November 21, 2024
Fems වෙතින් කාන්තා සනීපාරක්ෂාව වැඩිදියුණු කරන ‘3X Protection’
පුවත්

Fems වෙතින් කාන්තා සනීපාරක්ෂාව වැඩිදියුණු කරන ‘3X Protection’

Nov 11, 2024

සනීපාරක්ෂාව සම්බන්ධයෙන් මෙරට කාන්තාවන්ගේ විශ්වාසය දිනූ Fems, තම සනීපාරක්ෂක තුවා නිෂ්පාදන එකතුව තුන් ආකාරයක ආරක්ෂාව ගෙනෙන නව 3X Protection තාක්ෂණය සමගින් යළි වෙළඳපොළට හඳුන්වා දී තිබේ. කාන්තාවන්ට පෙරටත් වඩා වැඩි පහසුවක් සහ ආරක්ෂාවක් සැලසෙන පරිදි නිෂ්පාදනය කර ඇති මෙම සනීපාරක්ෂක තුවා, නව ආකර්ෂණීය ඇසුරුම් පෙළක්ද සමගින් වෙළඳපොළට පැමිණ ඇත. පාරිභෝගිකයන් වඩාත් හොඳින් දැනුවත් කිරීම හා සවිබලගැන්වීම සඳහා වැදගත් වන තොරතුරු රැසක් මෙම ඇසුරුම්වල සඳහන් කිරීමටද Fems පියවර ගෙන තිබේ.

මේ ආකාරයට Fems සනීපාරක්ෂක තුවා නැවත හඳුන්වා දීම, කාන්දුවීම් සහ අපහසුතාවයන් පිළිබඳ කනස්සල්ලෙන් තොරව, විශ්වාසයෙන් යුතුව ජීවිත ගත කිරීමට ශ්‍රී ලාංකික කාන්තාවන්ට අවස්ථාව සලසා දෙමින් උසස් ආරක්ෂාවක් සහ සුවපහසුවක් ලබාදීම සඳහා Fems සන්නාමයේ කැපවීම නැවත තහවුරු කරයි.

Fems Cotton Feel (රෝස පැහැති පැකට්ටුව), Fems Drytex (දම් පැහැති පැකට්ටුව), සහ Fems Heavy Flow (Turquoise නිල් පැහැති පැකට්ටුව) යන වර්ගවලින් නව සනීපාරක්ෂක තුවා එකතුව මිලදී ගත හැක. මෙම නිෂ්පාදනවල ඇසුරුම් නැවුම් සහ ආකර්ෂණීය අන්දමින් නිර්මාණය කර ඇති අතර, Fems තම නිෂ්පාදන සම්බන්ධයෙන් කෙතරම් සැලකිලිමත් වන්නේද යන්න එම ඇසුරුම් මගින් මැනැවින් තහවුරු වේ.

සෑම කාන්තාවකටම සනීපාරක්ෂාව සම්බන්ධයෙන් තමන්ටම ආවේණික අවශ්‍යතා තිබෙන බව Fems හොඳින් දන්නා අතර, ඔවුන්ට දවස පුරා විශ්වාසය, සුවපහසුව සහ ආරක්‍ෂාව හිමි වන බව සහතික කරමින්, නිෂ්පාදනවල සුවිශේෂී ප්‍රතිලාභ සහ විශේෂාංග පැහැදිලිව සන්නිවේදනය කිරීම ඔස්සේ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම කෙරෙහි Fems විසින් මෙම සනීපාරක්ෂක තුවා නැවත හඳුන්වා දීමේදී විශේෂයෙන් අවධානය යොමුකරන ලදී.

Fems 3X ආරක්ෂාවෙහි වැදගත්කම, මෙම සනීපාරක්ෂක තුවා සමට හිතකර බව චර්ම විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වී තිබීම (Skin Safe), ශරීරයේ හැඩය කුමක් වුවද කාටත් ගැළපෙන ආකාරයට සනීපාරක්ෂක තුවා නිපදවන ‘Body Fit’ තාක්ෂණය, වැඩි පහසුවක් සහ ආරක්ෂාවක් සඳහා තෙතමනය හොඳින් උරාගන්නා පරිදි නිෂ්පාදනය කර තිබීම, කාන්දු වීම් වඩාත් හොඳින් වළක්වමින් සැහැල්ලුවෙන් යුතුව දවස ගෙවීමට හැකි වීම සඳහා ‘Leak control lines’ යොදා තිබීම වැනි වැදගත් කරුණු රැසක් මෙහි සඳහන් කර ඇත.

එමෙන්ම Fio App ලබාගන්නා ආකාරය පිළිබඳ තොරතුරුද මෙම ඇසුරුම්වල සඳහන් කර තිබේ. Fio App යනු ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් කාන්තාවන්ට අතිශයින් වැදගත් වන දැනුම හා සේවාවන් රැසක් ලබාදෙන සුවිශේෂී යෙදුමකි. මෙම ඇසුරුම්වල සඳහන් QR කේතය ස්කෑන් කිරීම මගින් කාන්තාවන්ට ඉතා පහසුවෙන් Fio App බාගත කළ හැකි වේ. ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් වඩාත් පුළුල් කතාබහක් ඇතිකිරීමේ අරමුණින් Fems විසින් මෑතකදී මෙම Fio App හඳුන්වා දෙන ලදි. මෙය සමස්තයක් ලෙස කාන්තාවන්ගේ යහපැවැත්ම සඳහා Fems දක්වන කැපවීමට මනා සාක්ෂියකි.

ඔසප් වීම සම්බන්දයෙන් කාන්තාවන්ට පවතින වර්තමාන සහ අනාගත අවශ්‍යතා අවබෝධ කරගෙන ඒවාට සංවේදී වෙමින්, ඔවුන්ට ස්වාධීන වීමට සහ දියුණුව කර යාමට අවස්ථාව උදාකර දීම සම්බන්ධ සිය දැක්ම තහවුරු කරමින්, නවෝත්පාදන සමඟින් අඛණ්ඩව පෙරමුණේ සිටීමට Fems සමත් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *