January 22, 2026
කොන්කෝඩ් ඇපරල් හා කොන්කෝඩ් ෆුට්වෙයාර් ජනාධිපති අපනයන සම්මාන දිනයි
පුවත්

කොන්කෝඩ් ඇපරල් හා කොන්කෝඩ් ෆුට්වෙයාර් ජනාධිපති අපනයන සම්මාන දිනයි

Jan 16, 2026

ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී හොංකොංහි ගස්ටන් ලිමිටඩ්හි අනුබද්ධ සමාගම් දෙකක් වන අවිස්සාවේල්ල කොන්කෝඩ් ඇපරල් (පෞද්) සමාගම සහ උලපනේ කොන්කෝඩ් ෆුට්වෙයාර් (පෞද්) සමාගම සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. එහිදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ ඇගැලුම් අංශයේ විශිෂ්ටම අපනයනකරු සම්මානය කොන්කෝඩ් ඇපරල් සමාගමට හිමි වූ අතර පාවහන් සහ ලෙදර් නිෂ්පාදන අංශයේ විශිෂ්ටම අපනයනකරු සම්මානය කොන්කෝඩ් ෆුට්වෙයාර් සමාගමට හිමි විය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ මෙම සම්මාන උළෙල BMICHහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කොන්කෝඩ් කර්මාන්තශාලා දෙකම නව තාක්ෂණය, ගුණාත්මකභාවය සහ පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලි අනුගමනය කරමින් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ නාමය ඔසවා තබයි. කොන්කෝඩ් ඇපරල් සමාගම උසස් තත්ත්වයේ ඇගැලුම් නිපදවන අතර නවීන නිර්මාණ, කාර්යක්ෂමතාව සහ නවෝත්පාදන ක්‍රියාවලි හරහා ජාත්‍යන්තර ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ඇත. කොන්කෝඩ් ෆුට්වෙයාර් සමාගම උසස් තත්ත්වයේ පාවහන් සහ ලෙදර් නිෂ්පාදන අපනයනය කරමින් තිරසාර සංවර්ධනය, සේවක සුබ සාධනය සහ පාරිසරික වගකීම් කෙරෙහි විශේෂ අවධානය යොමු කරයි. මෙම සමාගම් දෙකම OEKO-TEX, SA 8000, ISO 9001, ISO 14001 සහ LEED Gold වැනි ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ විශ්වාසනීභාවය සහ ගෞරවනීයභාවය තව දුරටත් ඉහළ නැංවීමට දායක වේ. මෙම ජයග්‍රහණ හරහා කොන්කෝඩ් සමාගම ශ්‍රී ලංකාවේ ඇගැලුම් සහ පාවහන් කර්මාන්තයේ ගෝලීය තරගකාරීත්වය ශක්තිමත් කරමින් Made in Sri Lanka නාමය ලෝකයට ගෙන යාමට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close