February 16, 2026
කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පළමු වරට මාස්ටර්කාඩ් කාඩ්පත් හිමියන් සඳහා Google Pay ගෙවීම් සේවාව හඳුන්වා දෙයි
පුවත්

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පළමු වරට මාස්ටර්කාඩ් කාඩ්පත් හිමියන් සඳහා Google Pay ගෙවීම් සේවාව හඳුන්වා දෙයි

Feb 16, 2026

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා Google Pay සේවාව සක්‍රීය කරමින් කොමර්ෂල් බැංකුව තාක්ෂණය, නවෝත්පාදනය සහ ගනුදෙනුකරුවන්ට වඩාත් දියුණු බැංකුකරණ අත්දැකීම් ලබා දීම යන අංශ තුළ ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කර ඇත.

මෙම හඳුන්වාදීමත් සමඟ, කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ලද මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට දැන් ඔවුන්ගේ කාඩ්පත් Google Pay ගෙවීම් යෙදුමට එකතු කර NFC – සක්‍රීය වූ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයෙන් ආරක්ෂිත, කාඩ්පත් රහිත නැතහොත් ‘tap & go’ ක්‍රමවේදයට ගනුදෙනු කිරීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකාව සහ මාස්ටර්කාඩ් කාඩ්පත් පිළිගන්නා ඕනෑම රටක හෝ අන්තර්ජාතික ප්‍රදේශයක ඇති ගෙවීම් කවුළු වලදී බාධාවකින් තොරව කාඩ්පත් රහිතව ගෙවීම් සිදු කිරීමේ හැකියාව ලැබේ.

මෙම විසඳුම තුලින්  සිදුකරන සෑම ගනුදෙනුවක් ම ආරක්ෂා කිරීම සඳහා දියුණු ටෝකනකරණ තාක්ෂණය උපයෝගී කරගනු ලබයි. කාඩ්පත් අංකය ආරක්ෂිත ඩිජිටල් ටෝකන මගින් ප්‍රතිස්ථාපනය කරනු ලබන අතර මෙමගින් තොරතුරු තෙවන පාර්ශව පුද්ගලයන් අතට නොයාම සහ ගෙවීම් උපාංග තුළ ගබඩා නොවන බව එයින් සහතික කරයි. සෑම කාඩ්පතක්ම one time passwords මුරපදවලින් හෝ බැංකුවේ සත්‍යාපනය හරහා සනාථ කර ඇති අතර, ගෝලීය ආරක්ෂක ප්‍රමිතීන්ට අනුව එදිනෙදා ගෙවීම් සිදුකිරීමේ සුවපහසු අත්දැකීමක් ලබා දෙයි. 

මෙම නව හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය: “ශ්‍රී ලංකාවට පළමු වරට Google Pay සේවාව හඳුන්වා දුන් කොමර්ෂල් බැංකුව, එම සේවාව මාස්ටර්කාඩ් කාඩ්පත් හිමියන් සඳහා ද ලබා දීමට පුරෝගාමී වී කටයුතු කිරීමෙන් පෙන්වනු ලබන්නේ ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය සමග ලොව පිළිගත් ඩිජිටල් ගෙවීම් සේවා අපගේ ගනුදෙනුකරුවන්ට ගෙන ඒමට ඇති අපගේ අධිෂ්ඨානය සහ කැපවීමයි. මෙම හඳුන්වාදීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් සේවා භාවිතය ප්‍රචලිත කිරීමේ ප්‍රවර්ධක බලවේගයක් ලෙස අපගේ භූමිකාව තවදුරටත් ශක්තිමත් කරන අතර, අපගේ ගනුදෙනුකරුවන්ට විශ්වාසයෙන්, වේගයෙන් සහ සරලව ජාත්‍යන්තරව ගනුදෙනු කිරීමේ නිදහස ලබා දෙයි. කොමර්ෂල් බැංකුව සැම විටම පාරිභෝගිකයන්ගේ දෛනික ජීවිතයේ පහසුකම් වැඩිදියුණු කරන, ආරක්ෂිත සහ ප්‍රායෝගික විසඳුම් සැපයීම පිළිබඳ නිරන්තරයෙන් කැපවෙන  අතර, එමඟින් රටේ මූල්‍ය පද්ධතිය ඉදිරියට ගෙන යාම අපගේ අරමුණ වේ.”

මාස්ටර්කාඩ්හි ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා දේශීය කළමනාකරු සඳුන් හපුගොඩ මහතා ද මෙසේ අදහස් දැක්වීය: “මෙම නව හඳුන්වා දීම මඟින් කොමර්ෂල් බැංකු ගනුදෙනුකරුවන්ට සහ මාස්ටර්කාඩ් කාඩ්පත් හිමියන්ට, ආරක්ෂාකාරීව සහ පහසුවෙන්ම  ඔවුන්ගේ කාඩ්පත් Google Pay ගෙවීම් සේවාව වෙත එකතු කිරීමෙන්, දේශීයව සහ ජාත්‍යන්තරව ‘Tap & Go’ පහසුකම විශ්වාසයෙන් යුතුව භාවිතා කළ හැකිය. මෙම සේවාව භාවිත කිරීමේදී ටෝකනකරණ තාක්ෂණය මඟින් කාඩ්පත් තොරතුරු ආරක්ෂා කරන බැවින්, ලංකාවේ පමණක් නොව ලොව පුරා රටවල් සහ ප්‍රදේශ 210කට අධික සංඛ්‍යාවක ඉතාම සුරක්ෂිතව හා පහසුවෙන් ගනුදෙනු කිරීමේ හැකියාව ද ලබා දෙයි. තවද, ශ්‍රී ලංකාවේ සිදුකරන සෑම කාඩ්පත් රහිත මාස්ටර්කාඩ් ගනුදෙනුවක් හරහාම ටේ්‍රල් පිලිකා රෝහල ගොඩනැගීම සඳහා දායකත්වයක් ලබා දෙන අතර මෙම සමාජමය දායකත්වය මඟින් ඩිජිටල් ගෙවීම් දෛනික භාවිතයෙන් ඔබ්බට ගොස් දිගුකාලීන සමාජ මෙහෙවරක් ඇති කළ හැකි බව පෙන්වා දෙයි. මෙය ‘Doing Well by Doing Good’  යන මාස්ටර්කාඩ්හි කැපවීම පිළිඹිබු කරයි.”    

ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close