September 8, 2024
කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දෙවෙනි වසරටත් ‘වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකුව’ ලෙස කිරුළු පළඳී
පුවත්

කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දෙවෙනි වසරටත් ‘වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකුව’ ලෙස කිරුළු පළඳී

Apr 12, 2024

කොමර්ෂල් බැංකුව 2024 SLIM කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවන වසරටත් වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවගේ හදවත්වලට සමීපතම බැංකුවක් වන බව සනාථ කර ඇත.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙම කැපී පෙනෙන සම්මානය බැංකුව වෙත පිරිනමනු ලැබුවේ විවිධ අංශ හරහා පාරිභෝගික මනාපයන් තීරණය කිරීම සඳහා කළ සමීක්ෂණයක ප්‍රතිඵල මත ය.

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) අංශයට වැඩිම ණය සම්පාදනය කරන බැංකුව වන කොමර්ෂල් බැංකු සමූහය 2023 දෙසැම්බර් 31 අවසන් වූ වසර සඳහා රුපියල් ටි‍්‍රලියන 2.656 ක වත්කම්, රුපියල් ටි‍්‍රලියන 2.148 ක තැන්පතු, රුපියල් ටි‍්‍රලියන 1.296 ක ණය කළඹක් සහ රුපියල් බිලියන 341.566 ක දළ ආදායමක් වාර්තා කරන ලදි.

මහජනතාවගේ දෛනික ජීවිතයේදී බැංකුව ඉටුකරන කාර්යභාරයේ වැදගත්කම මහජනතාවගේ ඇගයීමට ලක් වීම, සියලු‍ ම පාරිභෝගික කොටස්වලට අදාළ සහ ප්‍රවේශ විය හැකි නව්‍ය තාක්‍ෂණය පදනම් කරගත් සේවාවන් සමඟින් ඔවුන්ගේ අත්දැකීම් අඛණ්ඩ ව වැඩිදියුණු කිරීමට දක්වන නොපසුබට උත්සාහය හා පාරිභෝගිකයින්ට මෙන්ම විශාල ප්‍රජාවට තිරසාරභාවය තුළින් නොසැලෙන අවධානයක් හරහා ප්‍රත්‍යක්ෂ වෙනසක් ඇති කිරීමට කරනු ලබන කැපවීම මෙම සම්මානයෙන් පිළිබිඹු වන බව බැංකුව පවසයි. බහුභාෂා මඟින් කරන අලෙවිකරණ වැඩසටහන්, ජාතික මට්ටමේ වැසටහන් සඳහා අනුග්‍රහය ලබා දීම සහ ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන්වල පුරෝගාමීව කටයුතු කිරීම තුළින් සියලු‍ ම ප්‍රජාවන් සඳහා බැංකුවේ කැපවීම පැහැදිලි වේ.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව කොමර්ෂල් බැංකුව වේ. දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *