September 8, 2024
ද්විත්ව ගෞරව නාම සමඟින් කොමර්ෂල් බැංකුව ‘ග්ලෝබල් බිස්නස් අවුට්ලුක්’ වෙතින් සම්මාන ලබයි
පුවත්

ද්විත්ව ගෞරව නාම සමඟින් කොමර්ෂල් බැංකුව ‘ග්ලෝබල් බිස්නස් අවුට්ලුක්’ වෙතින් සම්මාන ලබයි

Jan 11, 2024

2023 වසරේ ශ්‍රී ලංකාවේ ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ බැංකුව’ හා ‘වඩාත්ම නවෝත්පාදක ඩිජිටල් බැංකුව’ ලෙස සම්මාන දිනා ගනිමින් කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තරව හා දේශීයව ගෞරවාන්විත සම්මාන රැසක් දිනා ගත් 2023 වසර අවසන් කළේය.

කොමර්ෂල් බැංකුවට මෙම නවතම සම්මාන පිරිනමන ලද්දේ, ව්‍යාපාරික ලෝකයේ සිදුවන ඉතා වැදගත් සිදුවීම් හා වර්ධනයන් පිළිබඳව ප්‍රමුඛ පෙල තොරතුරු සපයන්නෙකු වන, එංගලන්තය මූලික කරගත් ‘ග්ලෝබල් බිස්නස් අවුට්ලුක්’ විසිනි. කොමර්ෂල් බැංකුව ‘ග්ලෝබල් බිස්නස් අවුට්ලුක්’ වෙතින් සම්මාන ලැබූ පස්වන අවස්ථාව මෙයයි.

‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ බැංකුව’ සම්මානය මඟින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) අංශයේ ණය දීම් කෙරෙහි යොමු කර ඇති විශේෂ අවධානය ඇගයීමට ලක් කර ඇත. ඒ අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හඳුනා ගැනීමටත්, ඇගයීමටත්, එම ව්‍යාපාර වලට සහය ලබා දීම සඳහා ඩිජිටල් ක්‍රමවේද හඳුන්වා දීම හා මෙම අංශයට වැඩිම ණය ලබා දෙන්නා ලෙස බැංකුවේ මෙහෙවර මෙහිදී අවධානයට ලක්විය.

තවද, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට දැනුම හා ධාරිතාව ගොඩනගා ගැනීමට සහය වීම සහ ජාලකරණයට හා දේශිය මෙන්ම ජාත්‍යන්තර වෙළඳපල වෙත පිවිසීම සඳහා පහසුකම් සැපයීම තුළින් බැංකුව සිය ගනුදෙනුකරුවන් සමඟ විවිධාකාරයෙන් අඛණ්ඩව සම්බන්ධ වේ.

‘වඩාත්ම නවෝත්පාදක ඩිජිටල් බැංකුව’ සම්මානය මඟින් අවධානය යොමු කර ඇත්තේ ඩිජිටල් බැංකුකරණ වේදිකාවේ භාවිතය හා විශේෂාංග තුළින් බැංකුව අත්කරගෙන ඇති ඩිජිටල් නායකත්වය, බැංකුවේ ජනප‍්‍රිය ජංගම හා සමාජ මාධ්‍ය බැංකු යෙදුම් මෙන්ම ඩිජිටල් ගෙවීම් අංශයේ බැංකුවේ ප්‍රධානත්වය ද සමඟින් බැංකු කර්මාන්තය තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම උදෙසා කොමර්ෂල් බැංකුවේ කාර්භාරයයි.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *