
ඇල්පිටිය වැවිලි සමාගම විශේෂිත පාරිභෝගික භාණ්ඩ රැසක් සමග HarrowHouse.lk අරඹයි
Aitken Spence සමූහයට අනුබද්ධිත ඇල්පිටිය වැවිලි සමාගම විසින් විශේෂිත පාරිභෝගික භාණ්ඩ රැසක් සමග HarrowHouse.lk වෙබ් අඩවිය පසුගියදා දියත් කරන ලදී. ඇල්පිටිය වැවිලි සමාගම ශ්‍රී ලංකාවේ පළමු වතාවට ස්ට්‍රෝබෙරි, බ්ලැක්බෙරි රාස්ප්බෙරි සහ බ්ලූබෙරි වගාව ආරම්භ කළ වැවිලි සමාගමයි. ස්වාභාවික පාරිසරික තත්ත්ව යටතේ ඉදෙන්නට සළස්වන මෙම බෙරිවල නැවුම් ස්භාවික රසයම විද ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ. මේ සියලු බෙරි නිෂ්පාදන Berry Much සන්නාමය යටතේ HarrowHouse.lk වෙබ් අඩවියෙන් මිල දී ගත හැකිය.
බෙරි නිෂ්පාදනවලට අමතරව ස්ට්‍රෝබෙරි හා රාස්ප්බෙරි ජෑම් සහ කටු අනෝදා, අඹ, වැල්දොඩම්, අන්නාසි හා පොල්වලින් නිෂ්පාදිත රසයෙන් මෙන්ම ගුණයෙන්ද සපිරි ජෑම් HarrowHouse.lk වෙබ් අඩවිය හරහා මිල දී ගත හැකිය. දේශීයව මෙන්ම විදේශීයවද ඉතා ඉහළ ඉල්ලුමක් ඇති Ceylon Tea තේ මිල දී ගැනීමටද මෙම වෙබ් අඩවිය හරහා අවස්ථාව සළසා දී තිබේ. තේවලට ඇලුම් කරන්නන්ට පුළුල් පරාසයක විහිදී ඇති කලු තේ, හරිත තේ, තෑගි වශයෙන් දිය හැකි තේ සහ BOPF තේ වැනි බොහෝ නිෂ්පාදන මෙම වෙබ් අඩවිය හරහා මිල දී ගත හැකිය. තේ ආශ්‍රිත සියලු නිෂ්පාදන ඇල්පිටිය වැවිලි සමාගමට අයත් මධ්‍යම කඳුකරයේ පිහිටි තේ වතුවලින් නෙලා ගන්නා නැවුම් තේ දළුවලින් නිපදවයි. අඹ, මිශ්‍ර පළතුරු, කටු අනෝදා, ස්ට්‍රෝබෙරි සහ සියඹලා වැනි පලතුරුවලින් සකසන බීම වර්ගද HarrowHouse.lk හරහා මිල දී ගත හැකිය. පලතුරු බීමවලට අමතරව කාබනීකෘත පළතුරු යුෂද (Fizzy Drinks) Tropifruit සන්නාමය යටතේ මිල දී ගත හැකිය. කෝපි, පිරිසුදු මී පැණි, කිතුල් පැණි, කුරුඳු සහ තවත් බොහෝ දෑ මෙම වෙබ් අඩවිය හරහා මිල දී ගත හැකිය. නොවැම්බර් මාසය පුරා 15%ක විශේෂ වට්ටමක් පිරිනැමීමටද HarrowHouse.lk කටයුතු යොදා ඇත. HarrowHouse.lkවෙබ් අඩවියෙන් මිල දී ගැනීමේදී කූපන් කේතය (NEWSHH) භාවිත කිරීමෙන් පාඨකයන්ට දෙසැම්බර් මාසයේදී 15%ක වට්ටමක් හිමි වේ.
1 Comment
I am extremely inspired along with your writing
abilities and also with the structure to your blog. Is that this a paid theme or
did you customize it yourself? Anyway stay up the nice
high quality writing, it’s rare to see a nice weblog like this one these
days. LinkedIN Scraping!