HNB බණ්ඩාරගම පාරිභෝගික ඒකකය නව නිවහනකට
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය බණ්ඩාරගම පාරිභෝගික ඒකකය අංක 111, හොරණ පාර, බණ්ඩාරගම යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව නිවහනකට පසුගියදා ගෙන යන ලදී. උත්සවාකාරයෙන් විවෘත කෙරුණු මෙය බැංකු ක්ෂේත්‍රයේ පුරෝගාමිකයෙකු ලෙස HNB හි දිගුකාලීන නායකත්වයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
මෙම විවෘත කිරීමේ උත්සවයට HNB විධායක උප සභාපති/ශාඛා ජාල ව්‍යාපාර ප්‍රධානී සුපුන් ඩයස්, බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් දිස්නා ජයසිංහ සහ HNB නිරිතදිග කලාපීය ව්‍යාපාර ප්‍රධානී එෂාන් ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ගනුදෙනුකාරභවතුන් සහභාගී විය.
මෙම උත්සවයේදී HNB විධායක උප සභාපති/ශාඛා ජාල ව්‍යාපාර ප්‍රධානී සුපුන් ඩයස් මහතා බැංකුව ජනතාව සමඟ ඇති දිගුකාලීන හා ශක්තිමත් සම්බන්ධතාවය පිළිබඳව සඳහන් කළේය. “අභිලාෂකාමී පුද්ගලයින්, ක්‍රියාකාරී ව්‍යාපාර මෙන්ම ශක්තිමත් වර්ධනයක් හා සංවර්ධනයක් ඇති ප්‍රදේශයක් වන බැවින් බණ්ඩාරගම HNB පාරිභෝගික ජාලයට ඉතා වැදගත්. නව නිවහනකට යාමෙන්, අපගේ ගනුදෙනුකාරභවතුන්ට ඔවුන්ගේ ජීවිතයේ අත්කර ගැනීමට අවශ්‍ය දේට ගැලපෙන ස්ථානයක සේවය කිරීමට අපට හැකි වන අතරම ඔවුන්ගේ ඉලක්ක සහ සිහින පසුපස හඹා යාමට උපකාරී වන උසස් තත්ත්වයේ බැංකු සේවා ද අපට ලබා දිය හැකියි. ඉඩකඩ සපිරි බව, පහසුව, සම්බන්ධතාවය මෙන්ම ආරක්ෂාවක් සහිතව නිර්මාණය කර ඇති මෙම නව පාරිභෝගික ඒකකය වෙත පැමිණ එහි සේවාවන් අත්විඳින ලෙස අපගේ දැනට සිටින ගනුදෙනුකාරභවතුන්ට සහ ප්‍රදේශයේ අනෙකුත් ජනතාවට අප ආරාධනා කර සිටිනවා.’’ යනුවෙන් ඔහු පැවසුවේය.
වැඩි ඉඩකඩකින් සමන්විත මෙම නව පරිශ්‍රය තුලදී ගනුදෙනුකාරභවතුන් හට පහසුවෙන් තම සේවා සපයා ගැනීමට හැකියාව ඇති අතර ඒ වෙනුවෙන් අත්දැකීම් පරිපූර්ණ බැංකු කාර්ය මණ්ඩලයකගේ සේවාව සලසා ගැනීමේ අවස්ථාව ද HNB උදාකර දී ඇත. තවද ගනුදෙනුකාරභවතුන් සහ බැංකු කාර්ය මණ්ඩලය අතර වඩාත් හොඳ සබඳතාවන් ගොඩනැගීමට උපකාරී වන ලෙස මෙම පරිශ්‍රය නිර්මාණය කර ඇති අතර එමගින් ශක්තිමත් පාරිභෝගික සබඳතා විශිෂ්ට බැංකුකරණයේ ප්‍රධාන අංගයක් බව HNB හි විශ්වාසය අවධාරණය කරයි.

