
HNB ඩිජිටල් බැංකුකරණයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් HNB TXB හඳුන්වාදෙයි
ශ‍්‍රී ලංකාවේ වඩාත්ම තාක්ෂණික නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ (MSME) ව්‍යාපාරවල සිට බහුජාතික සමාගම් (MNC) දක්වා වූ සියලූම ව්‍යාපාරවලට බාධාවකින් තොර, ආරක්ෂිත සහ කාර්යක්ෂමව ඔවුන්ගේ මූල්‍ය සහ ගිණුම් පිළිබඳ පාලනයක් ලබා දීම සඳහා ශක්තිමත් ඒකාබද්ධ ඩිජිටල් ගනුදෙනු බැංකු වේදිකාවක් (digital transaction banking platform) වන HNB TXB පසුගියදා හඳුන්වා දුන්නේය.
HNB හි Wholesale Banking Group (WBG) විසින් නිර්මාණය කරන ලද HNB TXB යනු ව්‍යාපාර සඳහා ඉහළම මට්ටමේ ඩිජිටල් බැංකුකරණ මෙවලමකි. ගෙවීම්, මුදල් කළමනාකරණය, ගෝලීය වෙළඳාම, මූල්‍යකරණය, භාණ්ඩාගාර සහ විදේශ මුදල් ගනුදෙනු ඇතුළු විවිධ මූල්‍ය අංශ අධීක්ෂණය කිරීමට සහ පාලනය කිරීමට එය සෑම තරාතිරමකම සමාගම්වලට බලය ලබා දෙයි.
ගෝලීය ප‍්‍රමිතීන්ට අනුකූල වන පරිදි නිර්මාණය කර ඇති TXB ඕනෑම ව්‍යාපාරයක අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කර ගත හැකියx එය තනි, විශ්වාසදායක සහ පරිශීලක-හිතකාමී වේදිකාවක් තුළ ඕනෑම බැංකු ගනුදෙනු අවශ්‍යාතාවන් හැසිරවිය හැකියx
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ගෝලීය වශයෙන් අනුවර්තනය වීමට සහ තරග කිරීමට පුද්ගලික අංශයට ඇති හැකියාව මත යි. HNB TXB දේශීය සහ විදේශීය මුදල් වර්ග දෙකෙන්ම සියලූම ගෙවීම්, ගනුදෙනු සහ පියවීම් ඩිජිටල්කරණය කිරීමෙන් ව්‍යාපාරික ඉල්ලීම්වලට අනුකූලව අපගේ Wholesale Banking Group හි ගනුදෙනුකරුවන්ට සහාය වේ. මෙම ඩිජිටල්කරණය ස්වයංක‍්‍රීයකරණය, හිඟ ගෙවීම් සරල කිරීම සහ මධ්‍ය කාලීනව මෙහෙයුම් කාර්යක්ෂමතාව සඳහා ඉඩ ලබා දෙන අතර එමඟින් අපගේ ගනුදෙනුකරුවන්ට සැලකිය යුතු වර්ධන අවස්ථා උදා වේ. HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී Wholesale Banking Group දමිත් පල්ලෙවත්ත මහතා ප‍්‍රකාශ කළ පරිදි ඉදිරි මාසවලදී අපගේ සියලූම ව්‍යවසාය ගනුදෙනුකරුවන් වෙත පිවිසීමේ අරමුණින් HNB TXB වෙත ප‍්‍රවේශය පුළුල් කිරීම HNB හි ප‍්‍රධාන අරමුණ වේ.
ඒ අනුව, HNB TXB සඳහා ඇතුලත් කර ගැනීමේ ක‍්‍රියාවලිය හැකිතාක් බාධාවලින් තොර සහ සරල බව සහතික කිරීමට ද බැංකුව පියවර ගනිමින් සිටී. විශේෂයෙන්ම දැනට සිටින ගනුදෙනුකරුවන් සඳහා බැංකුව විසින් පෙර-පුරවන ලද ලියකියවිලි ලබා දෙනු ලබයි.
මීට අමතරව, බාධාවකින් තොරව TXB ඇතුලත් කර ගැනීමේ පහසුකම් සැලසීම සඳහා දැනට සිටින සහ අනාගත ගනුදෙනුකරුවන් සමඟ සෘජුවම සම්බන්ධ වීමට HNB WBG කණ්ඩායම් දිවයින පුරා කි‍්‍රයාත්මක වෙයි.
1 Comment
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?