LMD 2025 සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුවට වැඩිම සම්මාන සංඛ්‍යාවක්
LMD සඟරාව 2024 වසරේ දී, ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී ආයතනය ලෙස කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රේණිගත කර ඇත. මෙම සම්මාන ලැයිස්තුව සම්පාදනය කිරීම සඳහා LMD හි සංස්කරණයන් වන සන්නාම විශිෂ්ටතාව (Brands Annual) වඩාත්ම ගෞරවාදරයට පත් ආයතනය (Most Respected), ආයතනික සන්තුෂ්ඨි දර්ශකය (Corporate Happiness Index) සහ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන (Best Workplaces in Sri Lanka) ඇතුළුව ආයතනික ජීවිතය (Corporate Life) සහ LMD 100 ශ්‍රේණිගත කිරීම යනාදිය සැලකිල්ලට ගෙන ඇත.
ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

