
හැව්ලොක් සිටි හි ළමා චිත්‍ර තරඟයට කොමර්ෂල් බැංකුවේ අරුණලු ඉතුරුම් ගිණුම සහය දක්වයි
පසුගියදා හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 4 ත් 16 ත් අතර ළමුන් 1500 කට වැඩි පිරිසක් සහභාගී වූ ළමා චිත්‍ර තරඟයෙහි නිල බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුව සහය දක්වන ලදී.
කොමර්ෂල් බැංකුවේ ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුම වන අරුණලු සමඟ සම්බන්ධ වෙමින් පැවැත්වූ ‘HCM Creative Champs 2025’ නම් තරගයේ ජයග්‍රාහකයින් වෙත පිරිනැමූ කුසලාන සහ ත්‍යාග සඳහා බැංකුව අනුග්‍රහය දැක්වීය. මේ සමඟම කොමර්ෂල් බැංකුවේ ප්‍රදර්ශන කුටියට පැමිණි සෑම පවුලකටම නොමිලයේ තම ඡායාරූප ලබා ගැනීමට අවස්ථාව හිමි වූ අතර අරුණලු ඉතුරුම් ගිණුම් විවෘත කළ අය සඳහා අමතර ත්‍යාග පිරිනමන ලදී.
බැංකුවේ ප්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුම වන අරුණලු ළමා ගිණුම් සඳහා ඉහළ පොලී අනුපාතයක් පිරිනැමෙන අතර 5 වසර ශිෂ්‍යයත්ව විභාගයෙන් තම පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන ලබාගන්නා ගිණුම් හිමියන්හට ප්‍රතිලාභ ලෙස විශේෂ මුදල් ත්‍යාග පිරිනමනු ලබයි.