June 23, 2025
එක්සත් රාජධානියේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් රත්මලානේ Haleon කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙති
පුවත්

එක්සත් රාජධානියේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් රත්මලානේ Haleon කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙති

Jun 11, 2025

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා රාජකීය වාණිජ දූත ප්‍රධානී, එවර්ටන් හි ලෝඩ්, ගරු හැනට් මහතා රත්මලානේ Haleon ඖෂධනිෂ්පාදනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා පසුගිය දා සහභාගී වූ අතර, එතුමන් සමඟ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික්, දකුණු ආසියාවේ නියෝජ්‍ය වෙළඳ කොමසාරිස් ඇනා ෂොට්බෝල්ට්, ශ්‍රී ලංකාවේ වෙළඳ අධ්‍යක්ෂ මාරා වෝටර්ස්, වෙළඳ හා ආයෝජන නියෝජ්‍ය ප්‍රධානී අසන්ති ප්‍රනාන්දු සහ ආසියා පැසිෆික් සහ දකුණු ආසියා කලාප සඳහා එක්සත් රාජධානියේ වෙළඳ නියෝජිත සබඳතා කළමනාකාරිණී ෂමීමා යූසුෆ් යන මහත්ම මහත්මීන් ද මෙම චාරිකාවට සහභාගී වූහ.

මෙම චාරිකාව තුළින් Haleon Sri Lankaසමාගමේ නවෝත්පාදනයන් සහ ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාමට දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ අනාගත සැලසුම් ද ප්‍රදර්ශනය කිරීමට අගනා අවස්ථාවක් ලබා දුන්නේය. Haleon හි ඖෂධ (දියර සහ පෙති) නිෂ්පාදන පහසුකම් පිළිබඳ මනා අවබෝධයක් මෙම චාරිකාවට එක් වූ පිරිසට හිමි වූ අතර, මෙම ඒකකයට හිමි සුවිශේෂී උරුමය සහ එහි මෙහෙයුම් කටයුතු පිළිබඳව ද මෙහිදී විශේෂ අවදානය යොමු විය. මෙම ඒකකය ශ්‍රී ලාංකිකයින්ට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දෙනවා පමණක් නොව, ගෝලීය වශයෙන් අනෙකුත් වෙළඳපොළවලට ඖෂධ අපනයනය සඳහා ද කටයුතු කරනු ලබයි.

මනුෂ්‍යත්වය අගයමින් වඩා යහපත් සෞඛ්‍යයක් උරුම කර දීම සඳහා Haleon සමාගමේ නිරන්තර කැපවීමේ සාක්ෂියක් ලෙස ද රත්මලාන ඖෂධ කම්හල හඳුන්වා දිය හැකිය.

“1956 සිට, Haleon සමාගම ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව උසස්ම තත්ත්වයේ ඖෂධ සැපයීමට සහ දේශීය ඖෂධ වෘත්තිකයන් පුහුණු කිරීමට දායක වී තිබෙනවා. ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස අර්ථවත් රැකියා අවස්ථා නිර්මාණය කිරීමට සහ ප්‍රයෝජනවත් කුසලතා පිරිනමමින් රටේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය සවිබල ගන්වන්නට දායක වීමට හැකි වීම ගැන අපි ඉතාමත් ආඩම්බර වෙනවා. නිපුණතාවලින් පිරි සෞඛ්‍ය සම්පන්න දේශයක් නිර්මාණය කිරීමට සහය වීමත්, එක්සත් රාජධානිය සමඟ ඇති දිගුකාලීන හවුල්කාරීත්වය ශක්තිමත් කරමින් ඖෂධ තාක්ෂණය සහ සෞඛ්‍ය සේවාවන්ගේ නවෝත්පාදනය සඳහා කටයුතු කිරීමත් අපේ අරමුණයි.” යනුවෙන් Haleon සමාගමේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකාර අධ්‍යක්ෂ චානක වන්නිආරච්චි මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා අදහස් දක්වමින්, “Haleonරත්මලාන කම්හල නැරඹීමට ලැබීම වගේම, එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශයට අඛණ්ඩව ලබා දෙන විශිෂ්ට දායකත්වය දැක ගැනීමට හැකි වීමත් සතුටක්. මෙම පරිශ්‍රය, එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ සහ ආයෝජන හවුල්කාරිත්වයේ ශක්තිය පිළිබිඹු කරනවා පමණක් නොව, දේශීය කුසලතා සවිබල ගැන්වීම, නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යාම සහ තිරසාර ආර්ථික සංවර්ධනයට සහාය වීම සඳහා බ්‍රිතාන්‍ය ව්‍යාපාරවල දිගුකාලීන වටිනාකමත් ඉස්මතු කරනවා.” යනුවෙන් පැවසීය.

ගෝලීය පාරිභෝගික සෞඛ්‍ය සේවා සමාගමක් වන Haleon UK (පෙර GlaxoSmithKline Consumer Health) හි අනුබද්ධිත සමාගමක් වන Haleon Sri Lanka, 1956 සිට ශ්‍රී ලාංකිකයන්ගේ සාඩම්බර කළමනාකාරීත්වය යටතේ මෙහෙයවනු ලබන අතර, පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා නිරන්තරයෙන් කැපවී සිටී. Haleon සතු පුළුල් නිෂ්පාදන පෙළ අතර මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට උපකාරී වන Sensodyne, Panadol, ENO, Iodex, Corsodyl, Voltaren සහ Piriton වැනි ප්‍රසිද්ධ වෙළඳ නාම රැසක් ද ඇතුළත් වේ. Sensodyne දන්ත සංවේදීතාව සඳහා ප්‍රතිඵලදායක සහනයක් ගෙන දෙන අතර දන්ත සංවේදීතාව නිසා පීඩා විඳින අයට ඔවුන්ගේ ප්‍රියතම ආහාරපාන අපහසුවකින් තොරව භුක්ති විඳීමට ඉඩ සලසන දන්තාලේපයකි. Panadol වේගවත් හා ඵලදායී ලෙස වේදනාවන්ට සහනය සලසන අතර, ENO ගැස්ට්‍රික් ආම්ලිකතාවය සඳහා ඉක්මන් සහනය ලබා දෙන්නකි. Iodex මාංශ පේශි වේදනාව සඳහා සහනය ගෙනෙන ආලේපයකි. Corsodyl යනු නිරෝගී විදුරුමස් පවත්වා ගැනීමට උපකාරී වන ඖෂධයක් වන අතර Voltaren මාංශ පේශිවල තියුණු වේදනාවට ක්‍රියාකාරී ඖෂධයක් ලෙස ප්‍රසිද්ධය. සමස්තයක් ලෙස මේ සියල්ල ලාංකීය ජනතාවගේ යහපැවැත්ම සහ සෞඛ්‍යය වෙනුවෙන් දායක වන සන්නාම සමූහයක් ලෙස අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකිය.      

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close