙන්ම රටේ ප්‍රගතියට අඛණ්ඩව කටයුතු කළ යුතු බවත් මැනවින් පෙන්නුම් කළා. අරමුදල් රැස් කිරීමට, ජනතාවගේ ආදායම් මාර්ග හා රැකියා නැවත ගොඩනැගීමට උපකාර කිරීමට සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයට සහාය වීම සඳහා අපි පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ශක්තිමත් ණය වර්ධනයක් තිබුණද, ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් ශුද්ධ පොලී ආන්තිකය පීඩනය යටතේ පැවතිණිග වෙළඳපොළ පොලී අනුපාත පුළුල් ලෙස අඩුවීම හේතුවෙන් ශුද්ධ පොලී ආදායම පෙර වසරට සාපේක්ෂව 0.6%කින් සුළු පහත වැටීමක් පෙන්නුම් කළේයග එසේම 2024 දෙසැම්බර මාසයේ ශ්‍රී ලංකා ස්වෛරීත්ව බැඳුම්කර (SLSBs) ප්‍රතිව්‍යූහගත කිරීමට අදාල ප්‍රමාද වූ පොලී කොටසක් පසුගිය වසරේ ගිණුම්ගත කිරීම නිසා, එම වසරේ පොලී ආදායම තාවකාලිකව ඉහළ ගියේය. කෙසේ වෙතත්, ණය සහ අත්තිකාරම්වලින් ලැබුණු ඉහළ පොලී ආදායම හේතුවෙන් ශුද්ධ පොලී ආදායමේ පහත වැටීම යම් ප්‍රමාණයකින් සීමා විය. ණය පොතේ වර්ධනය සහ ජංගම හා ඉතුරුම් ගිණුම් (CASA) තැන්පතුවල වර්ධනය මෙයට හේතු විය.

පොලී නොවන ආදායම මෙම මූල්‍ය කාර්යසාධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් අතර ඉහළ කාඩ්පත් ගනුදෙනු සහ ඩිජිටල් බැංකු සේවා භාවිතය සැලකිය යුතු ලෙස වර්ධනය වීම හේතුවෙන් බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම පසුගිය වසරට සාපේක්ෂව 28.9% කින් ඉහළ ගියේය. වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ වෙළඳ ක්‍රියාකාරකම් වැඩිදියුණු වීම හේතුවෙන් වෙළඳාම ආශ්‍රිත සේවාවන් සඳහා ඇති ඉල්ලුම ද කැපී පෙනෙන ලෙස වර්ධනය විය. එහි ප්‍රතිඵලයක් ලෙස, වෙළඳ මූල්‍ය සේවා 2025 මූල්‍ය වසරේදී පොලී නොවන ආදායමට ප්‍රධාන දායකත්වයක් ලබා දුන් මූලාශ්‍රයක් බවට පත් විය. මීට අමතරව, 2025 වසරේදී බැංකුවේ විදේශ විනිමය ආදායම රු. බිලියන 6.3 දක්වා ඉහළ ගිය අතර එය 2024 දී වාර්තා කළ රු. බිලියන 2.9 ක අලාභයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි.

ශක්තිමත් අවදානම් කළමනාකරණය, විචක්ෂණශීලී ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය සහ ඉලක්කගත ප්‍රතිසාධන ප්‍රයත්න හේතුවෙන්, 2025 වසරේ වත්කම් ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු විය. Stage 3 ණය ප්‍රමාණය සමස්තයක් ලෙස පහත වැටුණු අතර බැංකුවට එම වසරේදී වෙන් කරන ලද හානිපූරණ ප්‍රතිපාදනවලින් රු. බිලියන 9.2ක් ආපසු හැරවීමට හැකි විය. මෙය සිදු වූයේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවදානමට ලක්විය හැකි ණය සඳහා post‑model ගැලපුම් ලෙස රු. බිලියන 2.2 ක් විචක්ෂණශීලීව හඳුනා ගැනීමෙන් පසුවය. එහි ප්‍රතිඵලයක් ලෙස Net Stage 3 අනුපාතය වසර මුලදී වාර්තා කළ 1.88% හා සැසඳීමේදී 2025 දෙසැම්බර් අවසානය වන විට 1.09% දක්වා වර්ධනය විය. මේ අතර Stage 3 ආවරණ අනුපාතය 75.97% ක් ලෙස ශක්තිමත්ව පැවතුනි.

මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂරැප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ ‘’2025 වසරේ HNB මූල්‍ය ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ අපගේ උපායමාර්ගික සැලසුම්වල ශක්තිය සහ ආර්ථිකයේ සෑම කොටසකම ගනුදෙනුකරුවන්ට සහාය වීම සඳහා අපගේ කණ්ඩායම්වල අඛණ්ඩ කැපවීමයි. මෙම වසර තුළල අපගේ ශේෂ පත්‍රය ප්‍රශස්ත කිරීමට, ඩිජිටල් සේවා හා පද්ධති ඒකාබද්ධ කිරීමට සහ මෙහෙයුම් වේගවත් කිරීමට අපි පියවර ගත් අතර මෙය වෙළඳපල තත්ත්වයන් වැඩිදියුණු කිරීමටත් පෞද්ගලික අංශයේ විශ්වාසය නැවත දිනා ගනිමින් ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමටත් අපට උපකාරී වුණා. එමෙන්ම HNB ජංගම බැංකුකරණ යෙදවුම හරහා ප්‍රවේශය හා භාවිතා කිරීමේ පහසුව ද වැඩිදියුණු කරමින් TradeX සහ HNB Accept වැනි නව විශේෂාංග ද හඳුන්වා දීමෙන් අපගේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය වේගවත් කිරීමට අඛණ්ඩව කටයුතු කළා.” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close