
කොමර්ෂල් බැංකුව සහ ටොයොටා ලංකා හවුල්කාරීත්වයෙන් ටොයොටා වාහන සඳහා ආකර්ෂණීය ලීසිං විසඳුම්
ටොයොටා මගී සහ වාණිජ වාහන ලීසිං කිරීම ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව සහ ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම උපායමාර්ගික හවුල්කාරිත්වයක් දියත් කර ඇත. මේ තුළින් ශ්‍රී ලංකාවේ නව ලීසිං විසඳුම් ලබා දීමේ ප්‍රමුඛයෙකු ලෙස තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට බැංකුව සමත් වී ඇත.
මෙම සහයෝගිතාවය යටතේ, කොමර්ෂල් බැංකුව ටොයොටා වාහන සඳහා ලීසිං පහසුකම් ලබා ගන්නා ගනුදෙනුකරුවන් හට සුවිශාල ප්‍රතිලාභ පරාසයක් අත්විඳීමට හැකියාව පවතියි. ආකර්ශනීය පොලී අනුපාත, මනාප අනුපාතවලට යටත් වූ වසර අටක් දක්වා විශේෂයෙන් දීර්ඝ කළ ආපසු ගෙවීමේ කාලයක් සහ මෙම කල්බදු හා සම්බන්ධ ව බැංකුව විසින් නිකුත් කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා සම්බන්ධ වීමේ ගාස්තු නිදහස් කිරීමක් සහ වසර දෙකක වාර්ෂික ගාස්තු සහනයක් මෙම ප්‍රතිලාභයන්ට ඇතුළත් වෙයි.
ටොයොටා ලංකා සමාගම විසින් නොමිලේ වාහන ලියාපදිංචි කිරීම, පළමු සම්මත සේවා තුන සහ වසර තුනක් හෝ කිලෝමීටර් 100,000 ආවරණය වන නිෂ්පාදකයාගේ වගකීමක් ලබා දීමට සූදානමින් සිටී.
මෙම විශේෂ ලීසිං ප්‍රවර්ධන වැඩසටහන 2025 දෙසැම්බර් 31 වන දින දක්වා වලංගු වන අතර කොමර්ෂල් බැංකුවේ පුළුල් ශාඛා ජාලය හරහා දිවයින පුරා ක්‍රියාත්මක වෙයි. ගනුදෙනුකරුවන්ට ටොයොටා මගී සහ වාණිජ වාහන සමස්ත පරාසයෙන් තෝරා ගැනීමේ හැකියාව හිමි වන අතර එක් එක් ගනුදෙණුකරුවන්ගේ ඒක පුද්ගල ආදායම් රටාවට ගැලපෙන ලෙස නිර්මාණය කර ඇති ආපසු ගෙවීමේ විකල්ප ක්‍රම හරහා ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ද හිමි වනු ඇත.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් බැංකුව මෑතකදී විවෘත කළ අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.