කොමර්ෂල් බැංකු කාඩ්පත් හිමියන්ට අවුරුදු උත්සව සමයේ 70% දක්වා විශේෂ වට්ටම්
කොමර්ෂල් බැංකුව විසින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා පිහිටි පුළුල් වෙළඳසැල් ජාලයක් හරහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 70% ක් දක්වා වූ වට්ටම් ලබා දෙනු ඇත.
2026 අප්‍රේල් 30 වන දින දක්වා පැවැත්වෙන මෙම වාර්ෂික ප්‍රවර්ධන වැඩසටහන බැංකුවේ කාඩ්පත් සඳහා වන විශාලතම පිරිනැමීම වේ. මේ සඳහා සිල්ලර වෙළඳසැල් 4,000 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් වෙළඳ හවුල්කරුවන් 579 කට වැඩි පිරිසක් සම්බන්ධ වේ. එමඟින් කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන්ට උත්සව සමයේදී විවිධ ජීවන රටා කාණ්ඩ හරහා පුළුල් පරාසයක ඉතුරුම් අවස්ථා ලබා දේ.
මෙම ප්‍රවර්ධන වැඩසටහන අවුරුදු සාප්පු සවාරි සහ සැමරුම් ආශ්රිත වෙළඳ අංශ පුළුල් පරාසයක් ආවරණය කරනු ලබයි. ඇඳුම් පැළඳුම්, විලාසිතා සහ උපාංග ක්ෂේත්රයේ හවුල්කරුවන් 221 ක්, සපත්තු සහ සම්භාණ්ඩ අලෙවි හවුල්කරුවන් 20 ක්, ස්වර්ණාභරණ අලෙවිකරුවන් 17 ක්, ජීවන රටා ආශ්රිත නිෂ්පාදන අලෙවිකරුවන් 69 ක්, රූපලාවන්‍යාගාර, ස්පා සහ රූපලාවන්‍ය හවුල්කරුවන් 11 ක්, ඔරලෝසු සහ උපාංග අලෙවිකරුවන් පස් දෙනෙකු සහ මාර්ගගත සාප්පු සවාරි හවුල්කරුවන් 80 ක් මෙයට ඇතුළත් වේ. සුපිරි වෙළඳසැල් දාම හතරක්, සෞඛ්‍ය සේවා හවුල්කරුවන් 17 ක්, භෝජනාගාර ආයතන 38 ක්, මෝටර් රථ ආශ්රිත අලෙවිකරුවන් හයක්, හෝටල් හවුල්කරුවන් 90 ක් සහ ප්‍රවර්ධනය සඳහා සහභාගී වන පොත් සාප්පුවකින් ද කාඩ්පත් හිමියන්ට මෙම වට්ටම් භුක්ති විඳිය හැක.
මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ, සහභාගී වන සෑම වෙළඳ හවුල්කරුවෙකුම සති හයක ප්‍රවර්ධන කාලය තුළ නිශ්චිත දිනවලදී කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හරහා සුවිශේෂී වට්ටම් ලබා දෙනු ඇත. වෙළඳසැලට යාමෙන් හෝ මාර්ගගත ක්‍රමයෙන් මෙම දීමනා ලබා ගත හැකි අතර, එමඟින් ගනුදෙනුකරුවන්ට පුද්ගලිකව හෝ ඩිජිටල් වේදිකා හරහා ගනුදෙනු ඔස්සේ මෙම ප්‍රයෝජනය ලබා ගැනීමට හැකි වේ.
කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධාන කළමනාකාරු සීවලි වික්‍රමසිංහ මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ වැදගත්ම උත්සව සමය තුළ ගනුදෙනුකරුවන්ට අර්ථවත් ඉතිරිකිරීම් සහ ගනුදෙනු කිරීමේ පහසුවක් ගෙන ඒම සඳහා නිර්මාණය කර ඇති බැංකුවේ විශාලතම ප්‍රවර්ධන වැඩසටහන අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන බවයි.
මෙම වසරේ ප්‍රවර්ධන වැඩසටහන මගින් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා විශාලම අවුරුදු දීමනා එකතුව ඉදිරිපත් කරයි. එමඟින් වෙළඳ හවුල්කාරිත්ව පරාසය පුළුල් කිරීම සහ ගනුදෙනුකරුවන්ට වැඩි වටිනාකමක් ලබා දීමට බැංකුව දරන අඛණ්ඩ උත්සාහය ද පිළිබිඹු වන්නේ යැයි, ප්‍රකාශ කළේය.

