
ආචාර්ය සේනක විජේසිංහ විසින් රචිත ‘How to Use NLP for Sales Success’ කෘතිය එළිදකී
කීර්තිමත් අලෙවිකරණ වෘත්තිකයෙකු, පුහුණුකරුවෙකු සහ දේශකයෙකු වන ආචාර්ය සේනක විජේසිංහ මහතා විසින් රචිත ‘How to Use NLP for Sales Success’ (අලෙවි සාර්ථකත්වය සඳහා ස්නායු-භාෂාමය වැඩසටහන්කරණය යොදා ගන්නේ කෙසේද?) කෘතිය අගෝස්තු 27 කොළඹ කිංස්බරි හෝටලයේදී එළි දක්වන ලදී. අලෙවිකරණ වෘත්තිකයන් දිරි ගන්වමින් අලෙවි ඉලක්ක සාර්ථකව සපුරා ගැනීමට ස්නායු-භාෂා වැඩසටහන්කරණය යොදා ගන්නා ආකාරය එම කෘතියේ ඇතුළත් වේ. අලෙවිකරණ ක්ෂේත්‍රයේ දශක තුනකට ආසන්න අත්දැකීම් සහිත වෘත්තිකයෙකු වන විජේසිංහ මහතා ඉතා විශ්ලේෂණාත්මකව එය රචනා කර ඇත. AIA රක්ෂණ සමාගමේ සාමාන්‍යාධිකාරි සරත් චන්ද්‍රසිරි, පුද්ගල පෞරුෂ සංවර්ධන සහ අභිප්‍රේරක පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන ආචාර්ය නලින් ජයසූරිය, සුරංජිත් ගොඩගම සහ ශෙහාන් පිලපිටිය ඇතුළු ආරාධිතයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කෘතිය එළිදැක්වීමේ උළෙල පැවැත්විණි.
එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයෙන් අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් සහ පශ්චාත් උපාධියක් ලබා ඇති විජේසිංහ මහතා වරලත් අලෙවි වෘත්තිකයෙකි. ඔහු ව්‍යාපාර කළමනාකරණයට අදාළව ආචාර්ය උපාධියක්ද ලබා තිබේ. වසර 27ක් පුරා ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගම් රැසක සේවය කළ ඔහු තවත් සමාගම් රැසක බෙදා හැරීම් සහ අලෙවි ප්‍රධානී තනතුර දරා ඇත. ඊට අමතරව ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර ව්‍යවසායකත්ව සංවර්ධන සහ ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයන ආයතනයේ කථිකාචාර්යවරයෙකු ලෙස සහ පුද්ගල පෞරුෂ සංවර්ධන හා අභිප්‍රේරක දේශකයෙකු ලෙස කටයුතු කරයි. ඔහු විසින් 2023 වසරේදී ආරම්භ කරනු ලැබූ Agrovista මේ වන විට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් බවට පත් වී තිබේ. අංශ පහක් යටතේ මෙහෙයුම් කටයුතු සිදු කරන එම සමාගම් සමූහය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වේගවත්ම වර්ධනයක් සහිත සමාගම් අතර ඉදිරියෙන්ම සිටී.