
Cambridge විශ්වවිද්‍යාලය පවත්වන TKT විභාගයට පුහුණු කිරීමට ESOL College International අයැදුම්පත් කැඳවයි
ගුරු වෘතියේ නියැලෙන හා නියැලීමට බලාපොරොත්තු වන අයගේ කුසලතා සහ වෘත්තීය සුදුසුකම් ඉහළ නංවා ගැනීමට ESOL College International හඳුන්වා දී ඇති Cambridge Teaching Knowledge Test (TKT) පාඨමාලාවේ 2025 ජුලි කණ්ඩායමට මේ දිනවල සිසුන් බඳවා ගැනේ. Online හෝ Physical මාධ්‍යයෙන් අධ්‍යයන කටයුතු කළ හැකි මෙය තෛමාසික පාඨමාලාවකි. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට Online හරහා මෙයට සහභාගි විය හැකි අතර සියලුම Sessions, Interactive Sessions ලෙස පැවැත්වේ. භාෂා ඉගැන්වීම පිළිබඳ මූලික පසුබිම; පාඩම් සැළැසුම් කර ගැනීම; සම්පත් භාවිතය හා පන්ති කාමර කළමනාකරණය යන TKT Modules තුනටම අදාළ දැනුම පියවරෙන් පියවර ලැබිය හැකි පරිදි එම වැඩසටහන සැළැසුම් කර තිබේ.
ESOL College Internationalහි ගුරු සංවර්ධන සහ පුහුණු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ඉසුරි කත්‍රිආරච්චි මහත්මිය මූලිකව පාඨමාලාව මෙහෙයවයි. ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව මූලික උපාධියත්, ඕස්ට්‍රේලියාවේ Macquarie විශ්ව විද්‍යාලයෙන් ව්‍යවහාරික භාෂා පිළිබඳව ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇත. දශකයක් පුරා පුහුණු කරන්නන් පුහුණු කර අත්දැකීම් රැසක් හිමි ඇය සහභාගි වන්නන්ගේ දැනුම සහ වෘත්තීය සුදුසුකම් ඉහළ නංවා ගැනීමට සරල හා ලෝකයේ දැනට භාවිත වන නවීන ක්‍රම අනුසාරයෙන් පාඨමාලාව මෙහෙයවයි. සෑම සැසියක්ම අන්තර් ක්‍රියාකාරී ක්‍රියාකාරකම් පදනම් කර ගත් ඉගැන්වීමේ ක්‍රම භාවිතයෙන් පවත්වා TKT විහාගය ඉහළ ලකුණු සහිතව සමත් වීමට අවස්ථාව සැළැසීම සිය ප්‍රධාන අරමුණ බව ඇය පැවසීය. පාඨමාලාවට සහභාගී වන සැමට ESOL College International වෙතින් වටිනා සහතිකයක් හා විශේෂයෙන් සැකසූ ඉගැනුම් කට්ටලයක් පිරිනැමෙන අතර ආයතනය හරහා Cambridge TKT විභාගයට ලියාපදිංචි වීමටද අවස්ථාව සැළැසේ. ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කරන්නන්ට ආයතනය තුළම සීමාවාසික පුහුණුව හිමි වේ. ජාත්‍යන්තර වශෙයන් පිළිගත් සුදුසුකමක් වන TKT පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් දෙස් විදෙස් රැකියා සඳහා අවස්ථා උදා වේ. ගුරු වෘත්තියට පිවිසීමට අපේක්ෂා කරන අයට සහ දැනුම යාවත්කාලීන කර ගැනීමට හා අතිරේක සුදුසුකමක් එකතු කර ගැනීමට බලාපොරොත්තු වන පළපුරුද්ද සහිත ගුරුවරුන්ට මෙම පාඨමාලාව මනා පිටිවහලකි. 0117444999 අංකයට අමතා ආසන වෙන් කර ගත හැකිය.