NDB පොලී රහිත තෑගි සමය දැන්
ළඟ එන උත්සව සමය සඳහා, උද්යෝගයෙන් සහ සතුටින් ලහි ලහියේ සූදානම් වන ඔබට, NDB වෙතින් විශාල වාසියක් දැන්. ඔබේ මුදල් පසුම්බියටත් නොදැනෙන පරිදි සහනාදායි වට්ටම් රැසක් සමගින් ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා අලෙවිසල් රාශියක NDB ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා මාස 36ක් දක්වා 0% පොලී රහිත වාරික භුක්ති විඳිය හැක.
NDB අපි ඔබේ ඉදිරි උත්සව සමය නිදහසේ වියදම් කරන්නට පහසු ලෙස NDB ක්‍රෙඩිට් කාඞ්පත් හරහා සුවිශේෂ දීමනාවන් හඳුන්වා දී ඇත. අවම වශයෙන් රුපියල් 100,000 ක සහ උපරිම වශයෙන් රුපියල් මිලියන 2 ක ගනුදෙනු වටිනාකමක් සමගින්, මෙම දීමනාව හඳුන්වා දී ඇත.
මේ ලෙස නවීන පන්නයේ නව උපකරණවලින් නිවස අලංකාර කර ගැනීම, පවුලේ ආදරණීයයන් සමග දින ගණන් සැලසුම් කළ සුන්දර නිවාඩු කාලයක් ගත කිරීම හෝ අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීම වැනි සියලූම වියදම් අමතර පොලියක් නොමැතිව අපහසුවකින් තොරව නිශ්චිත වසර ගණනකින් ගෙවා අවසන් කිරීමට ලැබීම NDB බැංකුව හරහා උත්සව සමයේදී ඔබට ලැබෙන විශේෂ අවස්ථාවකි.
විදේශ හා දේශීය සංචාරයේ සිට අධ්‍යාපනය සහ නිවාස වැඩිදියුණු කිරීම් දක්වා, NDB ක්‍රෙඩිට් කාඞ්පත් ඔබේ අයවැය පහසුවෙන් කළමනාකරණය කිරීමට ඔබට සහය වන අතරම ඔබට අවශ්‍ය දේ ඔබට රිසි සේ භුක්ති විඳීමට වෙන කවරදාටත් වඩා පහසු කරයි.
NDB ක්‍රෙඩිට් කාඞ්පත් සමඟින් ස්මාර්ට් විදියට වියදම් කරමින් උත්සව සමයට සතුටින් පියනගන්න.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.