November 19, 2025
එමිරේට්ස් සමූහයට 2025-26 අර්ධ වසර සඳහා වාර්තාගත ලාභයක්
පුවත්

එමිරේට්ස් සමූහයට 2025-26 අර්ධ වසර සඳහා වාර්තාගත ලාභයක්

Nov 9, 2025

වර්තමාන මූල්‍ය වසරේ පළමු අර්ධය සඳහා ඩිරාම් බිලියන 12.2 ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3) පෙර බදු ලාභයක් වාර්තා කරමින් එමිරේට්ස් සමූහය අඛණ්ඩව හතරවන වසරටත් වාර්තාගත අර්ධ වාර්ෂික කාර්ය සාධනයක් ප්‍රකාශයට පත් කර ඇත.

ආදායම් බදු ගාස්තු ගණනය කිරීමෙන් පසුව සමූහයේ ශුද්ධ ලාභය ඩිරාම් බිලියන 10.6 (ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9) ක් වන අතර එය පසුගිය වසරට වඩා 13%ක වැඩි වීමකි.

2025-26 මුල් මාස හය සඳහා සමූහයේ මුළු ආදායම ඩිරාම් බිලියන 75.4 (ඇමෙරිකානු ඩොලර් බිලියන 20.6) ක් වූ අතර එය පසුගිය වසරේ ඩිරාම් බිලියන 70.8 (ඇමෙරිකානු ඩොලර් බිලියන 19.3) අර්ධ වාර්ෂික ආදායමට වඩා 4%ක වර්ධනයකි.

එමිරේට්ස් ගුවන් සේවයේ සහ සමූහයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී අතිගරු ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටුම් තුමා මෙසේ පැවසීය: “පසුගිය වසරේ අපගේ අර්ධ වාර්ෂික ප්‍රතිඵල ද අභිබවා යමින් 2025-26 පළමු අර්ධය සඳහා නව වාර්තාගත ලාභයක් අත්කර ගත් සමූහය, නැවත වරක් කැපී පෙනෙන කාර්ය සාධනයක් පෙන්වා ඇත. මෙම අර්ධ වාර්ෂික වාර්තාකරණ කාලය තුළදී ද ලොව වඩාත් ම ලාභදායී ගුවන් සේවය ලෙස එමිරේට්ස් සිය ස්ථානය පවත්වා ගෙන යන බව මම සතුටින් සඳහන් කරමි.”

“මෙම කාර්ය සාධනය සඳහා මූලික වූයේ අපගේ නිෂ්පාදන සහ සේවා සඳහා අඩුවක් නොමැති ඉල්ලුම සහ වර්ධනය වන පාරිභෝගික මනාපය හේතුවෙන් ආදායම් වැඩි වීම හා ලාභදායී බව ඉහළ යාමයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close