
කොමර්ෂල් බැංකුවේ ප්‍රිමියම් කාඩ්පත් හිමියන්ට වැඩි දියුණු කළ ගුවන්තොටුපල විවේකාගාර ප්‍රවේශ පහසුකම්
කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ප්‍රිමියම් කාණ්ඩ වල ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වැඩි දියුණු කළ ගුවන් තොටුපල විවේකාගාර ප්‍රවේශයන් ලබා දෙන බව බැංකුව නිවේදනය කර ඇත.
බැංකුව විසින් මෙහෙයවන මෙම මුලපිරීම නිසාවෙන් කොමර්ෂල් බැංකුවේ වීසා ඉන්ෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ලොව පුරා ගුවන් තොටුපල විවේකාගාර සඳහා වසරකට අනුපූරක ප්‍රවේශයන් හතරක් දක්වා අත්විඳිය හැක. තවද, වීසා සිග්නේචර් සහ වර්ල්ඩ් මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වසරකට මෙවැනි අනුපූරක ප්‍රවේශයන් දෙකක් දක්වා අත්විඳිය හැකි බව බැකුව පවසයි.
“ප්‍රිමියම් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ගුවන් තොටුපල විවේකාගාර ප්‍රවේශයන් ලබා දීම සිරිතක් වශයෙන් සිදුවන දෙයකි,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණය හස්රත් මුණසිංහ මහතා විස්තර කළේය. “මෙසේ කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ලද ප්‍රිමියම් කාඩ්පත් වර්ග තුනකට විශේෂයෙන් ලබා දෙන මෙම ප්‍රවේශ වීමේ අවස්ථා වැඩි කිරීමෙන් අපි ආදර්ශනය කරන්නේ අපගේ කාඩ්පත් හිමියන්ට ලැබෙන අමතර සැලකීම සහ කීර්තියයි.”
ඔහු පැවසුවේ මෙම වැඩි කරන ලද විවේකාගාර ප්‍රතිලාභ මගින් පාරිභෝගික අත්දැකීම ඉහළ නංවන අතර දේශසීමා හරහා වීසා සහ මාස්ටර්කාඩ් ප්‍රිමියම් කාඩ්පත් වල භාවිතය ද වැඩි වනු ඇති බවයි. තවද, මෙමගින් බැංකුවේ ප්‍රිමියම් කාඩ්පත් හිමි පාරිභෝගික කාණ්ඩයේ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් සිදුකරන වියදම් වැඩි වීම, පාරිභෝගික විශ්වාසය හා පාරිභෝගික රැඳී සිටීම වැඩි කිරීම, සහ කොමර්ෂල් බැංකු ප්‍රිමියම් කාඩ්පත සඳහා වඩාත් ආකර්ෂණීය හා කරඟකාරී පරිසරයක් නිර්මාණය කිරීම යනාදී අරමුණු ද ඉටු වනු ඇත.
මේ අතර, කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ලද යුනියන්-පේ AP (Asian Prestige) ඩයමන්ඩ් කාඩ්පත් හිමියන්ට ඩ්‍රැගන්-පාස් වෙතින් අමතර විවේකාගාර ප්‍රවේශපත්‍රයක් හිමි වේ. එයින් කාඩ්පත් හිමියාට ගුවන් තොටුපල විවේකාගාරයට VIP ප්‍රවේශයක් ලැබෙන අතර ඔහුගේ සබැඳියන්ට ප්‍රවේශයන් හයක් ලැබේ. යුනියන්-පේ AP ප්ලැටිනම් කාඩ්පත් හිමියන් හා ඔවුන්ගේ සබැඳියන් යන දෙපාර්ශවයට ම වසරකට නොමිලේ ගුවන් තොටුපල විවේකාගාර VIP ප්‍රවේශයන් හයක් ලැබේ.
කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.
1 Comment
I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.