June 1, 2025
කොමර්ෂල් බැංකුවෙහි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ වොෂිංටන් හිදී බංගලාදේශයේ සහ මාලදිවයිනේ මහ බැංකු ප්‍රධානීන් හමු වෙයි
පුවත්

කොමර්ෂල් බැංකුවෙහි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ වොෂිංටන් හිදී බංගලාදේශයේ සහ මාලදිවයිනේ මහ බැංකු ප්‍රධානීන් හමු වෙයි

Nov 6, 2024

කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා සහ බැංකුවේ කළමණාකරණ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා පසුගියදා වොෂින්ටන් හි පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව බංගලාදේශයේ සහ මාලදිවයිනේ මහ බැංකු ප්‍රධානීන් සමඟ සාකච්ඡා පැවැත්වීය.

බංගලාදේශ බැංකුවෙහි ප්‍රධානී, ආචාර්ය අහ්සාන් එම්. මන්සුර් මහතා සහ මාලදිවයිනේ මූල්‍ය අධිකාරියේ (MMA) ප්‍රධානී අහමඩ් මුනවර් මහතා සමඟ පැවත්වූ සාකච්ඡාවල දී, බංගලාදේශය සහ මාලදිවයින තුළ කොමර්ෂල් බැංකුවේ මෙහෙයුම් සහ එම රටවල් වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ කැපවීම පිළිබඳව මෙන් ම අනොන්‍ය අදාලත්වයක් ඇති මාතෘකා ආවරණය විය.

කොමර්ෂල් බැංකුව 2003 වර්ෂයේ නොවැම්බර් මාසයේදී බංගලාදේශයෙහි සිය පළමු ජාත්‍යන්තර බැංකු ව්‍යාපෘතිය ලෙස Credit Agricole Indosuez (CAI) හි බංගලාදේශ මෙහෙයුම් අත්පත් කර ගන්නා ලදි. ශාඛා 11ක්, විශේෂිත වෙරළබඩ බැංකු ඒකක දෙකක්, SME මධ්‍යස්ථාන හයක් සහ එක්සත් ජනපද තානාපති කාර්යාලය තුල සේවා කුටියකින් සමන්විත මෙම බැංකු මෙහෙයුම පසුගිය වසර 14 තුළ Credit Rating Information and Services Ltd Credit Rating Information and Services Ltd (CRISL) වෙතින් ‘AAA’ ණය ශ්‍රේණිගත කිරීම බංගලාදේශයේ බැංකුවක් ලැබූ දුර්ලභ ජයග්‍රහණයකි.

අංග සම්පූර්ණ පළමු පෙළ බැංකුවක් වන මාලදිවයිනේ කොමර්ෂල් බැංකුව, කොමර්ෂල් බැංකුවේ අනුබද්ධිත ආයතනයකි. එම බැංකුව 2016 වර්ෂයේ දී මාලදිවයිනේ Tree Top Investments සමඟ හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන ලදි.

1 Comment

  • I am extremely impressed together with your writing abilities as well as with the layout to your blog. Is this a paid subject or did you customize it your self? Either way stay up the nice quality writing, it’s rare to look a nice blog like this one today!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close