
කොමර්ෂල් බැංකුව තම ඩිජිටල් නිෂ්පාදන භාවිතය උතුරු ප්‍රදේශයේ ප්‍රවර්ධනය කරයි
මෙරට ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රයට සහය දෙමින් තම ප්‍රමුඛතම ඩිජිටල් වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ සඳහා කලාපීය සම්බන්ධතා වැඩි දියුණු කිරීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුව විසින් යාපනයේදී ඩිජිටල් බැංකුකරණය වේගවත් කිරීමට ‘උතුර සවිබලගන්වමු’ නමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීය.
යාපනයේ තින්නායි හෝටලයේදී පැවැති මෙම වැඩසටහන, බැංකුවේ උතුරු කලාපීය කාර්යාලය හා මධ්‍යම මෙහෙයුම් ඒකකය යන අංශවල සහයෝගයෙන් බැංකුවේ ඩිජිටල් මෙහෙයුම් අංශය මගින් සංවිධානය කරන ලද අතර එයට ගනුදෙනුකරුවන්, ජ්‍යෙෂ්ඨ බැංකු නිළධාරීන් මෙන් ම විවිධ ව්‍යාපාරික ඒකකවල නියෝජිතයින් ද සහභාගී විය.
කොම්බෑන්ක් ඩිජිටල් හි විශේෂාංග හා සේවාවන්, සහ බැංකුවේ අනෙකුත් ඩිජිටල් නිෂ්පාදනවල සම්පූර්ණ විෂය පථය පිළිබඳව සහභාගීවන්නන් දැනුවත් කිරීම සඳහා මෙම වැඩසටහන සැලසුම් කර තිබූ අතර එම සේවාවන් වෙත ප්‍රවේශ වීමේ හැකියාව සහතික කිරීම සඳහා දේශීය භාෂාවෙන් ආදර්ශන හා ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී. එම ප්‍රදේශයේ පුද්ගලයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ආයතනවල මූල්‍ය කාර්යක්ෂමතාව හා මූල්‍ය ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා බිල්පත් ගෙවීම්වල සිට H2H (Host-to-Host) සහ කොම්බෑන්ක් Trade Link වැනි ඉහළ සේවාවන් දක්වා වන දෛනික මූල්‍ය මෙහෙයුම්වලට මෙම ඩිජිටල් වේදිකාව බාධාවකින් තොරව ඒකාබද්ධ කළ හැකි ආකාරය එහිදී ඉදිරිපත් කරන ලදී.
එම ඉදිරිපත් කිරීමේ සැසියෙන් අනතුරුව, පැවති භෝජන සංග්‍රහයක දී බැංකු නියෝජිතයින් සමඟ සෘජුව ම සම්බන්ධ වීමටත්, කොම්බෑන්ක් ඩිජිටල් සමඟ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට මෙන් ම තම අදහස් දැක්වීමට ද සහභාගීවන්නන්ට අවස්ථාව ලැබුණි. පාරිභෝගික බැංකු හා ආයතනික ගැනුම්කරුවන්ට ලබා ගත හැකි ඩිජිටල් බැංකුකරණ විසඳුම් පිළිබඳව ගනුදෙනුකරුවන්ගේ අවබෝධය පුළුල් කිරීමට මෙම අන්තර්ක්‍රියාකාරී ආකෘතිය හරහා හැකි වූ අතර පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් නව්‍යෝත්පාදනයන් වෙනුවෙන් බැංකුවේ වූ කැපවීම කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට ද හැකි වූ බව බැංකුව පැවසීය.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා මෙසේ පැවසීය: “අපගේ පරිවර්තනීය ගමනේ වැඩි අවධානයක් දිනා ගෙන තිබෙන්නේ අපගේ ඩිජිටල් සේවාවන් ගනුදෙනුකරුවන්ගේ පාමුලටම ගෙන යාමේ කාර්යයයි. මෙම මුලපිරීම් හරහා අපි අපගේ වේදිකාවන් ප්‍රදර්ශනය කරනවා පමණක් නොව, ප්‍රදේශය නොසලකා සෑම ගනුදෙනුකරුවෙකුටම අපගේ ඉතා දියුණු ඩිජිටල් මෙවලම්වලින් ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ඇති බවට ද සහතික කරන්නෙමු. මෙවැනි වැඩසටහන් හරහා අපට දේශිය අවශ්‍යතා සපුරාලීමට හැකියාව ලැබෙන අතර ම, එමගින් ඩිජිටල් භාවිතයන් හරහා සංවර්ධනය කළ හැකි ප්‍රදේශවල තාක්ෂණය භාවිතා කිරීම ද දිරිමත් කරයි.” කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් බැංකුව මෑතකදී විවෘත කළ අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.