යොවුන් නවෝත්පාදකයින් දිරිමත් කිරීමට කොමර්ෂල් බැංකුව ‘Coolest Projects ශ්‍රී ලංකා 2025’ වැඩසටහන සමඟ එක්වෙයි
නවීන තාක්ෂණය තුළින් සැබෑ ලෝකයේ ගැටලුවලට නව්‍ය විසඳුම් නිර්මාණය කිරීම උදෙසා තරුණ දරුවන් දිරිමත් කිරීමේ වැඩසටහනක් සඳහා කොමර්ෂල් බැංකුව සහය ලබා දී ඇත. තාරුණ්‍යයේ අභිලාශයන් බලගැන්වීම හා ඔවුන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් බැංකුව දක්වන කැපවීම තවත් ඔප්නංවමින් කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහයෙන් Coolest Projects ශ්‍රී ලංකා 2025 වැඩසටහන සාර්ථකව පැවැත්විණ.
කොමර්ෂල් බැංකුව සහ Raspberry Pi පදනම එක්ව STEMUP අධ්‍යාපනික පදනම විසින් සංවිධානය කළ මෙම අවස්ථාවට දිවයින පුරා ඉදිරිපත් කරන ලද අයදුම්පත් 200 කට අධික සංඛ්‍යාවකින් තෝරාගත් කැපී පෙනෙන ව්‍යාපෘති 100ක් එක් විය. මෙමගින් ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවන්, තාක්ෂණික දැනුම, සහ ගැටළු විසඳීමේ කුසලතා ප්‍රදර්ශනය කිරීමට ගෝලීය වේදිකාවක් ලැබුණි.
Raspberry Pi පදනමේ නිලධාරීන් හා රටවල් 20කට අධික සංඛ්‍යාවක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහනට ජාත්‍යන්තර වැදගත්කමක් ලබා දෙමින් එම නිලධාරීන් දරුවන් සමඟ සෘජුව ම සම්බන්ධ වී තාක්ෂණික නවෝත්පාදනයේ අනාගතය පිළිබඳව ඔවුන්ගේ ඉදිරි දර්ශනය බෙදාහදා ගන්නා ලදී.
“තරුණ දරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ කුසලතාවයන් වලට සහය වීමෙන් අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට කොමර්ෂල් බැංකුවේ අපි අපේක්ෂා කරමු,” යැයි බැංකුවේ නියෝජ්‍ය සභාපති රාජා සේනානායක මහතා පැවසීය. “Coolest Projects වැනි වැඩසටහන් හරහා තරුණ දරුවන්ට තම අනාගතය හැඩගස්වා ගැනීමට හා සමාජයට ධනාත්මක දායකත්වයක් ලබා දීමට අවශ්‍ය ආත්ම විශ්වාසය සහ දිරිගැන්වීම ලබා දෙයි. එවන් නවෝත්පාදනයේ ගමනකට මෙසේ සහය වීමට ලැබීම අපට භාග්‍යයකි.”
ගෝලීයව පිළිගත් මෙම Coolest Projects වැඩසටහන මගින් සිසුන්ට එදිනෙදා අභියෝග හඳුනා ගැනීමටත්, තාක්ෂණය හරහා ඒවාට නව විසඳුම් යෝජනා කිරීමට අවස්ථාව ලබා දෙයි. මෙම වසරේ ශ්‍රී ලංකාවේ පැවති වැඩසටහනේ දී කෘත්‍රිම බුද්ධිය, රොබෝ විද්‍යාව, තිරසාරභාවය, ඩිජිටල් නිර්මාණකරණය සහ ජංගම යෙදුම් යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ව්‍යාපෘති ඉදිරිපත් විය. නවෝත්පාදනයන් සැමරීමට අමතරව, විශ්වාසය, කණ්ඩායම් හැඟීම මෙන්ම ව්‍යවසායකත්ව හැකියා වර්ධනය කිරීමට ද මෙම වැඩසටහන තුළින් සහභාගී වූවන් දිරිමත් කෙරුණි.
ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

