September 12, 2025
කොමර්ෂල් බැංකුව වෙළඳපල ප්‍රාග්ධනීකරණය ඇ.ඩො බිලියන 1ක් ඉක්මවූ පළමු ශ්‍රී ලාංකික බැංකුව බවට පත්වෙයි
පුවත්

කොමර්ෂල් බැංකුව වෙළඳපල ප්‍රාග්ධනීකරණය ඇ.ඩො බිලියන 1ක් ඉක්මවූ පළමු ශ්‍රී ලාංකික බැංකුව බවට පත්වෙයි

Aug 29, 2025

ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව බවට පත්වීමේ සන්ධිස්ථානය සැමරීම සඳහා, කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) උත්සවාකාර ආරම්භක සීනුව නාද කිරීම කොමර්ෂල් බැංකුව විසින් සිදු කරන ලදී.

බැංකුවේ මූල්‍ය හා මෙහෙයුම් නායකත්වය තවදුරටත් ශක්තිමත් කරන බැංකු ඉතිහාසයේ මෙම කැපී පෙනෙන සන්ධිස්ථානය සනිටුහන් කිරීමට සංවිධානය කරන ලද මෙම සංකේතාත්මක උත්සවයට කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහභාගී විය.

2024 දෙසැම්බර් මස අවසානයේ රු. 144.75 ක් ලෙස වාර්තා වූ බැංකුවේ කොටසක අගය 2025 අගෝස්තු 19 වන දින ගණුදෙණු අවසානයේ රු. 196.75 දක්වා ඉහළ යාමත් සමඟ බැංකුවේ වෙළඳපල ප්‍රාග්ධනීකරණ වටිනාකම සන්ධිස්ථානාත්මකව ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවා ගියේය.

“ඇමරිකානු ඩොලර් බිලියනයක සීමාව ඉක්මවා යාම කොමර්ෂල් බැංකුව විශාල ප්‍රාග්ධනීකරණ සමාගම් ක්ෂේත්‍රයට ගෙන යයි. මෙයින් ගෝලීය ප්‍රාග්ධන වෙළඳපොළවල් තුළ අපගේ දෘශ්‍යතාව වැඩි දියුණු කරන අතර ආයතනික ආයෝජකයින් සහ දර්ශක අරමුදල් සඳහා අපගේ ප්‍රවේශය පුළුල් කරයි,”‍ යනුවෙන් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා අදහස් දැක්වීය. “වෙළඳපොළ පිළිගැනීම වැඩි කිරීමට අමතරව, විශාල වෙළඳපල ප්‍රාග්ධනීකරණය ප්‍රාග්ධන සහ ණය වෙළඳපොළවල් වෙත අපගේ ප්‍රවේශය ද වැඩි දියුණු කරයි. එමඟින් අපට නව අවස්ථා හඹා යාමට, නවෝත්පාදනයන් සඳහා ආයෝජනය කිරීමට සහ අපගේ කොටස් හිමියන් සඳහා තවත් වටිනාකම් නිර්මාණය කිරීමට හැකියාව ලැබේ.”‍

කොළඹ කොටස් වෙළෙඳපොළේ සභාපති දිමුතු අබේසේකර මහතා පැවසුවේ කොමර්ෂල් බැංකුව ඩොලර් බිලියනයක සීමාව ඉක්මවා ගිය කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් දෙකක් සමඟ එක්වී ඇති බවත්, එම පරිමාණයෙන් තක්සේරු කරන ලද තුන්වන ශ්‍රී ලාංකික සමාගම බවට පත්ව ඇති බවත්ය. “මෙය බැංකුවට, කොළඹ කොටස් වෙළෙඳපොළට සහ අප රටට ආඩම්බර මොහොතක්. නමුත් එයටත් වඩා වැදගත් වන්නේ, එය අපගේ කොටස් වෙළෙඳපොළ ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ප්‍රබල සංඥාවක් වීමයි, අපගේ වෙළඳපොළට එක්වන සෑම ඩොලර් බිලියනයක වටිනාකමක් සහිත සමාගමක් විශ්වසනීයත්වය ශක්තිමත් කරන නිසාත්, ආයෝජන ආකර්ෂණ පුළුල් කරමින් ගෝලීය ආයෝජන සිතියමේ ශ්‍රී ලංකාව වඩාත් ස්ථිරව ස්ථානගත කරන බැවින් මෙවැනි ජයග්‍රහණ අපගේ ගමනට සෘජුවම දායක වනවා,” යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

“මෙය බැංකුවට සහ අපගේ කොටස් හිමියන්ට අතිශයින්ම වැදගත් සන්ධිස්ථානයක්,” යැයි කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසීය. “එය අපගේ ව්‍යාපාර ආකෘතියේ ශක්තිය සහ අපගේ ආයෝජකයින් අප කෙරෙහි අඛණ්ඩව තබන විශ්වාසය පිළිබිඹු කරයි. අපි සැමවිටම සාධාරණ වර්ධනයක්, ජාතික ආර්ථික හා සමාජීය අවශ්‍යතා සහ අපගේ ගනුදෙනුකරුවන්ගේ අභිලාෂයන් සමතුලිත කිරීම සහ කොටස්කරුවන්ගේ වටිනාකමක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත්තෙමු. මෙම සන්ධිස්ථානය තිරසාර වටිනාකමක් ලබා දීම සඳහා වූ කැපවීමේ ප්‍රතිඵලයකි.”

2025 ජුනි 30 වන දිනෙන් අවසන් වූ මාස හය තුළ සමූහ මට්ටමින් රුපියල් බිලියන 255 ක (8.88%) සහ බැංකු මට්ටමින් රුපියල් බිලියන 242 ක (8.66%) වර්ධනයක් සමඟින් කොමර්ෂල් බැංකුව 2025 දෙවන කාර්තුවේදී වත්කම් රුපියල්  ට්‍රිලියන 3 ඉක්මවූ ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රථම බැංකුව බවට පත් විය.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපලෙහි බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනීකරණය ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ මෙරට සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් මෑතකදී විවෘත කළ කොමර්ෂල් බැංකුව, ඒ සමඟ බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරක් ගෙන තිබේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close