
Dubai Real Estate Roadshow සැප්. 13, 14 කොළඹදී
ඩුබායි රාජ්‍යයේ ප්‍රමුඛතම දේපොළ වෙළෙඳාම් සමාගමක් වන Fimco Real1 Estate ඉදිරිපත් කරන සුවිශේෂ වැඩසටහනක් ‘Dubai Real Estate Investment Roadshow’ නමින් සැප්තැම්බර් 13 සහ 14 පෙරවරු 8.30 සිට පස්වරු 10.30 දක්වා කොළඹ කෝට්යාඩ් බයි මැරියට් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහිදී කලින් වේලාව වෙන් කර ගෙන ඩුබායි රාජ්‍යයේ බලපත්‍රධාරී උපදේශකයන් සමග පෞද්ගලික උපායමාර්ගික සැසිවලට සම්බන්ධ වීමට මෙරට ආයෝජකයන්ට අවස්ථාව ලැබේ. සාමාන්‍යයෙන් මෙවැනි වැඩසටහනකදී සමාගම් විසින් ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘති ප්‍රමාණය 3-10 අතර සංඛ්‍යාවක් වුවත් මෙහිදී සමාගම් 100කට වැඩි සංඛ්‍යාවක් විසින් ඉදිරිපත් කිරනු ලැබීමට නියමිත ව්‍යාපෘති සංඛ්‍යාව 750කට අධිකය. ඒ ඒ ආයෝජකයාගේ ඉලක්ක, අරමුණු සහ මූල්‍ය ධාරිතාවට ගැළපෙන පරිදි උපදේශන සේවා ගත හැකිය.
මෙම වැඩසටහනට සහභාගී වීම තුළින් ජ්‍යෙෂ්ට බලපත්‍රධාරී උපදේශකයන් වෙතින් සෘජු උපදේශන සේවා රටවල් 15කට වැඩි සංඛ්‍යාවක 2,500කට වැඩි ආයෝජකයන් සමග කටයුතු කර ඇති කණ්ඩායමක් වෙතින් ගත හැකිය. දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට අදාළ මාර්ගෝපදේශන, පූර්ව අලෙවි ව්‍යාපෘති සඳහා ප්‍රවේශය, පොළී රහිතව වසර හතක් දක්වා නම්‍යශීලී ගෙවීම් සැළැසුම්, බදු ආදායම පිළිබඳ පැහැදිලි උපායමාර්ග, ප්‍රාග්ධන වර්ධනය පිළිබඳ සැළැසුම් ඇතුළු බොහෝ දෑ ඒ අතර වේ. “ඩුබායි රාජ්‍යයේ ආයෝජනය කිරීම තුළින් අසමසම ආයෝජන ප්‍රතිලාභ, 7%-10% අතර ආයෝජන ප්‍රතිලාභ, වසර 5 සිට 7 දක්වා ගෙවීමේ සැළසුම්, ශූන්‍ය දේපොළ බදු සහ ඩොලරයට සාපේක්ෂව ඉහළ වටිනාකමක් සහිත ආදායමක් වැනි වාසි රැසක් මේ හරහා ලබන්නට පුළුවන්. ද්කොළඹදී පැවැත්වෙන සැසිවල අරමුණ දත්ත පදනම් කර ගත්, විශවාසනීය සහ වෘත්තීමය වටපිටාවක් තුළ ආයෝජකයන් බල ගැන්වීමයි.” ජ්‍යෙෂ්ට දේපොළ උපදේශක සහ උපායමාර්ගික ආයෝජන උපදේශක රාජ් කලීල් සඳහන් කළේය. අවම පූර්ව ආයෝජනය රුපියල් මිලියන 50කි. ඉහළ මට්ටමේ ආයෝජන අවස්ථා රුපියල් මිලියන 100 සිට ආරම්භ වේ. https://ishortn.ink/Z9TT8Jo2D වෙත පිවිසීමෙන් හෝ +97148355567 WhatsApp අංකය හරහා ආසන වෙන් කර ගත හැකිය.