September 8, 2024
HNB, ගැමි පුබුදුව සමාජ සත්කාරක වැඩසටහන් මාලාවට සමගාමීව පානීය ජල ව්‍යාපෘතියේ තවත් අදියරක් පුත්තලමට
පුවත්

HNB, ගැමි පුබුදුව සමාජ සත්කාරක වැඩසටහන් මාලාවට සමගාමීව පානීය ජල ව්‍යාපෘතියේ තවත් අදියරක් පුත්තලමට

Nov 10, 2023

මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන HNB විසින්, ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් බලගැන්වීම අරමුණු කරමින් ක්‍රියාත්මක කරන ගැමි පුබුදුවක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමයට සමගාමී ව දියත් කරනු ලබන ගැමි පුබුදුව සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් පුත්තලම දිස්ත්‍රික්කයේ දී ආරම්භ කෙරිණි.ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේපානීය ජල ගැටලුවෙන් පීඩා විඳින උඩප්පුව ධීවර ගම්මානයේ ආඬිමුණේ දෙමළ පාසලට සහ වනාතවිල්ලුව, විජිත පුර ග්‍රාමයට ජල පිරිපහදු පද්ධතියකින්සමන්විත පානීය ජල ව්‍යාපෘතියබැගින් ලබා දීමසිදු  කෙරිණි. ඒ වෙනුවෙන් පැවති සමාරම්භක උත්සවය 2023ඔක්තොම්බර් 19වැනිදා පැවැත්වුණු අතර,එම උත්සවයට HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සුළු හා මධ්‍ය පරිමාණ) රජීව් දිසානායක,ක්ෂුද්‍ර මූල්‍ය අංශ ප්‍රධානී විනෝද් ප්‍රනාන්දු,ජ්‍යේෂ්ඨ කළමනාකරු (ක්ෂුද්‍ර මූල්‍ය)පූජිත ජයවර්ධන යන මහත්වරු ඇතුළුHNB ප්‍රාදේශීය කළමනාකාරීත්වයේ නිලධාරීහු සහ ප්‍රදේශ වාසීහු රැසක් සහභාගි වූහ.රුපියල් මිලියන 1.5කට අධික මුදලක් වැය කරමින් HNB ක්‍රියාත්මක කරනමෙම ජල ව්‍යාපෘති  මගින්ආඬිමුණේ දෙමළ පාසලේ ඉගනුම ලබන සිසු දරු දැරියන් 400ක් සහ වනාතවිල්ලුව ප්‍රදේශය ආශ්‍රිත පවුල් 700කට අධික සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලබන බව පැවසිය යුතු ම කරුණකි. පවතින ප්‍රධානතම ගැටලුවක් වන පානීය ජල ගැටලුව සඳහා විසඳුම් ලබා දීමකෙරෙහි අවධානය යොමු කරමින් ආරම්භ කෙරුණු මෙම පානීය ජල ව්‍යාපෘති,සිය ආයතනික වගකීම් ඉටු කිරීම වෙනුවෙන් HNB හිකැපවීම සඳහා උදාහරණ සපයයි.

HNB ක්ෂුද්‍රමූල්‍ය අංශ ප්‍රධානී විනෝද් ප්‍රනාන්දු මහතා මෙම සමාජ සත්කාරක වැඩසටහන් මාලාව පිළිබඳ ව  අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “‘HNB ගැමි පුබුදුව හරහා ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීමට අමතරව, විවිධ සමාජ සත්කාරක ව්‍යාපෘති දියත් කරමින් සමාජය සවි බල ගැන්වීමටත් අපි කටයුතු කරනවා. එම සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ මීළඟ අදියර පුත්තලම දිස්ත්‍රික්කය ආශ්‍රිතව ආරම්භ කිරීමට හැකි වීම පිළිබඳ ව මා ඇතුළු සමස්ත HNB කණ්ඩායම ම සතුටට පත් වෙනවා. ගැමි පුබුදුව ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමය සමඟ සම්බන්ධ වී ඔබගේ ව්‍යවසායක අරමුණු සාක්ෂාත් කර ගන්නා ලෙස මම මේ රටේ ජනතාවට ආරාධනය කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේ ම ගැමි පුබුදුව සමාජ සත්කාරක වැඩසටහන් මාලාව ඉදිරියේ දී ත් අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට අපි කැප වන බවත් අවධාරණය කිරීමට කැමතියි.   යනුවෙනි.

ගැමි පුබුදුව සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේම කොටසක් ලෙස, HNB සමඟ අත්වැල් බැඳ ගෙන සිටින ක්ෂුද්‍රපරිමාණයේ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන හා සේවා ප්‍රවර්ධනය කිරීම සහ වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කිරීමඅරමුණු කර ගනිමින්, සෑම වසරකම අප්‍රේල් මාසයේ දී,කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයතුළ විශේෂ වෙළෙඳ ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට HNB කටයුතු කරන අතර,වසර 10ක පමණ ඉතිහාසයක් සහිත එම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබාසාර්ථකත්වයට පත් ව්‍යවසායකයින් විශාල ප්‍රමාණයක් වන බව පැවසිය යුතු ම කරුණකි.

මෙරට ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින්බල ගන්වමින්, ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් 1989වර්ෂයේ දී HNB විසින් හඳුන්වා දෙනු ලැබූ ‘ගැමි පුබුදුව’ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමය මඟින් වර්තමානය වන විට ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් ප්‍රතිලාභ ලබා ඇති අතර,මෙම ණය යෝජනා ක්‍රමය මඟින් වර්තමානය වන විට ලබා දී ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 25කට අධිකවේ.ද ඒෂියන් බෑන්කර් සඟරාව මගින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතමක්ෂුද්‍ර  මූල්‍ය සේවාව ලෙස නම් කරනු ලැබූ ගැමි පුබුදුව ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමය, ලෝක බැංකුවේ හා ඇමරිකානු ආධාර වැඩසටහනේ අනුමැතිය සහිතව ශ්‍රී ලාංකේය බැංකුවක්විසින් ක්‍රියාත්මකකරනු ලබන එක ම ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපෘතිය ලෙස හඳුන්වා දිය හැකිය. ගැමි පුබුදුව ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමයමගින් ණය ලබා දීමට අමතරව,ගනුදෙනුකරුවන්තුළ ඉතිරි කිරීමේ පුරුද්දවර්ධනය කිරීම, රක්ෂණ ක්‍රම හඳුන්වා දීමහරහා ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිත භාවය වර්ධනය කිරීම,මූල්‍ය සාක්ෂරතාව හා ව්‍යාපාරික දැනුම වර්ධනය කිරීමමෙන් ම ග්‍රාමීය මට්ටමින් පොදු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ආදී වශයෙන් පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට HNB කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *