September 12, 2025
Nations HR Academy Supreme Entrepreneur Education සම්මානයෙන් පිදුම් ලබයි
පුවත්

Nations HR Academy Supreme Entrepreneur Education සම්මානයෙන් පිදුම් ලබයි

Aug 20, 2025

මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන Nations HR Academy (NHRA) පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂිකා හංසනී නිසංසලා වීරකෝන් මෙනෙවිය Entro Queen Excellence – Leading Lady in Business 2025 සම්මාන උළෙලේදී අධ්‍යාපනික සහ ඉගැනුම් විසඳුම් වර්ධනය කිරීම වෙනුවෙන් පිරිනැමෙන Supreme Entrepreneur Education සම්මානයෙන් පිදුම් ලැබුවාය. වීරකෝන් මෙනෙවියගේ නායකත්වය යටතේ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ පිළිගත් අධ්‍යාපන ආයතනයක් බවට පත් වී ඇති NHRA ආයතනය මානව සම්පත් කළමනාකරණය කේන්ද්‍ර කර ගත් අධ්‍යාපන සහ පුහුණු වැඩසටහන් රැසක් හඳුන්වා දී තිබේ. එය 1990 අංක 20 දරන පනත යටතේ තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිසමේ අනුමැතිය ලබා තිබේ. ආයතනයේ සංවර්ධන සැළැසුම අංක 887/8 දරන ගැසට් නිවේදනයේ පළ වී ඇත.

මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව (NQHRM), ව්‍යාපාර කළමනාකරණ ජාතික සුදුසුකම (NQBM), පරිගණකගත ගිණුම්කරණ ඩිප්ලෝමාව (CAD), මනෝ විද්‍යා සහ උපදේශන ඩිප්ලෝමාව (DPC), අලෙවි සහ විකුණුම් කළමනාකරණ ඩිප්ලෝමාව (DSMM), ව්‍යවසායකත්ව කළමනාකරණ ඩිප්ලෝමාව (DEM), ආයතනික නීති සහ බදුකරණ ඩිප්ලෝමාව (DCT), මානව සම්පත් කළමනාකරණ උසස් සහතික පත්‍ර පාඨමාලාව (HCHRM) සහ ආවේග කළමනාකරණ උසස් සහතික පත්‍ර පාඨමාලාව NHRA ආයතනය පවත්වන අධ්‍යාපන වැඩසටහන් අතරින් කිහිපයකි. 2018 වසරේදී 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ව්‍යාපාර ලියාපදිංචිය ලැබූ NHRA ආයතනය වසරකට දැනුමෙන් සහ කුසලතාවලින් හෙබි වෘත්තිකයන් 1,000කට වැඩි සංඛ්‍යාවක් බිහි කර ඇත. ව්‍යාපාර කළමනාකරණය, මනෝ විද්‍යාව, ගිණුම්කරණය, විකුණුම් සහ අලෙවිකරණය, ව්‍යවසායකත්වය වැනි ක්ෂේත්‍ර රැසකට අදාළ සහතික පත්‍ර සහ ඩිප්ලෝමා මට්ටමේ සුදුසුකම් NHRA ආයතනයෙන් වෙතින් ලැබිය හැකිය. විශේෂඥයන්ගේ සහ වෘත්තිකයන්ගේ සහයෝගය සමඟ මෙරට මානව සම්පත් ක්ෂේත්‍රයේ වර්ධනයට දායක වීම එම ආයතනයේ ප්‍රමුඛ අරමුණයි. මීට පෙරද Nations HR Academy දේශීය සහ විදේශීය සම්මාන රැසක් දිනා තිබේ. 0114804000, 0704804000 ඔස්සේ හෝ info@nationshr.lk, info@humanresources.lk වෙබ් අඩවි ඔස්සේ වැඩි විස්තර ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close