
කොමර්ෂල් බැංකුවට ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන උත්සවයේ දී සමස්ත ජයග්‍රාහක සම්මානය සමඟ රන් සම්මාන 5ක්
ශ්‍රී ලංකාවේ ගෙවීම් තාක්ෂණ නවෝත්පාදනයන් හි සිය නායකත්වය තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2025 ලංකාපේ ටෙක්නොවේෂන් (LankaPay Technnovation) සම්මාන උත්සවයේ දී රන් සම්මාන පහක් දිනා ගැනීමට සමත් විය.
මෙම සම්භාවනීය උත්සවයේදී බැංකුවට, ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු ආයතන) සඳහා වූ සමස්ත සම්මානය සහ ‘වසරේ හොඳම පොදු ATM සක්‍රීය කරන්නා,’ ‘වසරේ වඩාත්ම නව්‍යකරණය වූ බැංකුව,’ ‘වසරේ හොඳම ලංකාපේ කාඩ්පත් ක්‍රියාත්මක කරන්නා’ සහ ‘වසරේ හොඳම ලංකාපේ කාඩ්පත් අත්පත් කරගන්නා’ වූ රන් සම්මාන හිමි විය.
ඊට අමතරව, ‘පාරිභෝගික ගෙවීම් සඳහා වන හොඳම බැංකුව’ ලෙස රිදී සම්මානය සහ ‘වසරේ හොඳම LankaQR සක්‍රීය කරන්නා’ ලෙස ලෝකඩ සම්මානය දිනා ගැනීමෙන් බැංකුව ලැබූ සම්මාන සංඛ්‍යාව හතක් විය.
ඩිජිටල් ගෙවීම් ක්‍රියාවලියේ වඩාත් කාර්යක්ෂම හා ඵලදායී මූල්‍ය ආයතනයට ලංකාපේ විසින් පිරිනමන ඉහළම පිළිගැනීම වන්නේ ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය සඳහා වන සමස්ත සම්මානයයි. මෙම සම්මානය ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය මෙහෙයවීම වෙනුවෙන් බැංකුවෙහි සුවිශේෂී කාර්ය සාධනය, නවෝත්පාදනය සහ කැපවීම පිළිබඳ සාක්ෂියක් වන බව බැංකුව පවසයි.
“මෙම සම්මාන ඩිජිටල් ගෙවීම් විසඳුම් ප්‍රවර්ධනය කිරීම, මූල්‍ය ප්‍රවේශය සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම, සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණට අනුකූලව රටේ ජාතික ගෙවීම් ජාලය වැඩිදියුණු කිරීම සඳහා බැංකුවේ කැපවීම වෙනුවෙන් සුදුසු පිළිගැනීමකි. අපි මෙම අරමුණ සාර්ථක කර ගැනීම සඳහා නවෝත්පාදන කිහිපයක් සංවර්ධනය කර යොදවා තිබෙනවා,” යනුවෙන් බැංකුව විසින් දිනා ගත් මෙම සම්මාන පිළිබඳ කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසීය.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
1 Comment
Good – I should definitely pronounce, impressed with your site. I had no trouble navigating through all tabs as well as related info ended up being truly simple to do to access. I recently found what I hoped for before you know it at all. Reasonably unusual. Is likely to appreciate it for those who add forums or anything, site theme . a tones way for your customer to communicate. Excellent task..