
දරුවන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා එමිරේට්ස් පදනම ලැබෙන ආධාර දෙගුණ කරයි
ළමා සුභසාධනය උදෙසා සිය දශක දෙකක දායකත්වය තවත් ශක්තිමත් කිරීමට එමිරේට්ස් ගුවන් සමාගම මෙම කටයුත්තට දක්වන මූල්‍යමය සහාය දෙගුණ කිරීමට තීරණය කර ඇති අතර, ඒ තුළින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ප්‍රීතිපුර ප්‍රජාව ඇතුළුව සංවිධාන 13 ක් ප්‍රතිලාභ ලබනු ඇත.
එමිරේට්ස් පදනමට ගුවන් මගීන් පරිත්‍යාග කරන සෑම ඩොලරයක්, ඩිරාම් එකක් හෝ ඕනෑම මුදල් ඒකකයකින් ඇමරිකානු ඩොලර් 10,000 ක් දක්වා වන සෑම පරිත්‍යාගයකට එයට සමාන මුදලක් සඳහා දායක වීමෙන් එමිරේට්ස් හි ගුවන් මගින් විසින් ලබා දෙන ආධාර දෙගුණ වන අතර මෙයින් එමිරේට්ස් පදනම සහාය දක්වන දරුවන් වෙනුවෙන් වඩාත් හොඳ අනාගතයක් ගොඩ නඟනු ඇත.
එමිරේට්ස් ගුවන් සමාගමේ සභාපති සහ එමිරේට්ස් පදනමෙහි සභාපති ශ්‍රීමත් ටිම් ක්ලාක් මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “ලොව වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා ගෝලීය අභියෝග තීව්‍ර වීම හමුවේ දරුවන්ගේ මූලික අවශ්‍යතා සහ ඔවුන්ගේ ආහාර, සෞඛ්‍ය, නිවාස සහ අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ආරක්ෂා කිරීම අතිශයින් වඩාත් වැදගත් වී ඇත. එබැවින් එමිරේට්ස් පදනම වෙත ලැබෙන සියලුම මුදල් පරිත්‍යාගයන් දෙගුණ කරමින් අපගේ කැපවීමේ කොටසක් වන දරුවන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබා දීමටත් දිළිඳු භාවයේ චක්‍රය බිඳ දැමීම ට දායක වීමටත් අපි උත්සාහ කරනවා.”
සෑම එමිරේට්ස් ගුවන් යානයකම ආධාර ලබාදීම සඳහා ලියුම් කවර ලබා දෙන අතර මගීන්ට ඕනෑම මුදල් ඒකකයකින් ආධාර කිරීමට හැකි මුදලක් එහි තැන්පත් කර අලවා ගුවන් කාර්ය මණ්ඩල සේවකයෙකුට භාර දිය හැක. පාරිභෝගිකයින්ට තම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් මගින් ද ආධාර ලබා දීමට හැකියාව පවතියි. ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක දී ආධාර ලබාදීම සඳහා එමිරේට්ස් පදනමේ ආරක්ෂිත හා පහසු ගෙවීම් දොරටුව ද භාවිත කළ හැක.
ආරක්ෂිත නිවාස බලමුළු ගැන්වීම, අත්‍යවශ්‍ය පෝෂණ සහ සෞඛ්‍ය සත්කාර, ආරක්ෂිත අධ්‍යාපන අවස්ථා සහ වෘත්තිමය සංවර්ධන වැඩසටහන් මෙන්ම ලොව පුරා වෛද්‍යමය, ඉංජිනේරු සහ අධ්‍යාපන මෙහෙයුම් සිදු කරමින් පසුගිය දශක දෙකක කාලය තුළ එමිරේට්ස් පදනම දරුවන් දහස් ගණනකගේ ජීවිත පරිවර්තනය කර ඇත.
ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 9ක රාජ්‍ය නොවන සංවිධාන 13කට එමිරේට්ස් පදනම සහය දක්වනු ලබයි. ප්‍රීතිපුර ප්‍රජාව ළදරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා විශේෂිත සත්කාර අවශ්‍ය ආබාධ සහිත පුද්ගලයින් 250 කට ආසන්න සංඛ්‍යාවකට, විස්තීර්ණ අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ අර්ථවත් රැකියා මාර්ග ආදී ස්වාධීනත්වය සහ අභිමානය පෝෂණය කරන පරිවර්තනීය සහයක් සපයන ආයතනයක් වන්නේය.
1 Comment
I discovered your blog site on google and check a few of your early posts. Continue to keep up the very good operate. I just additional up your RSS feed to my MSN News Reader. Seeking forward to reading more from you later on!…