February 10, 2026
CIPM ‘Great HR Quiz’ තරගාවලියේදී බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම ස්ථානය සහ සමස්ත තෙවන ස්ථානය දිනාගැනීමට DFCC බැංකුව සමත්වෙයි
පුවත්

CIPM ‘Great HR Quiz’ තරගාවලියේදී බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම ස්ථානය සහ සමස්ත තෙවන ස්ථානය දිනාගැනීමට DFCC බැංකුව සමත්වෙයි

Feb 10, 2026

ශ්‍රී ලංකා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනය (CIPM) විසින් සංවිධානය කරන ලද ‘Great HR Quiz’ ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේදී බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම ස්ථානය සහ සමස්ත තරගාවලියේ දෙවන අනුශූරතාව (තෙවන ස්ථානය) දිනා ගැනීමට DFCC බැංකුව සමත්විය. කණ්ඩායම් 75ක සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම තරගය, අංශ කිහිපයකින් සමන්විත වූ ඉතා තරගකාරී මෙන්ම දැඩි ඇගයීම් ක්‍රියාවලියක් අනුගමනය කළ පරීක්ෂණයකි.

තරගය පුරා DFCC බැංකු කණ්ඩායම ප්‍රදර්ශනය කළ විශිෂ්ට දැනුම, සාමූහිකත්වය සහ කැපවීම තුළින්, බැංකුව සතු ශක්තිමත් මානව සම්පත් සංස්කෘතිය සහ අඛණ්ඩ ඉගෙනීමට ඇති උනන්දුව මැනවින් විදහා දැක්වීය.

දමිත් වීරසේකර, ටිරෝන් ධනංජය, රොසෙල් පෙරුමාල් සහ ශාන්‍යා පණ්ඩිතකෝරළගේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වූ DFCC කණ්ඩායම, සිය වෘත්තීය නිපුණත්වය සහ සහයෝගීතාවය මගින් මෙම ජයග්‍රහණය කරා බැංකුව මෙහෙයවන ලදී.

මෙම ජයග්‍රහණය මගින්, සිය සේවකයින්ගේ දක්ෂතා වර්ධනය කිරීමටත්, ආයතනය පුරා දැනුම බෙදාගැනීමේ සහ විශිෂ්ටත්වය හඹායාමේ සංස්කෘතියක් පවත්වාගෙන යාමටත් DFCC බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම නැවත වරක් තහවුරු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close