February 18, 2026
කොළඹ වාණිජ මහාධිකරණයෙන් Garsy වෙළෙඳ නාමයේ ආරක්ෂාවට වාරණ නියෝගයක්
පුවත්

කොළඹ වාණිජ මහාධිකරණයෙන් Garsy වෙළෙඳ නාමයේ ආරක්ෂාවට වාරණ නියෝගයක්

Feb 18, 2026

වෙදගෙදර නිෂ්පාදකයෝ Garsy වෙළෙඳ නාමය  පෞද්ගලික සමාගම (Wedagedara Producers Pvt Ltd) භාවිත කරන ‘Garsy-Herbal Candy’ යන වෙළෙඳ නාමය නීති විරෝධී ලෙස අනුකරණය කරමින් සහ වෙදගෙදර නිෂ්පාදකයෝ පෞද්ගලික සමාගමේ ‘Garsy-Herbal Candy’ යන වෙළෙඳ නාමයට ශබ්දමය වශයෙන් හෝ දෘෂ්‍යමය වශයෙන් සමානකමක් ඇති වෙළෙඳ නාමයක් භාවිතා කිරීම, එකී වෙළෙඳ නාමයට සමාන නමක් යොදා ගනිමින් ආයුර්වේද නිෂ්පාදනයක් සිදු කිරීම සහ බර අඩු කර ගැනීම සඳහා ඹෟෂධයක් නිෂ්පාදනය කිරීම හෝ වෙනත් නිෂ්පාදනයක් කිරීම මෙන්ම වෙදගෙදර නිෂ්පාදකයෝ පෞද්ගලික සමාගම ස්වකීය ‘Garsy-Herbal Candy’ යන වෙළෙඳ නාමය යටතේ සිදු කරන නිෂ්පාදන ප්‍රචාරය සහ ප්‍රවර්ධනය කිරීම සඳහා එකී සමාගම යොදා ගන්නා වෙළෙඳ දැන්වීම් අනුකරණය කිරීම, වෙළෙඳ නාම  හෝ වෙළඳ ලකුණු අනුකරණය කිරීම සහ ඊට ආනුෂාංගික තවත් කටයුතු සිදු කිරීම වළක්වාලමින් සදර්න් ආයුර්වේද පෞද්ගලික සමාගමට එරෙහිව 2026 පෙබරවාරි 12 දින කොළඹදී පැවැත්වෙන ගරු වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

වෙදගෙදර නිෂ්පාදකයෝ පෞද්ගලික සමාගම පැමිණිලිකරු ලෙස ඉහත කී විත්තිකාර සදර්න් ආයුර්වේද පෞද්ගලික සමාගමට එරෙහිව පවරන ලද අංක. CHC 08/2026 IP දරන නඩුවේ කරුණු 2026 පෙබරවාරි 12 කොළඹ ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ තහවරු කරන ලද අතර එදින එකී අධිකරණය විසින් විත්තිකාර සමාගමට එරෙහිව ඉහත කී වාරණ නියෝගය නිකුත් කරන ලදී. පැමිණිලිකාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා ප්‍රමුඛ නීතීඥ මඩුල්ලක් විසින් ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ කරුණු තහවරු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close