
කොමර්ෂල් බැංකුව, ඉන්දිරා පිළිකා භාරය සමඟ ශ්‍රී ලංකාව තුළ පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම සඳහා අත්වැල් බැඳගනී
කාන්තාවන් සවිබල ගැන්වීම හා ප්‍රජා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වන කොමර්ෂල් බැංකුවේ ආයතනික හා සමාජයීය වගකීමෙ හි කොටසක් ලෙස පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම උදෙසා රට පුරා පැවැත්වෙන වැඩසටහන් මාලාවක් වන TLC (Touch|Look|Check) – ට්‍රයැත්ලෝන් 2025 හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කොමර්ෂල් බැංකුව ඉන්දිරා පිළිකා භාරය (ICT) සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇත.
මෙම කර්තව්‍යය හරහා ඔක්තෝම්බර් මාසය තුළ පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම ඉස්මතු කිරීම වෙනුවෙන් ක්‍රීඩාවේ වැදගත්කම සහ සෞඛ්‍ය අධ්‍යාපනය ඒකාබද්ධ කරමින් TLC ට්‍රයැත්ලෝන් 2025 තරඟය පැවැත්වේ. පියයුරු ස්වයං පරීක්ෂාව පිළිබඳ පණිවිඩය මහජනතාව අතරට ගෙන යාම වෙනුවෙන් පැවැත්වෙන දිවයිනේ ප්‍රථම ජාතික මට්ටමේ තුන් ඉරියව් තරඟ මාලාව මෙය වනු ඇත. පිහිනීම, බයිසිකල් පැදීම සහ දිවීම යන ක්‍රීඩා වල එකතුවෙන් කිලිනොච්චිය, මඩකලපුව, මාතර සහ කොළඹ යන නගර හතර පුරාවට මෙම තරඟාවලිය සංවිධානය වේ. ක්‍රීඩා ඉසව්වලට අමතරව, පියයුරු පිළිකාවේ මුල් සළකුණු සඳහා ස්වයං-පරීක්ෂා කිරීම සඳහා ඇති ඵලදායී ක්‍රමයක් වන TLC ක්‍රමය පිළිබඳව, සෞඛ්‍ය සේවා වෘත්තිකයින් සහ පුහුණු ස්වෙච්චා සේවකයින් විසින් සජීවී නිරූපණ ද උපයෝගී කර ගනිමින් සහභාගී වන්නන් දැනුවත් කරනු ඇත.
ඔක්තෝබර් 5 වන දින කිලිනොච්චියේ රොඩි්‍රගෝ ක්‍රීඩාංගනය, ඔක්තෝබර් 12 වන දින මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගනය, ඔක්තෝබර් 19 වන දින මාතර කොටවිල ක්‍රීඩාංගනය, සහ ඔක්තෝබර් 26 වන දින කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය යන ස්ථාන වලදී මෙම වැඩසටහන් පැවැත්වීමට නියමිතව ඇත. දැනුවත්භාවය සහ ප්‍රජා සහභාගීත්වය උදෙසා ප්‍රබල වේදිකාවක් ගොඩනගමින් මෙම සුවිශේෂී තරඟාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,000 කට වැඩි පිරිසක් සහ ප්‍රේක්ෂකයන් 10,000 කට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දැනට වාර්තා වන පරිදි ශ්‍රී ලංකාව තුළ දිනකට, නව පියයුරු පිළිකා රෝගීන් 15 දෙනෙකු හඳුනා ගන්නා අතර කාන්තාවන් 3 දෙනෙකුගේ ජීවිත අහිමි වේ. නමුත් මෙම රෝගය කල් තියා හඳුනා ගැනීම මගින් නිසි ප්‍රතිකාර ලබා සුව වීමට ඇති හැකියාව ඉතා ඉහළ අගයක් ගන්නා බැවින් ස්වයං පියයුරු පරීක්ෂාව මගින් මෙම ජීවිත හානි අවම කර ගැනීමට හා රෝගී තත්වය වළක්වා ගැනීමට හැකියාව ඇත. ඒ අනුව, ස්පර්ශ කරන්න (Touch) | බලන්න (Look) | පරීක්ෂා කරන්න (Check) ලෙස හැඳින්වෙන TLC හි පණිවිඩය, තීරණාත්මක හා ජීවිතාරක්ෂක පිළිවෙතක් වේ.
බැංකුවේ මෙම අනුග්‍රාහකත්වය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: “පියයුරු පිළිකාව ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තාවන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වලට ද බලපෑම් ඇති කරයි. එම ජීවිත බේරා ගැනීම උදෙසා දැනුවත්භාවය හා කල් ඇතිව රෝගය හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වන බව අපි විශ්වාස කරන්නෙමු. කාන්තාවන් සවිබල ගැන්වීමට මෙන් ම ප්‍රජාවගේ යහපැවැත්මට සහය දීමේ දී දැඩි කැපවීමකින් කටයුතු කරන බැංකුවක් ලෙස මෙම සුවිශේෂී කර්තව්‍යය වෙනුවෙන් ඉන්දිරා පිළිකා භාර අරමුදල සමඟ හවුකාරීත්වයක් ඇතිකර ගැනීමට හැකි වීම අපට ඉමහත් ගෞරවයකි. TLC ට්‍රයැත්ලෝන් සමඟ එක් වී රට පුරා දැනුවත් කිරීමේ කටයුතු සිදු කිරීමටත්, ස්වයං පරීක්ෂාවේ සරල නමුත් තීරණාත්මක පියවර ගැනීමට කාන්තාවන් දිරිමත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙමු.”
ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.