January 22, 2026
DFCC බැංකුවේ අනුග්‍රහයෙන් පැවති Faldo Junior Series Sri Lanka ශූරතාවලිය RCGC හිදී නිමාව දකියි
පුවත්

DFCC බැංකුවේ අනුග්‍රහයෙන් පැවති Faldo Junior Series Sri Lanka ශූරතාවලිය RCGC හිදී නිමාව දකියි

Jan 20, 2026

DFCC බැංකුවේ පූර්ණ අනුග්‍රහය ඇතිව පැවති Faldo Junior Series ශ්‍රී ලංකා ගොල්ෆ් තරගාවලිය, ජනවාරි 6 සිට 8 දක්වා කොළඹ රෝයල් ගොල්ෆ් සමාජ (RCGC) පරිශ්‍රයේදී සාර්ථකව නිමාවට පත් වූ අතර එහිදී කායා දළුවත්ත, තරගාවලියේ සමස්ත ශූරිය ලෙස කිරුළු පැළඳුවාය. හය වතාවක් මේජර් ශූරතාව දිනූ ශ්‍රීමත් නික් ෆැල්ඩෝ විසින් ආරම්භ කරන ලද, ගෝලීය වශයෙන් පිළිගත් ෆැල්ඩෝ තරගාවලිය යටතේ පැවති මෙයට ශ්‍රී ලංකාවෙන් සහ විදේශයන්ගෙන් නැගී එන තරුණ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට අධික පිරිසක් සහභාගී වූහ.

අඛණ්ඩව දෙවන වරටත් DFCC බැංකුව ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන මෙම තරගාවලිය, කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩකයින්ට ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තර තලයට පිවිසීමට අවශ්‍ය මාවත සකස් කිරීමට අවශ්‍ය පදනම සකසයි. වයස් සහ ස්ත්‍රී පුරුෂ භාවය අනුව පැහැදිලිව වෙන් කරන ලද කාණ්ඩ යටතේ පැවති මෙම තරගාවලිය, ක්‍රීඩකයින්ගේ ආත්ම විශ්වාසය සහ තරගකාරීත්වය ආරම්භයේ සිටම ත්වර කිරීමට සමත්විය.

මෙම තරගාවලිය වයස අවුරුදු 13-16 සහ 17-21 කාණ්ඩ යටතේ පිරිමි සහ ගැහැණු ළමුන් සඳහා ‘Faldo Juniors’ ලෙසත්, වයස අවුරුදු 7-8, 9-10 සහ 11-12 කාණ්ඩ යටතේ ‘Faldo Futures’ ලෙසත් පැවැත්විණි. මෙම කාණ්ඩ ගත ව්‍යුහය මඟින් දක්ෂතා කලින් හඳුනා ගැනීමටත්, උසස් මට්ටමේ තරගකාරී අත්දැකීමක් ලබා දීමටත් හැකියාව ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close