August 14, 2025
KLC නිර්මාතෘ ටාරා රාජපක්ෂවිශිෂ්ටම කොරියානු භාෂා ගුරුවරිය ලෙස Asia Miracle සම්මාන දිනයි
පුවත්

KLC නිර්මාතෘ ටාරා රාජපක්ෂවිශිෂ්ටම කොරියානු භාෂා ගුරුවරිය ලෙස Asia Miracle සම්මාන දිනයි

Aug 13, 2025

කඩවත Korean Language Centre (KLC) නිර්මාතෘ ටාරා රාජපක්ෂ Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කොරියානු භාෂා ගුරුවරිය ලෙස සම්මාන ලැබුවාය. ගුරුවරියක ලෙස වසර 25කට වැඩි අත්දැකීම් සහිත ඇය දකුණු කොරියානු රැකියාවලට යොමු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට මඟ පෙන්වයි.KLC ආයතනය කොරියානු භාෂා යෝග්‍යතා විභාගයට (EPS-TOPIK) පෙනී සිටි සිසුන් දහස් ගණනකට භාෂා පුහුණුව දී ඇත. ඒ අතරින් විශාල පිරිසක් ඉහළ ලකුණු ලබා විභාගය සමත් වී රැකියා සඳහා දකුණු කොරියාවට ගොස් තිබේ. සෑම සිසුවෙකු කෙරෙහිම වෙන් වෙන් වශයෙන් අවධානය යොමු කරන KLC ආයතනය සාර්ථකව විභාගයට මුහුණ දීමට ඔවුන්ට අවශ්‍ය  කුසලතා සහ ආත්ම විශ්වාසය ගොඩ නඟයි.

කඩවත ප්‍රධාන මධ්‍යස්ථානයේදී, මාතර සිප්යානා ශාඛාවේදී සහ Zoom හරහා පන්ති පැවැත්වේ. කොරියානු හෝඩියේ පටන් විභාගයට මුහුණ දීමට අවශ්‍ය සියලු කරුණු ඇතුළත් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කෙරේ. සිසුන්ට අවශ්‍ය සියලුම පොත් නොමිලේ සපයයි. පන්තියට සහභාගී වීමට නොහැකි වන සිසුන්ට ඕඩියෝ සහ වීඩියෝ පටිගත කිරීම් සපයයි. කොරියානු රැකියා විභාගය වාර්ෂිකව පවත්වන නමුත් නිශ්චිත දිනයක් නොමැති නිසා මාස හයක්, අවුරුද්දක් හෝ ඊටත් වැඩි කාලයක් පන්තිවලට සහභාගී වෙමින් විභාගය පැවැත්වෙන දිනය දක්වාම අමතර ගාස්තුවකින් තොරව භාෂා පුහුණුව ලැබිය හැකිය. 0772456061 හෝ 0763048585 අංක ඔස්සේ ආයතනය සම්බන්ධ කර ගත හැකිය. දෙරට රජය අතර ඇති කර ගත් ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකාවට වාර්ෂිකව දකුණු කොරියානු රැකියා කෝටාවක් හිමි වේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා නොමිලයේ ලැබෙන එම රැකියා හිමි කර ගැනීමට EPS-TOPIK (Employment Permit System – Test of Proficiency in Korean) විභාගයට පෙනී සිටිය යුතුය. එය සමත් වන අවුරුදු 18-39 අතර ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට රැකියා හිමි වේ. ඔවුන්ට දකුණු කොරියාවේදී අවම වශයෙන් රුපියල් ලක්ෂ පහක මාසික වැටුපක් ලැබේ. දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට එරට පදිංචිය ඇතුළු අනෙකුත් වීසා වර්ග සඳහා අයැදුම් කිරීමට හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close