April 19, 2025
සමාජයේ අත් දකින ගැටලු පිළිබඳ හරවත් සංවාදයන් TikTok තුළින් නිර්මාණය කරන ගඟුලි වල්පොල
පුවත් අලූත් යමක් ජීවිතය නායකයෝ

සමාජයේ අත් දකින ගැටලු පිළිබඳ හරවත් සංවාදයන් TikTok තුළින් නිර්මාණය කරන ගඟුලි වල්පොල

Jan 17, 2025

සමාජය දිනෙන් දින දියුණු වන විට ඒ තුළ නිර්මාණය වන ගැටලුකාරී තත්වයන්ද ඉහළ යන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් මෙම ගැටලු පිළිබඳව කතා කරන හෝ හඬ නගන හා සංවාද නිර්මාණය කරන පුද්ගලයින් ඉතා විරලය. අද වන විට එම පුද්ගලයින්ගේ අවශ්‍යතාවය සමාජය තුළ ඉහළ යමින් පවතී. මානසික සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්න, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා වර්ණ භේදය වැනි ප්‍රශ්න සහිත සමාජයක එවන් හඬ නගන්නන් විසින් සිදු කරන කාර්යභාරය ඉතා වැදගත්ය. ශ්‍රී ලංකාව තුළද මෙම තත්වය ඒ ආකාරයෙන්ම දැකිය හැකි අතර ගැටලුකාරී තත්වයන් වෙනුවෙන් අවධානය යොමු කරමින් ඒ පිළිබඳව හඬ නගන පිරිසකගේ අවශ්‍යතාව ශ්‍රී ලංකාවටද තදින්ම දැනී ඇත.

එකී අවශ්‍යතාවයේ වත්මන් නියෝජනයක් ලෙස ගඟුලී වල්පොල සඳහන් කළ හැක්කේ TikTok වේදිකාව භාවිත කරමින් වැඩිහිටි පරම්පරාවේ ඉහත දැක්වූ ගැටලුවලට එරෙහි හඬක් නැගීමට ගනු ලැබූ උත්සාහයන් නිසාවෙනි. විශේෂයෙන් ගැටලු විසඳීම සිය විනෝදාස්වාදය කරගත් ඇය ඊට හාස්‍යය, අව්‍යාජත්වය හා අවදානම් සහගත බව එක් කරමින් TikTok සමාජ වෙනසක් සඳහා මෙවලමක් බවට පත් කර ගැනීමට ඇය සමත්ව ඇත.

පුද්ගලික ගැටලුවල සිට මහජන උපදේශනය දක්වා

TikTok හි ගඟුලිගේ ගමන ආරම්භ වූයේ පුද්ගලික කාර්යයක් ලෙසය. එහිදී ඇය තමන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව කතා කරමින් එය අනෙක් අයට අසන්නට සලසා දෙන ලදීි. ඒ සමඟ ඇයගේ එම වීඩියෝ නරඹන ප්‍රමාණය ඉහළ ගිය අතර ඒ සඳහා අදහස් පළ කළ ප්‍රමාණයද ඉහළ යන්නට වූයෙන් තමාගේ හඬෙහි ශක්තිය අවබෝධ කර ගැනීමට ඇයට හැකියාව උදා විය.

TikTok යනු නව ප්‍රවණතා හෝ ජනප්‍රිය නර්තනයන්ට පමණක් සීමා නොවූ හරවත් සංවාදයන් සඳහා කදිම වේදිකාවක් බව අවබෝධ කරගත් ගඟුලී තමන්ගේ මෙම නිර්මාණකරණය ලොව පුරා වීඩියෝ නරඹන්නන් වෙනුවෙන් යොදා ගැනීමට කටයුතු කළාය.

TikTok සතු හැකියාවන් හඳුනා ගනිමින් විනෝදාස්වාදයෙන් එහා ගිය නිර්මාණකරණයක් තුළින් සිය අදහස් හා සිතුම් පැතුම් සිය ප්‍රේක්ෂකයින්ගේ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා යොදා ගැනීමට ගඟුලි නිරන්තරයෙන් කටයුතු කළාය.

එහිදී විශේෂයෙන් ඉතා සංකීර්ණ මාතෘකා පවා සරල ආකාරයේ සිට ප්‍රේක්ෂකයින් වෙත ලබා දෙමින් පහසුවෙන් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව ඔවුන්ට උරුම කර දුන්නේ තමන්ගේ මානසික ගැටලුවලට විසඳුම් සලසා ගැනීමේ පහසු අවස්ථාවක් උරුම කර දෙමිනි. සිය නිර්මාණයන් හාස්‍ය සමඟ මුසු කරමින් ප්‍රේක්ෂක මනස කූල්මත් කිරීමෙන් සුවපත් බවත් එක් කිරීමටද මෙහිදී ඇයට හැකි විය. ගඟුලී පවසන්නේ “නිර්මාණකරණයේදී හාස්‍ය යොදා ගැනීම තුළින් නිර්මාණයේ අව්‍යාජත්වය හා සරල බව මනාව පවත්වාගෙන යාමට හැකි වන බවයි.

අන්තර්ක්‍රියාකාරීත්වයේ බලපෑම

TikTok සතු අන්තර් ක්‍රියාකාරී හැකියාව ගඟුලිගේ නිර්මාණ ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වීමට ප්‍රමුඛ හේතුවක් වී ඇත. විශේෂයෙන් පළ කරනු ලබන වීඩියෝවක් පිළිබඳ ප්‍රේක්ෂකයින්ට අදහස් දැක්වීමේ හැකියාව හා ඊට පිළිතුරු ලබා දීමේ හැකියාව හේතුවෙන් ප්‍රේක්ෂකයා හා නිර්මාණකරුවා අතර සබඳතාව ඉහළ යයි. යමක් ඉගෙන ගැනීමේ අවස්ථාව ජනතාව වෙත ලබා දෙන TikTok නිර්මාණකරු හා ප්‍රේක්ෂකයා අතර අර්ථවත් සංවාදයක් ගොඩ නැගීමටද අවස්ථාව සලසා දෙයි. තවද ඒ තුළින් ප්‍රේක්ෂක ස්වභාවය හඳුනාගනිමින් ඊට අදාල ආකාරයෙන් දැනුවත් කිරීම් සිදු කිරීමටද නිර්මාණකරුට හැකි වේ.

මෙම නිර්මාණ ක්‍රියාවලිය තුළින් මෙතෙක් තමන්ගේ ගැටලු වලට විසඳුම් සොයා නොගිය සුවිසල් ප්‍රේක්ෂක පිරිසකට සවන් දීමට ගඟුලිට හැකිවී ඇති අතර තමන් මුහුණ දෙන මානසික ගැටලුකාරී තත්වයන් හඳුනා ගැනීමටත් ඒවාට විසඳුම් සොයා ගැනීමටක් ගඟුලිගේ TikTok ගිණුම ජනතාවට මග කියනු ලබයි.

සෑම විටම හාස්‍ය හා විනෝදාස්වාදයෙන් එහා ගිය අධ්‍යාපනය හා අවබෝධය වෙනුවෙන් TikTok වේදිකාව යොදා ගනිමින් සුවහසක් ජනතාවට සේවය කිරීමට ගඟුලිට හැකි වී ඇත්තේ මෙහෙයිනි.

2 Comments

  • You made a number of nice points there. I did a search on the subject and found most persons will agree with your blog.

  • I loved as much as you will receive carried out proper here. The comic strip is attractive, your authored material stylish. however, you command get bought an impatience over that you would like be handing over the following. sick no doubt come further before again since precisely the same nearly a lot often inside case you shield this hike.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close