July 1, 2025
කොමර්ෂල් බැංකුව සහ සෙනොක් වෙතින් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සහ උපකරණ සඳහා විශේෂ ලීසිං දීමනා
පුවත්

කොමර්ෂල් බැංකුව සහ සෙනොක් වෙතින් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සහ උපකරණ සඳහා විශේෂ ලීසිං දීමනා

Jun 26, 2025

ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සහ උපකරණ ක්ෂේත්‍රයේ ගෝලීය සන්නාම නියෝජනය කරන සෙනොක් ට්‍රේඩ් කම්බයින් (පුද්ගලික) සමාගම කොමර්ෂල් බැංකුව සමග සහයෝගීතාවයෙන් ඉදිකිරීම් අංශයේ සමාගම්වලට නව උපකරණ ලබා ගැනීම සඳහා දැරිය හැකි ලීසිං පහසුකම් ලබා දී ඇත.

මෙම සංවිධාන දෙක අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම මගින් කොමර්ෂල් බැංකුව විසින් සපයනු ලබන අභිරුචිකරණය කළ ලීසිං පැකේජ යටතේ සෙනොක් වෙතින් JCB සහ Kobelco සන්නාමය සහිත ඉදිකිරීම් උපකරණ ගැනුම්කරුවන්ට විශේෂ ප්‍රතිලාභ මාලාවක් හිමි වනු ඇත. 

මෙම ප්‍රතිලාභ අතරට විශේෂ මිල ගණන් සහ අඩු පොලී අනුපාත, අභිරුචිකරණය කරන ලද ආකර්ශනීය සහ දැරිය හැකි ගෙවීම් සැලසුම් සහ පැය 50, 250 සහ 500 යන පළමු සේවා තුන නොමිලේ ලබාදෙනු ලබයි.

සෙනොක් සමූහයේ පියසටහන දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සහ උපකරණ, වාණිජ වාහන, මෝටර් රථ, තේ, විනෝද කටයුතු, ප්‍රීකාස්ට් ව්‍යාපෘති, පුනර්ජනනීය බලශක්තිය, විශේෂ ව්‍යාපෘති සහ ජීවනෝපාය වැනි විවිධ ව්‍යාපාරික අංශ රැසකට ව්‍යාප්ත වී ඇත.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් බැංකුව මෑතකදී විවෘත කළ අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close