
කොමර්ෂල් බැංකුවේ RemitPlus ගනුදෙනුකරුවන්ට මුදලින් රුපියල් මිලියන තුනක ත්‍යාග
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට සති කිහිපයක් තිබෙන නමුත් කොමර්ෂල් බැංකුවේ ‘පිටරට වාසි’ ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කිරීමත් සමඟ විදේශ මුදල් ප්‍රේෂණ ලබාගන්නා ගණුදෙනුකරුවන්ට උත්සව සමය කළින් උදාවි ඇත.
පෙබරවාරි 15 වැනි දා සිට කොමර්ෂල් බැංකුවේ RemitPlus හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබාගන්නා එක් ගණුදෙනුකරුවකුට සෑම දිනකම රුපියල් 50,000 බැගින් පිරිනමනු ලබයි. එම ජයග්‍රහණ මාලාව 2025 අප්‍රේල් 15 වනතුරු ක්‍රියාත්මක වන අතර දෙසතියකට වරක් පවත්වන දිනුම් ඇදීම් තුලින් රුපියල් මිලියන තුනක් දක්වා මුදලින් ත්‍යාග ලබාදෙන බව බැංකුව පවසයි.
මුදල් ප්‍රේෂණ වල වටිනාකම නොතකා RemitPlus හරහා මුදල් ලබාගන්නා සියලුම ගැනුම්කරුවන් මෙම දිනුම් ඇදීමට සුදුසුකම් ලබන අතර ජයග්‍රාහකයින්ගේ නම් බැංකුවේ සමාජ මාධ්‍ය නාලිකා හා RemitPlus යෙදවුම හරහා ප්‍රකාශයට පත් කරන බවද බැංකුව පවසයි.
කොමර්ෂල් බැංකුවේ RemitPlus යෙදවුම නවීන, වියදම් අඩු, තත්‍ය කාලීන, මාර්ගගත, ප්‍රේෂණ සේවාවකි. එමඟින් විදේශගත වූ ශ්‍රී ලාංකිකයින්ට ලොව පුරා බොහෝ රටවල්වලින් ක්ෂණිකව මුදල් යැවීමට හැකියාව ලැබේ. රටවල් 130කටත් වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් සහ ව්‍යාපාරික හවුල්කරුවන්ගෙන් සැදුම් ලත් ජාලයක් හරහා කොමර්ෂල් බැංකුවේ RemitPlus සේවාව මගින් මුදල් ලබාගන්නන්ගේ කොමර්ෂල් බැංකු ගිණුම් වෙත දවසේ ඕනෑම වේලාවක හා වසරේ ඕනෑම දිනක ප්‍රේෂණ මුදල් ක්ෂණිකව බැර කෙරේ.
ගණුදෙනුකරුවන් හට කිසිඳු බාධාවකින් තොරව ප්‍රේෂණ සම්බන්ධයෙන් ඔවුනට අවශ්‍ය සියළුම තොරතුරු ලබා ගැනීම සඳහා කොමර්ෂල් බැංකුවෙන් RemitPlus ජංගම යෙදුමක් ද හඳුන්වා දී ඇත. App Store හෝ Google play store හරහා ඕනෑම කෙනෙකුට RemitPlus ජංගම යෙදවුම බාගත කරගෙන, සම්බන්ධ වීමේ ගාස්තුවක් හෝ වාර්ෂික ගාස්තුවක් හෝ නොමැතිව භාවිතා කළ හැක.
කොමර්ෂල් බැංකුවෙ විදේශ මුදල් ප්‍රේෂණ ගිණුමක් විවෘත කිරීමටත් විදේශ මුදල් ප්‍රේෂණ කාඩ්පතක් නොමිලේ ලබා ලබාගැනීමටත් නිත්‍ය විදේශ මුදල් ප්‍රේෂණ ගණුදෙනුකරුවන් සුදුසුකම් ලබයි. ප්‍රේෂණ ගිණුමට බැරවී ඇති මුදල් ලබා ගැනීමට කාඩ්පත හරහා ප්‍රවේශ විය හැකිය.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
1 Comment
You really make it seem so easy with your presentation but I find this matter to be really something that I think I would never understand. It seems too complicated and very broad for me. I am looking forward for your next post, I will try to get the hang of it!