
කොමර්ෂල් බැංකුව යුනිසෙෆ් සමඟ ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ උන්නතියට සහය දක්වයි
ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් යුනිසෙෆ් ආයතනය සමඟ ගොඩනඟා ගත් හවුල්කාරිත්වයක් යටතේ මීට දින කිහිපයකට පෙර කොමර්ෂල් බැංකුව විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම පිහිටි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද මුතුකුමාරණ පෙර පාසල සිසු අයිතියට ලබා දෙනු ලැබුවේ අධ්‍යාපනය කෙරෙහි බැංකුවේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමිනි.
මෙම උත්සවයට සහභාගී වූවන් අතරට කොමර්ෂල් බැංකුවේ ඌව සබරගමුව කලාපය සඳහා ප්‍රාදේශීය කළමනාකරු චාමින්ද කළුගමගේ මහතා සහ මොනරාගල ශාඛාවේ කළමනාකරු උපාලි මාරසිංහ මහතා ඇතුළත් විය. ඊට අමතරව යුනිසෙෆ් සංවිධානය නියෝජනය කරමින් සන්නිවේදන, උපදේශන සහ හවුල්කාරිත්ව ප්‍රධානී බිස්මාර්ක් ස්වැන්ජින් මහතා සහ අධ්‍යාපන නිලධාරී සුගත් අදිකාරම් මහතා සහභාගී විය.
කොමර්ෂල් බැංකුවේ සහයෝගය තුළින් පෙර පාසලෙහි භෞතික යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීම, උසස් තත්ත්වයේ ගෘහ භාණ්ඩ සහ වයසට ගැළපෙන ඉගෙනුම් ද්‍රව්‍ය පිරිනැමීම සහ ක්‍රීඩාව තුළින් ඉගෙනීම සඳහා දරුවන් හට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමටත් හැකි විය.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණු අතර ගුරුවරුන්ගේ ධාරිතා වර්ධනය තුළින් පෙර පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීම, දෙමාපියන් සහ දරුවන් රැකබලා ගන්නන් අතර අවබෝධය වර්ධනය කිරීම සහ තිරසාරභාවය සහතික කිරීම උදෙසා දේශීය හා ජාතික කොටස්කරුවන් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම යන අරමුණු අන්තර්ගත වේ.
කොමර්ෂල් බැංකුවෙහි ආයතනික හා සමාජ වගකීම් භාරයේ උපාය මාර්ගයේ ප්‍රධාන අංශයක් ලෙස අධ්‍යාපනයට තැනක් හිමි වී ඇත. බැංකුව විසින් වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ක් පුරා විහිදුනු පාසල් සඳහා තොරතුරු තාක්ෂණ විද්‍යාගාර 386ක් පරිත්‍යාග කර ඇති අතර STEM කේන්ද්‍ර කරගත් පන්ති කාමර 180ක් නිර්මාණය කිරීමට තම සහයෝගය ලබා දී ඇත. මීට අමතරව, ජාතික ස්මාර්ට් පාසල් වැඩසටහන තුළ කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කරමින් බැංකුව පාසල් 165ක් සඳහා ඩිජිටල් ඉගෙනුම් යටිතල පහසුකම්වලින් සන්නද්ධ කර ඇත. බැංකුව විසින් ක්‍රියාත්මක කෙරෙන “සිප්නැණ” මාර්ගගත අධ්‍යාපන ද්වාරය මඟින් ඩිජිටල් ඉගෙනුම් ප්‍රවේශය සංවර්ධනය කිරීම සඳහා ප්‍රායෝගික වීඩියෝ සහ අන්තර්ක්‍රියාකාරී මෙවලම් අන්තර්ගත කරමින් නිර්මාණය කළ ඩිජිටල්කරණය කළ පාසල් විෂයමාලා ඇතුළත් වෙයි.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් මෑතකදී විවෘත කළ කොමර්ෂල් බැංකුව, ඒ සමඟ බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරක් ගෙන තිබේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.