කොමර්ෂල් බැංකුව හා Gnext වෙතින් ඇපල් උපාංග මිල දී ගැනීම සඳහා මාස 18 පොලී රහිත ණය පහසුකම්
නවතම ඇපල් උපාංග මිල දී ගැනීමේ අපේක්‍ෂාවෙන් සිටින ගනුදෙනුකරුවන්ට ඒ සඳහා අවස්ථාව උදාකර දීමට කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ඇපල් බලයලත් අලෙවි නියෝජිතයෙකු වන Gnext Store සමග හවුල්කාරීත්වයකට එළඹ ඇත.
මෙම හවුල්කාරීත්වය හරහා ගනුදෙනුකරුවන්ට නවතම iphone, Macbook, ipad සහ apple watch වැනි උපාංග මිලදී ගැනීමේදී මුළු පිරිවැයම මූලික ගෙවීමකින් තොරව කොමර්ෂල් බැංකුවෙන් පුද්ගලික ණයක් ලෙස ලබා ගැනීමට හැකිවන අතර එම මුළු මුදල මාස 18ක් ඇතුළත පොලී රහිතව සමාන මාසික වාරික මගින් ආපසු ගෙවා නිම කිරීමේ හැකියාව ඇත. තවද ගනුදෙනුකරුවන්ගේ පහසුව සලකා ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා වේගවත් කර ඇති බව බැංකුව පවසයි.
මෙම ණය පහසුකම සඳහා තවත් වටිනාකමක් එක් කරමින් Gnext Store ආයතනය මෙම ණය ක්‍රමය හරහා ඇපල් උපාංග මිලදී ගන්නා පළමු ගනුදෙනුකරුවන් 100 දෙනාට නොමිලේ Airpod යුගලයක් පිරිනමනු ලැබේ. තවද Gnext Store ආයතනය විසින් මෙම උපාංග පාරිභෝගිකයින්ගේ නිවසටම ගැනවිත් භාරදෙනු ලබයි.
එමෙන්ම iPhone 16 මාදිලියේ ගැනුම්කරුවන්හට තිර ආදේශන දෙකක්, පසුපස ආවරණ ආදේශන දෙකක් සහ අමතර වසරකින් දීර්ඝ කරන ලද වගකීමක්, එනම් පූර්ණ වශයෙන් වසර දෙකක කාලයක් සඳහා අලෙවියෙන් පසු ආරක්ෂාවක් සහතික කෙරේ.
කොමර්ෂල් බැංකුවේ මෙම හවුල්කාරීත්වය පාරිභෝගිකයින්හට නව්‍ය මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා උසස් තත්ත්වයේ ගෝලීය වෙළඳ නාම සමඟ සම්බන්ධ වීමේ උපාය මාර්ගික ප්‍රවේශය පිළිඹිඹු කරයි. මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් උපාංග මූල්‍යකරණයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, වැඩි ගනුදෙනුකරුවන් පිරිසකට ඇපල් නිෂ්පාදනවල ක්‍රියාකාරීත්වය, සැලසුම සහ විශ්වාසනීයත්වය ආදී ගුණාංග සියල්ල මූල්‍යමය පීඩනයකින් තෙරව භුක්ති විඳීමට ඉඩ සලසා දෙන බව බැංකුව පවසයි.
ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

