ශ්‍රී ලංකාවේ හොඳම වාණිජ මූල්‍ය බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවට 2025 යුරෝමනි සම්මානය
ශ්‍රී ලංකාවේ අපනයන සහ ආනයන අංශ තුළ බැංකුවේ ශක්තිමත් ක්‍රියාකාරීත්වය සහ අඛණ්ඩ දායකත්වය අගයමින් 2025 වසරේ උත්කර්ශවත් ව පැවති යුරෝමනි ගනුදෙනු බැංකුකරණ සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම වාණිජ මූල්‍ය බැංකුව ලෙස නම් කරන ලදී.
මූල්‍ය වෙළඳපල තුළ ප්‍රමුඛ සඟරාවක් වන යුරෝමනි වෙතින් පිරිනැමෙන මෙම ගෝලීය සම්මාන හරහා ඇගයීමට ලක් කෙරෙන්නේ මුදල් කළමනාකරණය, ගෙවීම්, වාණිජ මූල්‍යකරණය සහ තාක්ෂණය හරහා ගනුදෙනු කරන බැංකුකරණයේ නව්‍යෝත්පාදනය, නායකත්වය සහ මැනිය හැකි තරමේ බලපෑම් සිදු කරන ආයතන යි. කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වාණිජ මූල්‍යකරණයේ වෙළඳපල ප්‍රමුඛයා වන අතර, අපනයන ක්‍ෂේත්‍රයේ 21%ක කොටසක් සහ ආනයන ක්‍ෂේත්‍රයේ 14.26%ක කොටසක් හිමිකර ගනිමින් එම අංශ දෙකට බැංකුවේ ශක්තිමත් දායකත්වය සනාථ කර ඇත.
භාණ්ඩ, සේවා සහ විදේශීය විනිමය ගලායාම සක්‍රීය කිරීමෙහිලා තම අසමසම කාර්යභාරය පෙන්වා දෙමින් 2024 දී බැංකුව ඇමෙරිකානු ඩොලර් බිලියන 5 කට අධික වෙළඳ ගනුදෙනු සඳහා සහාය ලබා දෙන ලදී. වෙළඳ හා සැපයුම් දාම මූල්‍යකරණ වැඩසටහන යටතේ අඛණ්ඩව සිව්වන වසරටත් ශ්‍රී ලංකාවේ තම ප්‍රමුඛතම හවුල්කාර බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කරමින් ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් ද බැංකුවේ නායකත්වය කලාපීය වශයෙන් ඇගයීමට ලක් කර ඇත.
බැංකුවේ මෑත කාලීන නව්‍යෝත්පාදනයන් අතර ඉදිරියෙන් ම සිටින්නේ කොමර්ෂල් බැංකුවේ Trade Link පහසුකම වේ. එය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දියත් කළ පූර්ණ වශයෙන් ඒකාබද්ධ කළ මුල සිට අග දක්වා ම සම්බන්ධ වන ඩිජිටල් වාණිජ මූල්‍ය වේදිකාවයි. මෙම පද්ධතිය මගින් ණයවර ලිපිවල සිට අපනයන එකතු කිරීම් සහ නැව්ගත කිරීමේ ඇපකර දක්වා සියලුම වාණිජ මූල්‍ය මෙහෙයුම් එක් ආරක්ෂිත වූ, මාර්ගගත, අතුරු මුහුණතකට ගෙන එන අතර, එමඟින් ගනුදෙනුකරුවන්ට තත්‍ය කාලීන දෘශ්‍යතාව, වේගවත් සැකසුම් සහ කඩදාසි රහිත කාර්ය පටිපාටි ආදී පහසුකම් ලබා දේ. මෙම ඩිජිටල්කරණ පරිශ්‍රමය මගින් කායික ක්‍රියාවලීන් අඩුකරමින්, දහස් ගණනක් ගනුදෙනුවල පිරිවැටුම් කාලය අඩුකර, සේවාදායකයින්ගේ අත්දැකීම් නැවත අර්ථ දක්වා ඇත.
ශ්‍රී ලංකාවේ වාණිජ අංශය දියුණු කිරීම සඳහා බැංකුව දක්වන කැපවීම, තාක්ෂණය ද ඉක්මවා යයි. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ගැනුම්කරුවන් සහ සැපයුම්කරුවන් අතර සම්බන්ධතා ගොඩනැගීම සඳහා පහසුකම් සපයන Combank Trade Club, සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වෙන් වූ ඩිජිටල් ව්‍යාපාර ජාලකරණ වේදිකාවක් වන Combank LEAP | GlobalLinker වැනි මුලපිරීම් හරහා, බැංකුව ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් හා ගෝලීය වෙළඳපල අතර සම්බන්ධතාවය සක්‍රීය ව ගොඩනගමින් සීටී. එහි ‘දිරිබල’ අපනයනකරුවන් ගොඩනැංවීමේ වැඩසටහන හරහා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් අපනයනය වෙත යොමු වීමට තවදුරටත් දිරිගන්වන අතර ඒ සඳහා අවශ්‍ය විශේෂඥ මග පෙන්වීම, පුහුණුව සහ මූල්‍ය සහය ද ලබා දෙයි.
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව සහ වෙළඳපල ප්‍රාග්ධනකරණය ඇමරිකානු ඩොලර් බිලියන 1ක අගය ඉක්මවා ගිය පළමු බැංකුව ලෙස, ඩිජිටල් පරිවර්තනය මෙහෙයවීම හරහා වඩාත් ඔරොත්තු දෙන, අන්තර්ගත වූ අපනයන ආර්ථිකයක් ගොඩනැංවීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව ජාතික වෙළඳ කටයුතු සඳහා සහය වීමට අඛණ්ඩව පෙරමුණ ගෙන සිටින බව බැංකුව පවසයි.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

