
නව‘ප්‍රිමියම් ඉකොනොමි’පන්තියේ උසස් අත්දැකීම ලබාදෙමින් එමිරේට්ස්හි A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි
කොළඹට සහ ඉන් පිටතට ගුවන් ගමන් සඳහා නව ප්‍රමිතියක් ලබාදෙමින් එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය වන එයාර්බස් A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත.
නවතම අභ්‍යන්තර අලංකරණයන්, කර්මාන්තයේ පෙරමුණ ගත් තාක්ෂණයන් හා නව්‍යෝත්පාදනයන්ගෙන් හෙබි එමිරේට්ස් හි A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම මගින් වසර 39ක් පුරාවට මෙම ගමනාන්තයට ගුවන් සේවා ක්‍රියාත්මක කරන එමිරේට්ස් හි කැපවීම තවදුරටත් ශක්තිමත් කරන අතර” මගීන්ට සුවිශේෂී සුවපහසුවක් ද ලබා දෙයි.
මේ සමඟ එමිරේට්ස් හි ඉතා ජනප්‍රිය ‘ප්‍රිමියම් ඉකොනොමි’ පන්තියේ අත්දැකීම පළමු වරට කොළඹ – ඩුබායි ගුවන් මාර්ගයේ එළි දක්වමින්, සතියකට දින හයක් ක්‍රියාත්මක වන EK654/655 ගුවන් සේවය සඳාහා A350 ගුවන් යානය යොදවා ඇත.
එමිරේට්ස් හි ප්‍රිමියම් ඉකොනොමි පන්තියේ පාරිභෝගිකයින්ට ව්‍යාපාරික පන්තියට සමාන ක්‍රීම් පැහැති සම් හා ලී පැනල නිමාවකින් යුත් නිහඬ සුඛෝපභෝගී අභ්‍යන්තරයක අත්දැකීම ලබාගත හැකිය.
එමිරේට්ස් හි A350 ගුවන් යානයේ අභ්‍යන්තරය පාරිභෝගික සුවපහසුව උපරිම කිරීම සඳහා ම නිර්මාණය කර ඇති අතර එමගින් නව්‍යෝත්පාදනයේ නවතම නිමැවුම් ප්‍රදර්ශනය වේ. මෙහි කැපී පෙනෙන විශේෂාංග අතරට අලුතින් නිර්මාණය කළ” වඩාත් සුවපහසු, ඉකොනොමි පන්තියේ කැබින්; වැඩිදියුණු කළ ව්‍යාපාරික පන්තිය හා ප්‍රිමියම් ඉකොනොමි පන්තියේ කැබින්; 4K සහ 4K HDR අතිශය ප්‍රතිචාරාත්මක ස්පර්ශ තිර සහිත ඕනෑම ගුවන් යානයක පවතින හොඳම රූප ගුණාත්මකභාවය; සියලුම පන්තිවල පුළුල් අන්තරාල සහ අමතර උසකින් යුත් සිවිලිම්; සහ සියලුම A350 ගමනාන්ත හරහා අඛණ්ඩ ගෝලීය සම්බන්ධතාවයක් සහිත වේගවත් Wi-Fi පහසුකම් ද ඇතුලත් වේ.
එමිරේට්ස් 1986 අප්‍රෙල් මාසයේදී ශ්‍රී ලංකාවට ගුවන් මෙහෙයුම් ආරම්භ කළ අතර මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා සමඟින් මෙරට සංචාරක සහ අපනයන කර්මාන්ත සඳහා නිරන්තරයෙන් තම සහයෝගය ලබා දෙමින් සිටී. සම්මානලාභී ගුවන් සේවය සිය මෙහෙයුම් ආරම්භ කළ දින සිට කොළඹ වෙත හා එහි සිට ගුවන් මගීන් මිලියන 12කට වැඩි පිරිසකට ගමන් පහසුව සළසා ඇත. දෛනික ගුවන් ගමන් හතරක් සමඟින් කොළඹ හා ඩුබායි අතර (දෙපසට ම) ක්‍රියාත්මක වන ගුවන් සේවාව මගින් එම යානා වලම ටොන් 160ක් දක්වා භාණ්ඩ රැගෙන යාමේ හැකියාව සමඟින් දිනකට ආසන 2,800 කට වැඩි සංඛ්‍යාවක් ලබා දෙයි.
1 Comment
Puraburn very informative articles or reviews at this time.